The Green Hornet චිත්‍රපටය

   හොලිවුඩ් බොක්ස් ඔ‍ෆිස් දර්ශකයේ පළමු චිත්‍රපට දහය අතර ‍රැදී තියෙන මයිකල් ගොන්ඩ්‍රිගේ 'ද ග්‍රීන් හෝර්නට්' චිත්‍රපටය තමා අද ඔයාලට දෙන්න යන්නේ. හාස්‍ය, ත්‍රාසය,  භීතිය මෙන්ම කුතුහලය දනවන මෙම චිත්‍රපටය මෑත කාලයේ චිත්‍රපටලෝලීන් අමන්දානන්දයට පත්කළ දුර්ලභ ගණයේ කතා තේමාවක් ‍රැගත් චිත්‍රපටයක් ලෙස සැළකේ.දැනට ලොව පුරා තිරගත වන මෙම චිත්‍රපටය ලංකාවේද තිරගත වන්නකි.චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් මෙන්න.



                                 " බ්‍රිට් රේඩ් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි 'The Daily Sentinel' නම් දිනපතා පළවන පුවත්පතේ අපරාධ සම්බන්ධ ලිපි ලේඛණ පළ කරන කතුවරයා වෙයි.ඔහු සිය පියා වූ ජේම්ස් රේඩ් අභිරහස් ලෙස මිය යනතුරු කිසිම ආකාරයකින් ජීවිතයේ අරමුණු කරා යෑම ගැන නොසිතූ පුද්ගලයෙකි.ජීවිතයේ යථාර්තය තේරුම් ගන්නා ඔහු හොද පුරවැසියෙකු ලෙස ලෝකයට පෙන්නුම් කරන්නට උත්සහ ගනී. ඒ අතරතුර ඔහු තම පියාගේ මිතුරකු වන කැටෝ නම් තරුණයෙකු සමගින් එකවන ඔහු අපරාධ මර්ධනය සදහා වැඩ පිළිවෙලක් දියත් කරයි.දිනෙන් දින ලොස් ඇන්ජලීස් නුවර අපරාධ වැඩි වන අතර, ඔහුට අපරාධ සම්බන්දවපුවත්පතේ පළකිරීමට ලිපි ලැබේ.නමුත්...චිත්‍රපටයේ අවසන් බාගය වනවිට බ්‍රිට් හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු ලෙස පෙනී සිටියි.එනම් ඔහු පාතාල කල්ලියක නායකයෙකු ලෙස අනපේක්ෂිත තත්වයකට පත්ව ක්‍රියා කරයි."


                      පසුගිය ජනවාරි 04 වනදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 78 කි. චිත්‍රපටයේ රගපාන්නේ මෙන්න මේ අය Seth Rogen, Jay Chou, Cameron Diaz, Tom Wilkinson, Christoph Waltz.දැනට මෙම චිත්‍රපටය රේටින්ස් IMDB 6.5 අරගෙන තියෙන්නේ.ධාවන කාලය විනාඩි 119.


 ඔයාලට දෙන මේ පිටපත නම් ඔර්ජිනල් පිටපත නම් නෙවේ. කැමරා කොපියක්( දැනට තියන හොදම එක). කැමති නම් බාගෙන බලන්න. නැත්තම් ඔර්ජිනල් පිටපත ආපු කාලෙක බාගෙන බලන්න. මොනා උනත් ෆට්ටම පට්ට ‍ෆිල්ම් එකක්. maxxa 


800MB පිටපත මෙතනින් බාගන්න !


0 ඔබේ අදහස් මෙතන කොටන්න:

Post a Comment

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013