Followe කරන අය

කැමතිනම් අහන්න,බලන්න ලස්සන සිංදු ටිකක්

මම ගහ උඩ !! @ Tree

         මේ දවස් වල නම් නිවනක් නෑ. හැරෙන්නවත් වෙලාවක් නැති තරම්. මමවත් දන්නේ නැතුව මම බිසී වෙලා .මේ ළගදී ආයෙත් මට පොළේ යන්න කියලා ඉහළින් නියෝගයක් ආවා.හප්පේ මම නම් ගත් කටටම බෑ කිව්වා.මතකනේ එක පාරක් පොළේ ගිහින් වෙච්ච සීන් එක.මේ නම් පොළේ ගිය සීන් එකක් නෙමේ. යාළුවෙක් නිසා කාපු කස්ටක්.නිකන් කස්ටක් නෙමේ රජ කස්ටක්..

       මිනිහා හරි කුකුලා.මිනිහට අපි හුරතලේට කියන්නේ පැණියා කියලා. (ඇයි පැණි ගොඩක් නේ) සති දෙකෙන් දෙකට කෙල්ලෝ මාරු කරනවා. ඔක්කොම ඉතින් මූණුපොතේ කෙල්ලෝ.ඔක්කොම උන් මූට අහුවෙනවනේ, ඇයි යකෝ මෙච්චර මේ "අපි වගේ අහිංසක" උන් ඉන්නවා ලව් කරන්න.අපිට අහුවෙන්නේ නැති හැටි විතරක්.කොහොම හරි මූ සෙට් කරගන්න කෙල්ලො මීට් වෙන්නත් යනවා. යන්නේ ඉතින් තනියම නෙමේ අපි වගේ හැඩි දැඩි පොරවල් එක්ක තමා. මොකද ඔය යන ගමන් වල Risk එක වැඩී නොවැ.ඉතින් හදිසි අවස්ථාවලදී විදේශ ආධාර ඕන කරනවනේ.(ගැහුවොත් උස්සගෙන යන්න වගේ)කොහොමහරි මේ ළගදී දවසක උදේ පාන්දරම මූගෙන් කෝල් එකක් ආවා.ඒදා විතරයි ගෙදර ඉන්නේ.නිදාගන්නවත් දෙන්නෙ නෑ මුං.

මම : අලෝ! කවුද මේ උදේම ?
පැණියා : අඩෝ මේ මම පැණියා බං. මේ පොඩි ගමනක් තියෙනවා, යමුද?  
මම : ආ උඹද? උඹලටත් අපිව මතක් වෙන්නේ කොහෝ හරි යන්න ඕන උනාම තමා..
පැණියා : නෑ බං එහෙම කියන්න එපා. අඩෝ වරෙන්කො යන්න.ෆට්ට කෑල්ලක් බං සෙට් උනේ..
මම : හා හා ඉතින් යමන් යමන්. හැබැයි සියළුම පිරිවැය උඹ ගානේ..
පැණියා : හරි හරි .. එළස්. අට වෙද්දී අපේ ගෙදරට වරෙන්..


             මේ දවස් වල ඇදුම් හෝදන්නත් වෙලාවක් නෑ නොවැ. මහ වරුසාවනේ. ගිය සතියට එපිටින් සතියෙද කොහෙද හෝදපු ඇදුමක් තිබ්බා.අන්තිමට හේදුවේ කවද්ද කියලා හරියට මතක නෑ.ඊළග දවසේ ඉදලා ඩයිරි එකේවත් ලියන්න ඕනේ.හප්පේ එකේ පුසුඹ. තිබ්බ ඔක්කොම සුවද ගහන ඒවා ටික දාලා යන්තම් ඇදුම පොෂ් කරගත්තා..
දැන් ඉතින් අපි ගියා කෙල්ල එන්න කිව්ව පොට් එකට. සෑහෙන දිග ගමනක්. එතෙන්ට යන්න අපිට පැය දෙකක් විතර ගියා නොවැ. හප්පේ මරු පොට් එක. සෑ කියලා වැඩැක් නෑ. වැව ගාව හුළං පාර නම් මරු ඉතින්. පැණියාව ඉස්සරහට යවලා මම පස්සෙන් හිටියා. පැණියා දැන් මට ඉස්සරහ බංකුවක වාඩි වෙලා ඉන්නවා.තාම කෙල්ල නෑ. මම පොරට පස්සෙන් ගහකට හේත්තු වෙලා දැන්.හදිසි ආධාර ඕන උනොත් එහෙම ළග පාත ඉන්න එපැයෑ.කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට .පැණියා කිව්ව වගේ හැඩරුව  තියෙන පොෂ් කෙල්ලෙක් මගේ දර්ශණ පථයට අහුවෙන්න ගත්තා.


