The Mask (වෙස් මුහුණ)

                 අද දෙන්නේ ඇඩෙනකන් හිනාවෙන්න පුළුවන් ෆුල් කොමඩි බයිස්කෝප් එකක්.නියම බයිස්කෝප් එකක්. අනිවා හොදට හිනාවෙන්න පුළුවන්.ෆිල්ම් එක නම් පරණයි. 1994 ජූලි මාසේදි තමා ෆිල්ම් එක නිකුත් උනේ. දන්නවද ෆිල්ම් එකේ රගපාන්නේ කව්ද කියල. ජිම් කැරියර් තමා මේකේ ප්‍රධාන නළුවා. මම හිතන විදිහට මිස්ට බීන්ට පස්සේ ඉන්න හොදම විකට නළුවා වෙන්න ඕනේ.ඔහුට අමතරව Cameron Diaz, Peter Riegert, Peter Greene, Amy Yasbeck කියන නළු නිළියන් පිරිසත් රගපානවා. IMDB රේටින්ස් නම් 6.7 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 101 යි.මේ බයිස්කෝප් එක සම්මාන රාශියක් සදහාද නිර්දේෂ වී තිබුණා. අනිවාර්යෙන්ම කියන්න ඕනේ දෙයක් තියනවා.මේ ෆිල්ම් එකේ ජිම් කැරියර්ගේ රංගනය ඉතාම ඉහළ මට්ටම තියෙනවා. අපේ භාෂාවෙන් කියනවා නම් සුපිරි. මැක්සා. ෆිල්ම් එකත් ඒ වගේමයි. මේ ෆිල්ම් එක නම් මග අරින්න එපා. අනිවාර්යෙන්ම බලන්න.තව පොඩ්ඩෙන් ෆිල්ම් එක ගැන විස්තරයක් දාන්න අමතක වෙනවා.


"ස්ටැන්ලි (ජිම් කැරියර්) නම් තරුණයාට මුහුදේ තිබී අමුතු ආකාරයේ වෙස් මුහුණක් හමුවෙනවා. ඔහු එය තම නිවසට රැගෙන යනවා. රාත්‍රියට ඒ වෙස් මුහුණ පැළදගත්තාම ඔහු විශේෂ බලයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු විසින් මේ වෙස් මුහුණ පැළදගෙන කරන දෑ ගැන තමා මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. මරු වැඩ තමා කරන්නේ. ඒ මොනවද කියලා බලන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම බාගෙන බලන්න."


700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. mediafire links demma nam ela....

    ReplyDelete
  2. අහ්..! මේක නම් මැක්සා ෆිල්ම් එක..

    //චතුවා(ළමයා)

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013