Golmaal 3 (Hindi)

         ෆිල්ම් ගැන දාන එක නවත්වන්න එපා කියලා කස්ටිය කිව්ව නිසා ඔන්න ඉතින් මම ඒක නැවැත්තුවේ නෑ. අද දෙන්නේ හින්දි කොමඩි ‍ෆිල්ම් එකක්. මැක්සා ඉතින්. එලම තමා. මේ ‍ෆිල්ම් එකේ කොටස් තුනක් ආවා. හැබැයි ඉතින් කොටස් තුනම බලන්න ඕනේ නෑ. මොකද කොටස් තුනේම තියෙන්නේ වෙන වෙන ස්ටෝරි වගයක්. මම නම් මේකේ කොටස් තුනම බලලා නෑ. කොටස් දෙකයි බලලා තියෙන්නේ. දෙවන කොටස තමා Golmaal Returns. ඒක බලලා නැත්තම් මෙතනින් බලන්න. දැන් මම කියන්නේ මේකේ තුන්වන කොටස.(Golmaal 3).‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 නොවැම්බර් වල. ‍ෆිල්ම් එකේ රගපාන්නේ, Kareena Kapoor, Ajay Devgan, Mithun Chakraborty, Arshad Warsi, Johnny Lever ඇතුළු තවත් නළු නිළියන් පිරිසක්.IMDB රේටින්ස් ගැන කියනවනම්  5.3 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 140 යි. මෙන්න මේකයි ‍ෆිල්ම් එකේ ස්ටොරි ලයින් එක කෙටියෙන්.


                   "සම්පූර්ණ කතාව ගෙතෙන්නේ පුද්ගලයන් හය දෙනෙක් වටා. ගෝපාල් මෙහි සුවිශේෂි තැනක් ගනී. ගෝපාල්ගේ කණ්ඩායමේ තුන් දෙනෙකි. මාධව්ගේ කණ්ඩායමේද තුන් දෙනෙකි. මොවුන් විසින් ආරම්භ කරන ව්‍යාපාර එකම වේ. මේ හේතුකොට ගෙන මේ කල්ලි දෙක අතර සිදුවන ගැ‍ටුම් මේ චිත්‍රපටය පුරා දැකිය හැකිය. මුළු චිත්‍රපටය පුරාම දැකිය හැක්කේ කොමඩිමය. නමුත් චිත්‍රපටයේ අවසානභාගය තරමක් සංවේදී ස්වරූපයක් ගනී."


                Johnny Lever ගේ සහ Ajay Devgan ගේ අතිවිශිෂ්ඨ රංගනයක් මෙම චිත්‍රපටයේ දැකිය හැක. මියුරු ගීත කීපයකින් හැඩ ගැන්වුණු මෙම චිත්‍රපටය ඔබත් අනිවාර්යෙන්ම බලන්න. ‍ෆිල්ම් එක ෆට්ට. එකෙන්ම!!
700MB පිටපත මෙතනින් බාගන්න!
400MB පිටපත මෙතනින් බාගන්න! 

"කමෙන්‍ටු තමා ඉතින් අපිව දිරි ගන්වන්නේ"

4 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. එළ මචෝ තව මේ වගේ ඒවා දීහන් ....!!

    ReplyDelete
  2. ගෝල්මාල් 2 තමයි මම බලල තියෙන හොදම හින්දි කොමඩිය. හිනාකාල මැරෙනවා. 3 බලන්න ගත්තට හොද කොපියක් නැති නිසා බැලුවෙ නෑ. මෙහේ හොරෙන් තමයි බාගන්න වෙන්නෙ. කමක් නෑ දඩ කෑවත් මේක බානව බානවමයි. ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  3. හයියො ටොරන්ට්නෙ තියෙන්නේ.. හ්ම්ම්.. අපිට ටොරන්ට් බෑවොත් හිරේ තමයි

    ReplyDelete
  4. thanks macho.math onna bawa.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013