දුරස්ථ පාලක පරිගණක (Remote Computer ඉගෙනගන්න)

පහුගිය ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසා බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා.හුග දවසකට පස්සේ තමා මේ පෝස්ට් එක දාන්නේ.අද දෙන්න යන්නේ එල සොෆ්ට් එකක් ගැන විස්තරයක්.කොහොමද ඉතින් ගෙදර ඉදලා වෙන කෙනෙක්ගේ පරිගනකයක සම්පූර්ණ පාලනය අපේ අතට ගන්න තිබ්බොත් එහෙම. එල නේද?ඔන්න එහෙම සොෆ්ට් එකක් ගැන තමා කියන්න යන්නේ.කරන හැටි පියවරෙන් පියවරට දාන්නම්.
Software එකේ නම Anyplace Control. මෙන්න මෙතනින් සොෆ්ට් එක බාගන්නකෝ. හැබැයි ඉතින් Trial   Setup එකක්.ඒ උනත් කමක් නෑ නේ අපේ වැඩේ වෙනවනම්. පස්සේ බැරියැ Full Setup එක download කරගන්න.

පළමු පියවර :
                            Software  එක Install  කරන්න ඕනේ මෙහෙමයි. ඔයාගේ පරිගණකයේ මේ Software එක Install කරද්දී කරන්න ඕනේ Admin Module විදිහට Install කරන එක. අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ මේක Install කරන්න ඕන Host Module විදිහට.

දෙවන පියවර :
               1. Install කරගත්තට පස්සේ මේ වගේ Window එකක් එයි. දැන් අපි කරන්න ඕනේ account එකක් හදාගන්න එක.
  
2. ඔයාලගේ E-mail address එකයි පාස්වර්ඩ් එකයි ගහලා account එක create කරගන්න.(ඔයාලගේ e-mail address පාස්වර්ඩ් එක නෙවෙයි. වෙන එකක්)

3. ඔයාලා හරියට account එක create කරගත්ත නම් ඊලග step එක මේ වගේ පෙන්වයි.

4.  ඔයාලගේ Host Module Connection ටික තමා මෙතන පෙන්වන්නේ.

තෙවෙනි පියවර :
                                     ඔන්න දැන් තමා වැදගත්ම හරිය. ඒ තමා Host Module එක Install කරන හැටි. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා IP Address එක හරහා Install කරන ක්‍රමය. අනික තමා අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයට මේ Soft එක අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම.
  
IP Address ක්‍රමය

                   
දැන් අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ IP Address  එක මෙතන Type කරන්න. IP Address එක හොයාගන්න හැටි කියල දෙන්න ඕනේ නෑනේ. ඕනෙ නම් පුංචි Tips එකක් දෙන්නම්.කෙල්ලොන්ට නම් මේ වැඩේ කරන්න හරි ලේසියි. ඉස්සෙල්ලම කෙල්ලට කියන්න google එකේ search කරන්න කියලා  what is my IP address කියලා. එතකොට එන ඕනේ  site එකක ඒ කෙල්ලගේ පරිගණකයට අදාල IP address එක තියනවා. ඉතින් ඊට පස්සේ ඒ IP නම්බර් එක ඉල්ලගන්න. (කෙල්ලෝ මෝඩයි කිව්වා නෙමේ. හොදද)

අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම



                   ඒ කිව්වේ මෙහෙමයි. මේ Soft එකේ Setup එක අරගෙන ගිහිල්ලා ඒ පරිගණකයේ 
Install කරන එක. නැත්තම් ඒ මැෂින් එකෙන්ම Setup එක බාගෙන Install කරන එක.හැබැයි Install කරද්දි වරද්දන්නේ නැතිව Host Module ක්‍රමයට Install කරන්න.Install කරද්දි මේ වගේ window
 එකක් එයි, ඒකේ Automatic කියන එකට ටික් එක දාලා Next කරන්න.

ඊළගට පාස්වර්ඩ් එකක් ගහන්න window එකක් එයි. එතෙන්ට අර කලින් ගහපු පාස්වර්ඩ් එකම ගහන්න.

