Kismat Konnection (වාසනාවන්ත සම්බන්ධය)

න්න කාලෙකට පස්සේ හින්දි බයිස්කෝප් එකක් අරගෙන ආවා.මේක ආදර කතාවක්. කතාව නම් ලස්සනයි.බයිස්කෝප් එකනම් ටිකක් පරණයි.මේක නිකුත් උනේ 2008 ජූලි මාසයේ.මේකේ රගපාන්නේ Shahid Kapoor,Vidya Balan,Om Puri,Juhi Chawla ඇතුළු නළු නිළියන් පිරිස.IMDb රේටින්ස් නම් 5.5 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 153 යි.මේක ලස්සන ආදර කතාවක් කියන්න පුළුවන්.ලව් ස්ටෝරි බලන අයට එළ.මෙන්න මේකයි ස්ටෝරිය..


                       " රාජ් මල්හෝත්‍රා නම් තරුණයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.ඔහු රැකියා සොයා සෑම තැනකටම යනවා.ඒත් ඔහුට රැකියාවක් සොයා ගැනීමට හැකිවෙන්නේ නෑ. ඔහු එ නිසා සාස්තරකාරියක් සොයා යනවා.ඇය පවසන පරිදු ඔහුට වාසනාව ගෙන ඒමට හැකි වෙන්නේ පුද්ගලයකුට පමණයි. ඉතින් මේ රාජ් මල්හෝත්‍රා නම් තරුණයාට ඔහුව අහම්බෙන් හමුවෙනවා. හැබැයි ඇය ඉතාමත් ලස්සන තරුණියක්.ඉතින් මොහු ක්‍රම ක්‍රමයෙන් මේ තරුණිය වෙත සමීප වෙනවා. ඇය ඔහු ලග සිටින විට මොහුගේ හැම කාර්යයක්ම පාහේ හරියනවා.ටිකෙන් ටික මේ තරුණයා ඇයට පෙම් කිරීමට පටන් ගන්නවා.නමුත් ඇයට පෙම්වතෙක් සිටිනවා." අවසානයේ කුමක්වේද? ඒක දැනගන්න ඉතින් මේ බයිස්කෝප් එක අනිවා බලන්න. ෆිල්ම් එක සුපිරි. ලස්සන සිංදු වගයකුත් තියනවා.


700MB පිටපත මෙතනින් බාගන්න !

450MB පිටපත මෙතනින් බාගන්න !

0 ඔබේ අදහස් මෙතන කොටන්න:

Post a Comment

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013