ඔන්න අද චිත්‍රපටි දෙකක්ම

13 (2010)

                 ඔන්න අද චිත්‍රපටි දෙකක්ම දෙන්න හිතුවා.මුල්ම චිත්‍රපටය තමයි. අංක 13. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

        වින්ස් නැමති තැනැත්තා නිවාස වයරින් කරන තරුණයෙකි. ඔහු වැඩ කරන නිවසේ පුද්ගලයා හදිසියේම දිවි නසාගනී. ඔහුට ලැබුණ එක් ලියුමක් හේතුවෙන් ඔය සිය දිවි නසාගත්තේය. මෙම ලියුම වින්ස් නැමති තරුණයාට දකින්නට ලැබේ. එහි සදහන් වෙන්නේ මුදල් සෙවීමට අවශ්‍යය නම් පැමිණෙන ලෙසය. එහි ලිපිනයක් සහ ඩොලර් කීපයක් දමා ඇත . මෙම තරුණයා එම ස්ථානය සොයා යයි. ඔහු සිතන්නේ එය කැසිනෝ ක්‍රීඩාවක් කියාය. නමුත් ඇත්තේ එවනි දෙයක් නොව.. තම ජීවිතයත් සමග කරන ක්‍රීඩාවක්ය. මේ ක්‍රීඩාව කුමක්ද? අවසානයේ එම තරුණයාට කුමක් සිදුවේද? ඒ ගැන දැන ගන්නම ඕනේ නම් මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනවා. ෆට්ට ‍ෆිල්ම් එකක්. 

          මේ ‍ෆිල්ම් එකේ සුප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක්ම රගපානවා. Jason Statham, Mickey Rourke, David Zayas, 50 Cent,  Michael Shannon.මේ ‍ෆිල්ම් එක නාට්‍යම, ත්‍රාසජනක ස්වරූපයක් ගන්නවා. IMDB රේටිං 6.6 මේ ‍ෆිල්ම් එක අරන් තියනවා. ධාවන කාලය විනාඩි 97. බාගෙනම බලන්නෝ!!!!!!

700MB පිටපත මෙතනින් බාගන්න.

*******************************************************

Takers (2010)

                           මේ ‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 අගෝස්තු 27 වෙනිදා. බෙදා හැරීම Sony Pictures සමාගම විසිනුයි.ධාවන කාලය විනාඩි 107. නියම ‍ෆිල්ම් එකක්. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
මේ ‍ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඉතාමත් දක්ෂ බැංකු මංකොල්ලකාර කණ්ඩායමක් ගැන.මොවුන් ඉතාමත් සූක්ෂම ලෙස බැංකු මංකොල්ලකෑම් සිදු කරනවා. ඔවුන්ගේ කණ්ඩායමට අලුත් සගයෙක් එකතු වෙනවා. මොහුත් සමග ඔවුන් විසින් සිදු කරන මංකොල්ලය සාර්ථක වෙනවා. මොවුන් පසුපස හඹා එන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් මේ මංකොල්ලයේ සුල මුල සොයා ගනු ලබනවා.  මේ කණ්ඩායමේ සගයන් එකින් එක මිය යාමට පටන් ගන්නවා. එය සිදුවන්නේ අලුත් සගයා නිසාද නැත්තම් පොලිසිය නිසාද? අවසානයේ මේ කණ්ඩායමට කුමක් වේද? මේ ගැන දැන ගන්න නම් මේ ‍ෆිල්ම් ඒකත් බලන්නම වෙනවා.
       මේ ‍ෆිල්ම් එකෙත් ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක්ම රගපානවා. Chris Brown,Matt Dillon,Michael Ealy, T.I., Paul Walker. IMDB රේටිංස් 5.6 .මේ ‍ෆිල්ම් එක ක්‍රියාදාම,අපරාධ,ත්‍රාසජනක වර්ගයට අයත් වෙනවා..බාගෙන බලන්නෝ!!!!!!!!!

400MB පිටපත මෙතනින් බාගන්න.

700MB පිටපත මෙතනින් බාගන්න.

‍.ෆිල්ම් ටික හොද නම් කමෙන්‍ටුවක් දාල යන්න අමතක කරන්න එපා.

8 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. ඔයත් එල පොරක් නේ. ටැන්කු...

    ReplyDelete
  2. බාගෙන ඉවර වෙලා බලලම කමෙන්ට් එකක් දාන්නම්.ඔයා කියපු නිසා හොද ඇති.තෑන්ක්ස්

    ReplyDelete
  3. @sudath
    ස්තූතියි සහෝ!

    @CRAABEYSINGHE
    එළ කිරි.. බාලම බලලා කියන්නකෝ.

    ReplyDelete
  4. oya films 2kama mama baluwa, patta film 2k..hari lassnai...thawa me wage lassana films gana digatama liyanna..

    ReplyDelete
  5. පට්ට ෆිල්ම්ස් 2ක් නේ...
    නියමයි ..!

    ReplyDelete
  6. වාවූ නීයම‍යි........

    ReplyDelete
  7. පට්ටද කියලත් අහනව, පට්ටම පට්ටයි.
    අන්න බයිස්කෝප් එකේ ඔය දෙකටම සිංහල සබ්ස් දාලා තියනවා.

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013