ඔබේ රසාස්වාදය උදෙසා චිත්‍රපට ත්‍රිත්වයක්ම

The Sorcerer's Apprentice (2010)

 ද්භූත, මායාකාර චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ෆට්ටම ෆට්ට ‍ෆිල්ම් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි 14 වනදා.IMDB  රේටින්ස් 6.3ක් මේ ‍ෆිල්ම් එක අරන් තියනවා. මේ ‍ෆිල්ම් එකේ රගපාන්නේ නිකලස් කේජ්, Jay Baruchel ,Alfred Molina, Jay Baruchel, Teresa Palmer, Monica Bellucci කියන කස්ටිය. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 109 යි. මෙම චිත්‍රපටය ක්‍රියාදාම, වික්‍රමාන්විත ස්වරූපයක් ගන්නවා. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් මෙන්න.

"අතීතයේ සිදුවූ ගැ‍ටුමක් හෙතුවෙන් බැල්තසාර්ගේ ප්‍රේමවන්තිය සතුරන් විසින් බෝතලයක සිරකරනු ලබනවා. ඇයව බේරා ගැනීමට නම් අනාගතයේ බිහිවන මායාකාරයෙක් සොයා යාමට ඔහුට සිදුවෙනවා. බැල්තසාර්ට ඔහුව සොයා ගැනීමට හැකි වෙනවා. නමුත් ඔහු සාමාන්‍ය පාසල් සිසුවෙක් පමණයි. බැල්තසාර් විසින් ඔහුට මායාවන් උගන්වනු ලබනවා."
                        ඔහුගේ ඉගැන්වීම් සාර්ථක වේද? ඔහුගේ ප්‍රේමවන්තිය බේරා ගැනීමට හැකි වේද? මේ ගමන ඉතා ලේසි පහසු ගමනක් නෙමේ. සටන් වලින් ත්‍රාසයෙන් පිරිච්ච එකක්. බාලම බලන්න.


700MB පිටපත මෙතනින් බාගන්න!
350MB පිටපත මෙතනින් බාගන්න!
 
Drag Me to Hell (2009) 
හොල්මන් ‍ෆිල්ම් වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ආයේ ඉතින් ෆට්ට හොල්මන් ‍ෆිල්ම් එකක්. මේක නිකුත් උනේ  2009 මැයි 29 වනදා. IMDB රේටින්ස් 7.0 මේ ‍ෆිල්ම් එක අරන් තියනවා.මේකේ රගපාන්නේ Alison Lohman, Justin Long, Lorna Raver, Dileep Rao කියන නළු නිළියෝ සෙට් එක. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 99 යි. පොළව පැළිලා අපායට ඔබව අරන් ගියොත් කොහොමට හිටීද? ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරක් මෙන්න.
 
‍"ෆිල්ම් එක පටන් ගන්නේ පොඩි ළමයෙක් පොළව ඇතුලට අරන් යන සීන් එකකින්.Christine Brown නම් තරුණිය පසුපස ගෙතුණ කතාවක් මේක. ඇය පසුපස හොල්මන් කාන්තාවක් හඹා ඒමට පටන් ගන්නවා. ඒ කුමක් නිසාදැයි සොයා ගැනීමට මේ තරුණිය උත්සහ දරනවා. එම කාර්යය ඉතා පහසු කාර්යයක් නොවේ. හොල්මන් සමග ඇයට සිදු වෙනවා. අවසානයේ හොල්මන් පරදා ඇය ජය ගනීද?" එහෙනම් ඉතින් මේකත් බලන්න. 
 
700MB පිටපත මෙතනින් බාගන්න!

Wake Up Sid (2009)
හින්දි චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ආදරණීය කොමඩි කතාවක් කිව්වොත් හරි. මේක නිකුත් උනේ 2009 ඔක්තොම්බර් 2 වනදා.IMDB රේටින්ස් 7.4 අරන් තියනවා. මේ ‍ෆිල්ම් එකේ රගපාන්නේ Ranbir Kapoor, Konkona Sen Sharma, Rahul Khanna, Kashmira Shah කියන නළු නිළියෝ සෙට් එක. ධාවන කාලය විනාඩි 140 යි. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. 
 
 "මේ කතාව ගෙතෙන්නේ හරිම කම්මැලි තරුණයෙක් වටා. මේ තරුණයා සිඩ් මෙහෙරා. ඔහු තාමගේ කාමරයවත්, ඔහුගේ කෑම පිගානවත් පිරිසිදු නොකරන තරම් කම්මැලියෙක්. දවසක් ඔහු මිතුරෙකුගේ සාදයකට යනවා. එහිදී හමුවන තරුණියක් සමග ඔහු  මිතුරු වෙනවා. මොවුන් ඉතා හොද මිතුරන් වෙනවා. සිඩ් ගේ මේ කම්මැලි ජීවිතය නැති කරන්න මේ තරුණිය උත්සහ ගන්නවා. ඇයට එය කළ හැකි වේද?" එහෙනම් ඒක ‍ෆිල්ම් එක බලලම බලන්නකෝ.
700MB පිටපත මෙතනින් බාගන්න!

**<ඔයාලගේ ප්‍රතිචාර බොහොම වැදගත්>**

0 ඔබේ අදහස් මෙතන කොටන්න:

Post a Comment

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013