           කෙල්ල සීන් එකක් නැතුව ඇවිත් පැණියා ගාවින් ඇවිත් ඉද ගත්තා.හරියට කලින් දැනගෙන උන්න වගේ.කවුද ඉතින් දන්නේ මුං දෙන්න මට හොරෙන් කලින් යාළු වෙලා උන්නද කියලා.කොහොමහරි මුං දෙන්නා දැන් පැය දෙකක් විතර කදේ,මං මෙහේ වේලෙනවා.කෝකටත් මං පැණියගෙන් රු 200ක් කලින්ම ඉල්ල ගත්තා.නිකන් මොකටද මගේ ප්‍රතිපාදන ක්ෂය කරගන්නේ. මාත් ඉතින් කඩෙන් අයිස් පලමක් අරගෙන කකා ඉන්නවා. ඔහොම ඉන්නකොට කොල්ලෝ හතරක් පහක් ඇවිත් පැණියවයි, අර කෙල්ලවයි වට කරගත්තා.මාත් දැන ගත්තා දැං නම් බඩු හරි වගේ කියලා. එක පොරක් පැණියගේ බෙල්ලෙන් අල්ලගෙන උස්සලා බිම දැම්මා. මූ නැගිටලා "අඩෝ! සිහිනයෝ දුවපාන්..............කියලා මූ දිව්වා.මම කොහේ දුවන්නද, මම ගහ උඩනේ.....


පාරේ බස් එකේ ඇහෙන කතා

                                අපිත් ඉතින් ඔය පොදු ප්‍රවාහන සේවය භාවිතා කොරන කස්ටිය නොවැ.ඉතින් ඕකේ යනකොට ඇහෙන කතා නම් අනන්තයි.රස කතා,විහිළු කතා,කැත කතා,ලව් කතා,ඇඩෙන කතා එක එක කතා. ඔන්න දැන් ඉතින් කස්ටිය කියන්න එපා මම අනුන්ගේ කතා හොරෙන් අහනවා කියලා. ඇහෙන්න කියනවනම් අහන්නේ නැතුව ඉන්නේ කොහොමෙයි. ඔයාලත් අහලම බලන්නකෝ..

                මේ කතාව ඉස්කෝලේ යන පොඩි ළමයි දෙන්නෙක් කිව්ව කතාවක්.මයෙ හිතේ අටේ හරි නවයේ හරිද කොහෙද,
         "සල්ලි මත්තෙම නැහිලා හරියන්නේ නෑ බං. සල්ලි නෙමේ හම්බ කරන්න ඕනේ මිනිස්සු"


මේවා නම් කිව්වේ කවුද කියලා නම් මතක නෑ. කවුද කිව්වේ කියලා ඔයාලම හිතා ගන්නකෝ...

 "අම්මට සිරි.. අර බලහල්ලකෝ, ෆට්ට කෑල්ල බොලව්" 

 "කෑ නොගහා ඉන්නවා... නැත්තම් දෙනවා දෙකක් "

 " ඊයේ පොඩ්ඩක් වැඩි උනා නේ, ඒකයි උදේ එන්න පරක්කු උනේ.."

"සුදූ අද මම එනකොට රෑ වෙනවා,, දොරවල් වහගෙන නිදාගන්න.."

  " අරූ මහ ෆල් ටෝක් එකක් දුන්නේ.. හරියන්නේ නෑ, පොරට දෙන්න ඕන ගේමක්.."

 "අනේ පැටියො.. කවුරුහරි දැක්කොත් එහෙම.."

 "දොර ගාවින් ඉස්සරහට යන්න.. ඔය දොර තනිවෙන්නේ නෑ..."

  කො‍ටුව... කො‍ටුව... 138 මම හිටිය.....

Powered by mp3skull.com

Robot (2010) - හින්දි සිනමාවෙන්

  හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. බ්ලොග් එක පාලුවට ගිහිල්ලා කියලා දැනුනාම හිතට ලොකු දුකක් ආවේ. කොහෙද මේ ප්‍රශ්ණ එනකොට එන්නේ වැල් පිටින්නේ.ඒ ගැන වැඩක් නෑ අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.

           මේක හින්දි බයිස්කෝප් එකක්.සමහර විට මේක බලපු කට්ටියත් ඇති.බලපු නැති කට්ටිය වෙනුවෙන් මේ ලියන්නේ.මේක නිකුත් උනේ 2010 ඔක්තොම්බර් වල.මේකේ රගපාන්නේ දෙමළ චිත්‍රපට රජු වන රැජින කාන්ත්. ඔහුට අමතරව Aishwarya Rai , Danny Denzongpa , Santhanam , Karunas ඇතුළු නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් නම් 6.6 යි. පැය 2 විනාඩි 35ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.විටෙක ත්‍රාසය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය හොද හින්දි සිනමා සිත්තමකි. බයිස්කොප් එක ගැන හීනියට විස්තරයක් පහළින්..