 ඊලගට එන මේ window එකට අර ඔයාල කලින් ගහපු e-mail address එකයි. පාස්වර්ඩ් එකයි ගහන්න. ගහලා Next කරන්න.


ඔන්න Host Module එක Install කරගෙන ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ


ඔන්න ඉතින් වැඩේ ඉවරයි. වැඩේ 100% ෂුවර්. මම නම් මේක කරලත් බැලුවා. ආයේ ඉතින් මොන කතාද.(හැබැයි ඒ IP Address ක්‍රමේට නම් නෙවේ අනිත් ක්‍රමේට). වැඩේ කොහොමවත්ම තේරුණේ නැත්තම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මෙතනින් බලන්න.

වැදගත් :  මේ Soft එක යොදාගෙන කිසිම නීති විරෝධී වැඩක් නම් කරන්න එපා. මොකද ඒක සදාචාර සම්පන්න නෑ. අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්නත් බැරි නෑ. ඒ නිසා මේ Soft එක යහපත් වැඩකට යොදා ගන්න. ගොඩක්ම මේ එක ව්‍යාපාර ආයතන වලට ප්‍රයෝජනවත්. මේ Soft එක හරහා Files හුවමාරු කරගන්නත් පුළුවන්.(කිසිම නරක වැඩක් නම් එපා)




||කමෙන්ට්ස් නම් එන්න එන්නම අඩු උනා. මේ Soft එක ගැන උදව්වක් ඕනේ නම් කමෙන්‍ටුවක් දාන්න||

6 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මේ වගේ softwares ගොඩක් තියෙනවා නේද? free ඒවත් තියනවා නේද?

    ReplyDelete
  2. Team viewer otita vediye hugak lesine

    ReplyDelete
  3. ප්‍රශ්න කීපයක් අහන්න හිතුනා.

    IP ක්‍රමයට කරොත් IP එක මාරු උනාම වැඩේ ඉවරයිද??
    මැනුවල් ක්‍රමයට කරොත් අවශ්‍ය කෙනා ඔන්ලයින් ඉන්න ඕන වෙලාවක මේ වැඩේ කරගන්න පුලුවන්ද?
    මෙහෙම කරොත් අපි මාට්ටු වෙනවද?ඒ කියන්නේ ටීම්වීවර් වගේ කෙනෙක් අපේ කම්පියුටර් එකට ඇතුල් වෙන්න හදනව කියල මැසේජ් එකක් එනවද??උත්තර බලා පොරොත්තු වෙනවා.ප්ල්z

    ReplyDelete
  4. @ඉෂාන් තිළිණ සෝමසිරි :
    ඔව් මේ වගේ Soft ගොඩක් තියනවා. නොමිලේ දෙන ඒවත් තියනවා. මම නම් පාවිච්චි කලේ මේ සොෆ්ට් එක. මොකද මේක අනිත් ඒවට වඩා ටිකක් ලේසියි.(මම හිතන විදිහට)

    @Anonymous :
    සහෝ IP එක වෙනස් උනා කියලා වැඩේ හබක් වෙන්නේ නෑ. අපිට IP Address එක ඕන වෙන්නේ සොෆ්ට් එක Install කරගන්න විතරයි.අවශ්‍ය කෙනා ඔන්ලයින් ඉන්න ඕන වෙලාවක මේ වැඩේ කරගන්න පුලුවන්.අපේ කම්පියුටර් එකට ඇතුල් වෙන්න හදනව කියල මැසේජ් එකක් නම් එනවා සහෝ. Yes or No මැසේජ් එකක් විතරයි. නයි කයිද පොළොස් කිව්වලු. ඔය එන මැසේජ් එකෙන් තමා සහෝ වැඩේ මාට්‍ටු උනොත් මාට්‍ටු වෙන්නේ. වැඩේ ෂේප් එකේ ඇගට නොදෙනෙන්න කරන්න නම් ටිකක් මොලේ පාවිච්චි කරන්න වෙනවා සහෝ. වීඩියෝ එකත් බලන්න.

    ReplyDelete
  5. meka IP eka margayen install karana kota adala pariganaka himiya eka dana gannawada??

    ReplyDelete
  6. full virsion ekak hoyala dennako.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013