ඔන්න හුග කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක දෙමළ බයිස්කෝප් එකක්.බයිස්කෝප් එකනම් මැක්සා. මේක නිකුත් උනේ 2011 ජනවාරි වල. මේකේ රගපාන්නේ අපි කවුරුත් දන්න දෙමළ සුපිරි නළු සූර්යාගේ සහෝදරයා කාර්තී. ඔහුට අමතරව Tamanna Bhatia , Rajiv Kanakala , Manobala , Meghna Naidu, Santhanam යන නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb රේටින්ස් නම් 4.9 යි. පැය 2 විනාඩි 34ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.මෙම චිත්‍රපටයේ කාර්තීගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සදහන් කල යුතුමය.විටෙක ත්‍රාසය, විටෙක හාස්‍ය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය තවත් එක්තරා ෆට්ට දමිළ සිනමා සිත්තමකි.මියුරු ගීත කීපයකින්ද මෙම දමිළ සිනමා සිත්තම හැඩ වී ඇත.
බයිස්කෝප් එක ගැන විස්තරයක් දෙන්න මුලදි නම් මගේ අදහසක් තිබුණේ නෑ. ඒත් බයිස්කෝප් එක ගැන පුංචි පැහැදීමක් ඇතිවෙන්න ඕන නිසා විස්තරයක් දෙන්න හිතුවා. හැබැයි පොඩිම පොඩි විස්තරයක්.
"රත්නවේල් පාණ්ඩියන් නම් අභීත පොළිස් නිළධාරියත්, රොකට් රාජා නම් පල් හොරත් අතර දිවෙන කතාවකි මෙය. රත්නවේල් පාණ්ඩියන් ගම්මානයක් මැරයන්ගෙන් බේරා ගැනීමට දරණ දරුණු උත්සහයත්, ඔහුගේ මරණින් පසු රොකට් රාජාගේ පැමිණීමත්. කුමක්ද මේ කතාව, අවසානයේ කුමක් වේද?"
ඔහොම කිව්වට මේලොකේ දෙයක් තේරුණේ නෑ නේද? බය වෙන්න එපා. බය නැතුව මේ බයිස්කෝප් එක බාගෙන බලන්න. කියනවට වැඩිය බාගෙනම බලන එකතමා හොද.
700MB පිටපත මෙතනින් බාගන්න !
(ඉංග්‍රීසි උපසිරස අන්තර්ගතය)
නිකන්ම යන්නෙ නැතුව කමෙන්‍ටුවකුත් දාගෙන යන්න. අකමැත්තක් නැත්තම් බ්ලොග් එක ෆලෝව් කරලා පොඩි සහයෝගයක් දෙන්න.ජය වේවා !