                 "ඩොක්ටර් වසීගරන් විසින් කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට බොහෝ සෙයින් සමාන රොබෝවෙක් නිර්මාණය කරනවා.මේ රොබෝට මිනිසාට කළ හැකි සියල්ලම පාහේ කළ හැකියි. ඩොක්ටර් වසීගරන් විසින් මේ රොබෝට හැගීම් දැනීම් ලබාදෙනවා. ඒ සමගම මේ රොබෝ මිනිසාට එරෙහිව නැගී සිටීද? කවුද ඉතින් දන්නේ, ඒකට ඉතින් මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා. තව දෙයක් කියන්න ඕනේ බයිස්කෝප් එක ඇතුළේ ලව් ස්ටෝරියකුත් යනවා."

එහෙනම් ඉතින් බාගෙනම බලන්න. ජය වේවා!! 


 700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

නිව් Funny Msg (Part 2)

Eda ree, gedara kawuruwath hitiyeth naha. Mama thaniyama paluwen andata wela nindath,adanindath athara innakota oya awilla mata karapu hariya balannako. Eda oyatanam sonduru reyak wenna athi. Hebai matanam ehema naha. Mama baya una. Nidagaththeth naha. Ude mata wamaneth giya. Mata kema kannath beha. Amma mawa docter kenek gawata ekkan giya. Dan mama jeewath wela mokatada? Docter thamai kiwwe mata DENGU kiyala.Ai maduruwo eda ree awith matama widde?

***********************************************************************

Sir: siripala, api danatamath parakkui.api hariyatama 8 o' clock weddi simionge gedara inna ona. neththam e man apiwa dala yai. harida? 
Siripala: o...ok! sir 
Sir: badu serama lesthida kollo? 
Siripala: yes.. sir 
Sir: karaththe harida siripala? 
Siri: ekanam hari sir.ethme gona? 
Sir: ei, u thama bende nedda? 
Siri; kohoma badinnada sir? 
Sir: ei e ? 
Siri: u thama sms eka balanawa sir !

************************************************************************
Man godak ahinsaka kenek,eth man thamuselata karana udaw thamusela ekekwath danne ne.
Kochchara dewal thibunath thamuseta one mawama kanna neda?
ithin kapan..
mawa huragenama kapan...
-Murunga-

***********************************************************************
Udeta wagema dawalatath,
a wagema ratath,
mata turulu wela hitiya neda oya.
nindedi turulu wela hina dakka.
adaren hadu dunna.
Oyage adum galawala pirisidu karala anduwa.
Mage pana wage hitiya oya ada mage laga na...
kawda yako mage KOTTE gaththa eka...


**********************************************************************
Oya kawadawath hithanna nethuwa ethi mama mehema ahai kiyala oyagen meka ahanna hitiye mita hugak issara mama kawadawath oyagen mehema ahala ne mehema ahuwa kiyala man gena weradiyata hithanna epa eth,..eth meka mata thawa duratath hithe hangagena inna be.mama ahanne oya thamath dath madinne POLMUDDENDA?

**********************************************************************

Girl : ah! ah... himin himi..n! aiyoo!! ridenawa..
Boy : iwasanna patiyoo...
Girl : aa..i keduwa neda.. ara..! leth enawa
Boy : ohoma thamai ane.. issellamane..
Girl : mata nam thawath be..ridenawoooo....
Boy : thawa tikai...
Girl : aa..u oyanam kiyai. matane amaru.
Boy : aa.. onna hari. wade ewarai
Girl : shaaa...danne mata saneepa
Boy : ekane kiwwe..
Girl : oh! loku kattak neda kakule enila tibbe.



ඔබ ඒවිදෝ ආයේ .....

                   හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්බා.ඒ ඔයා හිටිය නිසා.ඒත් අද ඔයා මගේ ළග නෑ. මේ ජීවිතේදී අපේ දෛවය අපි ආසකරන ගොඩාක් දේවල් අපිට ලබාගන්න දෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියේ නෑ.එදා මම නුවර පෙරහැර බලන්න ආවේ මගේ යාළුවොත් එක්ක.මගේ යාළුවොන්ට නම් ඉදගන්න තැන් හම්බ උනා.මට තැනැක් නැතිව එහාට මෙහෙට වේවී ඉන්න කොට තමයි ඔයා අඩගහලා මට ඉදගන්න තැනක් දුන්නේ.මම හිතුවේ නෑ එදා මම සදහටම ඔයා ගාව ඉදගෙන ඉන්න ප්‍රාර්ථනා කරයි කියලා.එදා ඇති වෙච්ච බැදීම අපි දෙන්නටම දිගටම අරගෙන යන්න ඕන උනා.ඒ නිසයි අපි හැමදාම හම්බ උනේ.අපි කොච්චර නම් දවසක් මේ නුවර වැව වටේ ඇවිදගෙන යන්න ඇත්ද..
         
                      " මම ඔයාට ගොඩාක් ආදරෙයි.මම ඔයාව කවදාවත්ම දාලා යන්නේ නෑ සිහින,කවදාවත්ම.. "
                                                
                                එහෙම කියපු ඔයා මගෙන් මෙහෙම ඈත් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.ඔයා මගෙන් ඈත් වෙන්න මම කරපු වැ‍රැද්ද මොකක්ද කියලා මම තාමත් දන්නේ නෑ.මම කරපු එකම වැ‍රැද්ද මගේ පණටත් වැඩිය ඔයාට ආදරේ කරපු එකද?ඔයාව හම්බ වෙන්න එන්න මට සල්ලි නැති වුනාම, මගේ පරණ පොත් විකුණලා සල්ලි හොයාගෙන මම ආවේ. ඔයාගේ උපන්දිනේට තෑග්ගක් දෙන්න සල්ලි නැති වෙලේ මගේ සපත්තු දෙක විකුණලා ඔයාට තෑග්ගක් ගත්තේ.එදා ඉදලා මම දැම්මේ රබර් සෙරෙප්පු දෙකක්.මම ඔයා ගැන ගොඩක් හීන මැව්වා තරූ.අපේ අනාගතේ ගැන ගොඩක් හීන මැව්වා.එදා නුවර වැව ලගදී මට ඔයාව හම්බ උනේ අන්තිම වතාවට කියලා මම දැනගෙන උන්නේ නෑ තරූ.එහෙම දැනගෙන උන්න නම් ඔයාට යන්න දෙන්නෙ නෑ තරූ.

          " මට සමාවෙන්න සිහින..මට තවත් ඔයාට බොරු කරන්න බෑ..ඔයාගේ බලාපොරොත්තු නැති කළාට මට සමාවෙන්න,අනේ හේතුව මොකක්ද කියල නම් මගෙන් අහන්න එපා.ප්ලීස් මාව අමතක කරන්න "

                                     ඔයා මට එක වචනයක්වත් කියන්න දුන්නේ නෑ.ඔයා කියාගෙන කියාගෙන ගියා.මම කතා කරන්න හැදුවත් මට වචන ආවේ නෑ.මගේ ඇස්වලින් පුංචි කදුලු කැට වැ‍ටුනේ ඇයි කියන්න මම දන්නේ නෑ තරූ.මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරපු ඔයා මට කවදාවත් මෙහෙම කියයි කියලා මම හිතුවේ නෑ.මම යන්නම් සිහින කියලා යන්න හදපු ඔයාව නවත්තන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ.මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරිව මම හිටියේ. ඔයා ඈතින් ඈතට යනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුණේ නෑ.මම එතෙන්ට වෙලා ගොඩක් ඇඩුවා තරූ. ඔයා දන්නේ නෑ තරූ. ඈතින් බැහැලා යන ඉර වගේ මටත් නුවර වැවේ ඇතුළටම බැහැල යන්න හිතුණත් මට ඒක කරන්න බෑ තරූ.අපේ නංගිගෙයි අම්මගෙයි ජීවිත තියෙන්නේ මගේ අතේ
එයාලව තනි කරලා මට යන්න බෑ තරූ.
එදයින් පස්සේ අද වෙනකන් මම ඔයාව දැක්කේ නෑ තරූ.මම තාමත් නුවර වැව ඉස්මත්තට යනවා.කවදා හරි ඔයා එයි කියලා බලාපොරොත්තුවෙන්. 



හිත වාවන්නේම නෑ..
ඔබ ආයෙත් එන්නේ නෑ...
මම තාම දන්නේ ඔබ මගේ කියා...


ජායාරූපකරණයේ වෙසෙස්වූ පළමු පියවර



















මේ ජායාරූපය ගැන මොකද හිතෙන්නේ?
 


       මුලින්ම කියන්න ඕන මේවා මේ ෆට්ට ඩිජිටල් කැමරාස් වලින් ගහපු ෆොටෝස් නම් නෙමේ. මගේ ජංගම දුරකතනයෙන් ගත්ත ෆොටෝස්. මේ  ජායාරූප ගැන මොකද හිතෙන්නේ..

The 300 (තුන්සීයේ සටන)

                          
                      දිගු නිහැඩියාවකට පසු ඔන්න සුපුරුදු පරිදි ගෙන ආවේ බයිස්කෝප් එකක්.හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනේ මම ලොකු ප්‍රශ්ණයක හිර වෙලා හිටිය නිසා. තාමත් ඒක විසදිලා නෑ.ඒත් බ්ලොග් එක පාලුවට යවන්න බැරි නිසයි ලිපියක් දාන්නේ. ඒ ගැන කතා ඇති.බයිස්කෝප් එක ගැන කතා කරමු.


                                                        මේ බයිස්කෝප් එක ටිකක් විතර පරණ ඇති.බලපු නැති කස්ටිය වෙනුවෙන් තමා මේ දෙන්නේ.බයිස්කෝප් එක මැක්සා.එළ කිරි.මේක නිකුත් උනේ 2007  මාර්තු වල. මෙහි Gerard Butler, Lena Headey, Dominic West. ඇතුළු බොහෝ රංගන ශිල්පීන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.8 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 117 යි.මෙහි සියලුම රූපගත් කිරීම් පාහේ රූගත කර ඇත්තේ චිත්‍රාගාර තුලයි.නවීන තාක්ෂණය ඉතා සියුම් ආකාරයකට මෙම චිත්‍රපටයට යොදා ගැනීමට Warner Bros සමාගම සමත් වී තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස මෙය හැදින්විය හැකිය.බයිස්කෝප් එක ගැන හීනියට විස්තරයක් මෙන්න.

             "කින්ග් ලෙනොයිඩස්, ස්පාටන්වරු 300ක් සමග 170,000 සමන්විත පර්සියන් හමුදාව හා සටනට ගමන් කරනවා.ස්පාටන්වාරු යනු අභීත රණ ශූරයන්ය.මොවුන් සටනට යන්නේ ඉතා විශාල පර්සියන් හමුදාවක් සමගය. මොවුන් සමග සටන් කරන ස්පාටන්වරුන්ට ජයග්‍රහණය කළ හැකිවේද? නැතිනම් ස්පාටන්වරු සමූල ඝාතනය විය හැකිද? ඔබ සිතූදේ සිදු නොවිය හැක.සිදුවන්නේ කුමක්ද යැයි දැන ගැනීමට නම් මෙම සිනමාපටය නරඹන්න."

700MB පිටපත මෙතනින් බාගන්න!






එක් බියකරු රාත්‍රියක් !!


                                       වේලාව රාත්‍රී දොළහේ කණිසම වැදුණා පමණි. මදක් ඈතින් ඇසෙනා උලමෙකුගේ හඩක් ඇරෙන්නට වෙන කිසිදු හඩක් නොමැත. රාත්‍රියේ මූසල ගතිය එන්න එන්නම වැඩිය.සීතලට මුළු ඇගම වෙව්ලන්ට පටන් ගත්තේය. සීතල නිසා සැගවී සිටි පදුර තුළ තවත් ගුළි වූයෙමි. තවත් කොපමණ වේලාවක් බලා සිටින්නට වේදැයි නොදනමි. මේ සොර භීතිය ආරම්භ වූවා පමණි. අවධානමට පෙර සූදානම යෙහැකැයි හැමෝම කියන්නේය. මමද එසේම විය. මට මදක් ඈතින් වූ පොල් ගස් දෙකක් අතරින් මෑත්වූ අදුරු ජායාවක් මාදෙස බලා සිටින්නට විය. සිතේ යම් කිසි චකිතයක් වූවද එය යටපත් කර ගැනීමට මම උත්සහ කළෙමි. මෙය බිය යැයි ඔබ නොසිතන්න.මා අතෙහි වූයේ හොද හැටි මුවහත් කළ කිණිස්සක් පමණි.ඒ අදුරු ජායාව මොහොතකින් නොපෙනී ගොස් . මම ඒ දෙසට සෙමින් සෙමින් කිට්‍ටු කළෙමි. එහි කිසිවෙක් නොමැත. අසල වූ කෙසෙල් ගසක් හැරෙන්නට.තවත් වේලාවක් මට එහි ‍රැදී සිටීමට සිදුවිය.
                                                          වේලාව මධ්‍යම රාත්‍රී දෙක පසු වූවා පමණි.ඈතින් දිව එන පුද්ගලයෙකුගේ හඩ මට ඇසෙන්නට විය. මම සූදානම් වූයේය. ඔහු මා පසු කළා පමණි. මම උපරිම වෙරගෙන ඔහුගේ කකුල් දෙක වෙත පැන්නෙය. හදිසියේ සිදුවූ දෙයින් තම ශරීරය පාලනය කරගැනීමට නොහැකි වූ ඔහු එතනම බිම අද වැ‍ටුනේය. වහාම ඔහුගේ ඇග උඩඩ ගොඩ වූ මම ඔහුට පහර පිට පහර දෙන්නට වූයේය. ඔහුගේ මුවින් රුධිරය ගලන්නට විය. පහර දීම නවතාලූ මම, ඔහුව අසළ වූ පොල් ගසක බැද දමා ඒ අසළම බිම ඉදගත්තේය.මේ ඉන්නේ ඔහුය. ඔව් ඒ ඔහුමය. මගේ කුකුළ් කො‍ටුවේ බිත්තර හොරාය.

මෙන්න අලුත්ම Funny Msg !!


Ane patiyo sorry
Mama hithala nevei ne kale
Mama denagena hitiyanam karanne ne
Oyata godak ridunada
Math 1 tharahada
Mama danne nethuwane oyage walige pegune..

**********************************************************************

Me de kiyanna mata wena kenek na.so oyata kiyannam.
eya mata ahinsaka vidiyata hinawela bus 1ta 
naginakota mata mokakdo una.eya lagin apu suwada kawadawth amathaka wennathi wei.
mama pissu watuna.eya mage lagata avith kiyapu wachana 2,3 thama ahenawa wage.
"WADE WADE, ISSO WADE".

*********************************************************************

Menna obata mahagu awasthawak.danma obe jangama durakathanayen 119/118 amathumak gena oba kamathima githaya obe hadin gayana kara bogambarata masa 3ka winoda charikawakata ekathu wanna.obata wishesha adum kattalayakda himiwe.danma amathanna.me sadaha kisidu gasthuwak aya nokere.. . . . 


**********************************************************************
VIRUS..
Dawasak podi ekek thaththagen mehema prashnayak ehuwa.
Thaththe...kohomada mama me loketa awe...
ethakota thaththa kiwwa eka danma kiyanna ba kiyala.
ethakota podi eka muna beri karagattha.thaththata dhuka hithuna.ehenam ahagannako...
Dawasak internet cafe ekaka barthroom ekedi mama ammata connect una.
E welawe amma mage memory stick eken download wagayak gaththa.
mama data upload karala iwaraunama thamai apita mathak une kicima firewall ekak on karala na kiyala.
e weddi application eka cancle karannawath delete karannawath pramada wadi.maasa 9kata passe apita lebuna VIRUS eka thamai oya.


***********************************************************************
Girl: mage patiyo..thawa tikai..nawaththanna epa... 
Boy: hmm..moko kediri ganne... 
Girl: pissa..dadiyath dala..agath rath wela oyage patiyo... Boy: oya gauma poddak udata karala alla gannako ane..kakule patalewenawane patiyo... 
Girl: onna ehenam..dan harida.. 
Boy: ammo..athi yantham... 
Girl: moko chandiya hathi danne..papuwath gahenawa... Boy: hathi nadda kelle.. double dala bycikale me maha kande peddama.


************************************************************************
"Mama ada banda.Gedara aya tawama danneth na.mage yaluwo nam dannawa.eyalath math ekka hitiya, katawath kiyanna bari una.tharaha wenna epa.kalin kiyanna bari une hadisi thiranayak nisa.eyata mage hithe gawrawayak thiyenne,adarayak nam hithe na.habay a bawa danenna den na, ekenwath mage hithata sanasimak denuth magawa innawa.oyath eyawa hodata dannawa. mama bende kauruwath nemei 'PIRITH NULAK.THAMATH MAGAWA PARISSAMIN THIYANAWA'!!


************************************************************************

Dear,mage left side 1n oya innakota hitenawa oya kochchara hoda yaaluwekda kiyala.Mage piti passen enakota oya mage hewanella wage.Right hnd side 1n oya mage hema dekatma mage laga kiyala.Oya mage issarahen yanakota hitenawa "PULLI GONA ISSARAHEN MAM PITIPASSEN" kiyala..
Saththai......


************************************************************************
O/L PAPER OF 2O11..
( siyaluma himi kam avirini)
01.malith ta gahanakota chanchala adanne ai?
02.neela kadu gate tiyenne koheda?
03.yayata payanne mona sadada?
04.oya nil nethu ada ma desa nobalanne ai?
05.hade inna hawata api katha karanne kohomada?
06.rathu ratakaju mona patada?
07.remix karala ganne monawada?
08.kadu para ata aine sina senne kawda?
09.mage neth maime idan mata igi karanne kawda?
10.sms kiyawana me MODAYA kawuda ?


 ***********************************************************************
"Poda wasse seethale api ekata thurulu wela hitiya oyata mathakada"
"ira nagena maddahane oya mage sewane hitiya oyata mathakada"
"oya math ekka thaniyama pare yaddi kollo api diha horen balagena hitiya oyata mathakada"
"eda mathaka ada oyata amathaka mama parana nisada"
"Ada oya aluth kenek ekka yanakota mama kohoma Hitha hadagannada......'
"eda men adath ada men hetath mama oyage adaraneeya......
"PARANA KUDAYA"
(Rainco)


************************************************************************
මොකද හිතන්නේ? හිතෙන්නේ මොකද කියලා ලියලා යන්ඩෝ..

Rio (2011) -සිංහල උපසිරස සමග-

      ඔන්න පොරොන්දු උන විදිහටම මම "රියෝ" චිත්‍රපටය සිංහල උපසිරසත් එක්කම අරගෙන ආවා.මේ මගේ දෙවැනි උපසිරස නිර්මාණය.සමහර විට මේ බයිස්කෝප් එක බලපු කට්ටියත් ඇති, නොබලපු කට්ටියත් ඇති.ඔන්න ඒ දෙගොල්ලන්නටම මේ බයිස්කොප් එක සිංහලෙන් බලන්න පුලුවන්. 

               Rio (රියෝ) මේ බයිස්කෝප් එක නිකුත් උනේ 2011 අප්‍රේල් මාසයේ. මෙම චිත්‍රපටයේ හඩ කැවීම් සදහා දායක වී තිබෙන්නේ Leslie Mann , Jesse Eisenberg, Rodrigo Santoro, Jamie Foxx, Anne Hathaway යන පිරිසයි.IMDb රේටින්ස් 7.2 ලබා ගැනිමට මේ බයිස්කෝප් එක සමත් වී තිබෙනවා.ධාවන කාලය නම් විනාඩි 96යි.‍ටුවෙන්ටි සෙන්චරි ෆොක්ස් හි තවත් සාඩම්බර බෙදාහැරීමකි මෙය. සජීවීකරණ චිත්‍රපටයක් වූ මෙහි සජීවීකරණය ඉතා හොද මට්ටමක තිබෙනවා.මේ බයිස්කෝප් එක ගැන පුංචි පහේ දළ අවබෝධයක් දෙන්නම්.

    "බ්ලූ" මැකොව් වර්ගයේ අවසන් පිරිමි සතා. ඔහුට ඔහුගේ වර්ගයා ආරක්ෂා කර ගැනීමට "රියොද් ද ජැනෙයිරෝ"  බලා යාමට සිදුවනවා. ඒ ඔවුන්ගේ වර්ගයේ අවසන් ගැහැණු සතා ඉන්නේ එහෙ නිසා. එහෙදී මොවුන් මුණ් ගැසුණත් මොවුන් දෙදෙනා අතර ආදරයක් ඇතිවෙන්නේ නෑ. එහිදී මොවුන් දෙදෙනා බොහෝ කරදර වලට මුහුණ දෙනවා. ඉතින් මොනවද ඒ කරදර? දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙයිද කියලා බලන්න. මේ බයිස්කොප් එක නොවරදවාම බලන්න. 

                 හොද කට්ටක් කාලා මේකට සබ් දැම්මේ. දවස් තුනක් විතර ගියා.මොකද ඉඩ ලැබෙන වෙලාවල් වල තමා සබ් දැම්මේ. තවත් බයිස්කෝප් වලට සිංහල සබ්ස් දාන්න ඉන්නේ. හොද ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා.


700MB පිටපත මෙතනින් බාගන්න!
(සිංහල උපසිරස මෙතනින් බාගන්න)

නිකන්ම යන්නෙ නැතුව කමෙන්‍ටුවක් දාගෙන යන්න. ඒක අපිට තවත් සිංහල උපසිරස නිර්මාණය කිරීමට ශක්තියක් වේවි.

F.A.L.T.U (ටිකක් හිනාවෙමු)

         ඔන්න හුගකාලෙකට පස්සේ හින්දි බයිස්කෝප් එකක් දෙන්න හදන්නේ.සුපිරි හින්දි බයිස්කෝප් එකක්. මේක නිකුත් උනේ 2011 අප්‍රේල් මාසයේ.මේ බයිස්කෝප් එකේ සුපිරි නළු නිළියන් රාශියක් රගපානවා.අර්ෂාඩ් වාසී,රිතේක් දේශමුක්,අභිශෙක් බච්ච්න්,අමිතාබ් බච්චන්,ආක්ශේ කුමාර්,කරීනා කපූර්,මල්ලිකා ෂෙරාවත්,මාධවන්,සල්මන් ඛාන්, සුස්මිතා සෙන්, සෙහල් ඛාන්, පූජා ගුප්තා,ජැකි බගානී ඇතුළු බොලිවුඩයේ බොහෝ නළු නිළියන් පිරිසක් මෙම චිත්‍රපටය සදහා තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

       "බයිස්කෝප් එකේ ස්ටෝරි ලයින් එක මෙහෙමයි.  
                                                                                              මේ කතාව ගෙතෙන්නේ තරුණයන් තිදෙනෙක් හා එක් සුරූපි තරුණියක් වටා. මේ සෙට් එක ඉගෙන ගන්නෙත් නැතුව හරි විනෝදෙන් පිස්සු කෙළ කෙළ ඉන්න සෙට් එකක්. හදිස්සියෙම මේ සෙට් එකේ ජීවිත වලට බාධා කරන්න කසටියක් කඩාපාත් වෙනවා. මේ සෙට් එක නිසා අර ෆන් එකේ හිටපු ගැන්සියේ ජීවිතේ වෙනස් වෙනවා. 

                    තව කිව්වොත් කික් එකක් නැතුව යනවා. ෆිල්ම් එක කොමඩියක්. ලව් ස්ටෝරි එකකුත් යනවා."

        බොලිවුඩ් වලින් ලැබෙන ආරංචි වලට අනුව නම් මේ බයිස්කෝප් එක සාර්ථක එකක් වනු ඇතැයි බලාපොරොත්තු තබන්න පුළුවන්.ප්‍රධාන වශයෙන් මෙය සාර්ථක විය හැක්කේ මෙහි අඩංගු ගීත නිසා බව ප්‍රකාශ වෙනවා.එහෙනම් බාගෙන බලන්නෝ.....

700MB පිටපත මෙතනින් බාගන්න !

බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල

                                         

                           දන්නවනේ ඉතින් බිල්බෝඩ් කියන්නේ මොකක්ද කියලා. ලෝකේ තියෙන හොදම මියුසික් චාට් එකක් නේ. ඒ ගැන නෙමේ මං මේ කියන්න හදන්නේ. බිල්බෝඩ් සංගීත සම්මාන උළෙල ගැන.

                                          පසුගිය සති අන්තයේ ඇමරිකාවේ ලාස් වේගාස් හිදී තමයි මෙය පැවැත්වුනේ. වර්තමානයේ ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ බොහේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල වෙනදා නොමැති ආකර්ෂනීය බවක් දක්නට ලැබුණ බව සදහන් වෙනවා.


වසරේ ජනප්‍රියතම කලාකරුවා

EMINEM 









Nomination
  • Justin Bieber
  • Lady Gaga
  • Taylor Swift
  • Rihanna

වසරේ නවක කලාකරුවා

Justin Bieber 








Nomination
  • Ke$ha
  • Nicki Minaj 
  • Taio Cruz
  • Bruno Mars

වසරේ හොදම ගායකයා  

 EMINEM 






  

Nomination 
  • Justin Bieber
  • Drake
  • Usher
  • Bruno Mars

වසරේ හොදම ගායිකාව
  
Rihanna








Nomination 
  • Katy Perry
  • Taylor Swift
  • Lady Gaga
  • Ke$ha

වසරේ හොදම පොප් කලාකරුවා

Lady Gaga 






Nomination 
  • Katy Perry
  • Ke$ha
  • Justin Bieber
  • The Black Eyed Peas

 
වසරේ හොදම ‍රැප් කලාකරුවා 

EMINEM
 





Nomination
  • Lil Wayne
  • Ludacris
  • Nicki Minaj
  • Drake 



                                වැඩි සම්මාන ප්‍රමාණයක් හිමි කර ගැනීමට EMINEM සමත් විය. මෙම සම්මන උළෙලේදී බ්‍රිට්නි ස්පයරස්, ලේඩි ගාගා, ජෙනට් ජැක්සන්, ජස්ටින් ටිම්බර්ලේක් නර්තන ඉදිරිපත් කරමින් ගීත ගැයූ අත්‍ර, බ්‍රිට්නි විසින් ඉදිරිපත් කළ රංගනය බොහෝ දෙනාගේ අවධානය දිනාගනු ලැබුවාය. 

.වැඩි දුර තොරතුරු ,ජායාරූප සහ වීඩියෝ සදහා පිවිසෙන්න.


Siruthai (2011) දමිළ සිනමාවෙන් [මැක්සා]

                             ඔන්න හුග කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක දෙමළ බයිස්කෝප් එකක්.බයිස්කෝප් එකනම් මැක්සා. මේක නිකුත් උනේ 2011 ජනවාරි වල. මේකේ රගපාන්නේ අපි කවුරුත් දන්න දෙමළ සුපිරි නළු සූර්යාගේ සහෝදරයා කාර්තී. ඔහුට අමතරව Tamanna Bhatia , Rajiv Kanakala , Manobala , Meghna Naidu, Santhanam යන නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb රේටින්ස් නම් 4.9 යි. පැය 2 විනාඩි 34ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.මෙම චිත්‍රපටයේ කාර්තීගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සදහන් කල යුතුමය.විටෙක ත්‍රාසය, විටෙක හාස්‍ය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය තවත් එක්තරා ෆට්ට දමිළ සිනමා සිත්තමකි.මියුරු ගීත කීපයකින්ද මෙම දමිළ සිනමා සිත්තම හැඩ වී ඇත.
                            
                                                  බයිස්කෝප් එක ගැන විස්තරයක් දෙන්න මුලදි නම් මගේ අදහසක් තිබුණේ නෑ. ඒත් බයිස්කෝප් එක ගැන පුංචි පැහැදීමක් ඇතිවෙන්න ඕන නිසා විස්තරයක් දෙන්න හිතුවා. හැබැයි පොඩිම පොඩි විස්තරයක්.

                 "රත්නවේල් පාණ්ඩියන් නම් අභීත පොළිස් නිළධාරියත්, රොකට් රාජා නම් පල් හොරත් අතර දිවෙන කතාවකි මෙය. රත්නවේල් පාණ්ඩියන් ගම්මානයක් මැරයන්ගෙන් බේරා ගැනීමට දරණ දරුණු උත්සහයත්, ඔහුගේ මරණින් පසු රොකට් රාජාගේ පැමිණීමත්. කුමක්ද මේ කතාව, අවසානයේ කුමක් වේද?"

                                               ඔහොම කිව්වට මේලොකේ දෙයක් තේරුණේ නෑ නේද? බය වෙන්න එපා. බය නැතුව මේ බයිස්කෝප් එක බාගෙන බලන්න. කියනවට වැඩිය බාගෙනම බලන එකතමා හොද.




700MB පිටපත මෙතනින් බාගන්න !
(ඉංග්‍රීසි උපසිරස අන්තර්ගතය)
 
නිකන්ම යන්නෙ නැතුව කමෙන්‍ටුවකුත් දාගෙන යන්න. අකමැත්තක් නැත්තම් බ්ලොග් එක ෆලෝව් කරලා පොඩි සහයෝගයක් දෙන්න.ජය වේවා !

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013