Followe කරන අය

The Mask (වෙස් මුහුණ)

                 අද දෙන්නේ ඇඩෙනකන් හිනාවෙන්න පුළුවන් ෆුල් කොමඩි බයිස්කෝප් එකක්.නියම බයිස්කෝප් එකක්. අනිවා හොදට හිනාවෙන්න පුළුවන්.ෆිල්ම් එක නම් පරණයි. 1994 ජූලි මාසේදි තමා ෆිල්ම් එක නිකුත් උනේ. දන්නවද ෆිල්ම් එකේ රගපාන්නේ කව්ද කියල. ජිම් කැරියර් තමා මේකේ ප්‍රධාන නළුවා. මම හිතන විදිහට මිස්ට බීන්ට පස්සේ ඉන්න හොදම විකට නළුවා වෙන්න ඕනේ.ඔහුට අමතරව Cameron Diaz, Peter Riegert, Peter Greene, Amy Yasbeck කියන නළු නිළියන් පිරිසත් රගපානවා. IMDB රේටින්ස් නම් 6.7 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 101 යි.මේ බයිස්කෝප් එක සම්මාන රාශියක් සදහාද නිර්දේෂ වී තිබුණා. අනිවාර්යෙන්ම කියන්න ඕනේ දෙයක් තියනවා.මේ ෆිල්ම් එකේ ජිම් කැරියර්ගේ රංගනය ඉතාම ඉහළ මට්ටම තියෙනවා. අපේ භාෂාවෙන් කියනවා නම් සුපිරි. මැක්සා. ෆිල්ම් එකත් ඒ වගේමයි. මේ ෆිල්ම් එක නම් මග අරින්න එපා. අනිවාර්යෙන්ම බලන්න.තව පොඩ්ඩෙන් ෆිල්ම් එක ගැන විස්තරයක් දාන්න අමතක වෙනවා.


"ස්ටැන්ලි (ජිම් කැරියර්) නම් තරුණයාට මුහුදේ තිබී අමුතු ආකාරයේ වෙස් මුහුණක් හමුවෙනවා. ඔහු එය තම නිවසට රැගෙන යනවා. රාත්‍රියට ඒ වෙස් මුහුණ පැළදගත්තාම ඔහු විශේෂ බලයක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු විසින් මේ වෙස් මුහුණ පැළදගෙන කරන දෑ ගැන තමා මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. මරු වැඩ තමා කරන්නේ. ඒ මොනවද කියලා බලන්න ඕනෙ නම් අනිවාර්යෙන්ම බාගෙන බලන්න."


700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

Van Wilder Freshman (හිනා වෙවී බලන්න)

මුලින්ම කියන්න ඕනේ මේක 18+ බයිස්කෝප් එකක්. පොඩි කස්ටිය ඉන්නවනම් බලන්න එපා. මැක්සා මූවී එකක්. නියම ජෝක් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි 14 වනදා.ෆිල්ම් එකේ රගපාන්නේ Jonathan Bennett, Kristin Cavallari, Kurt Fuller, Nic Nac ඇතුළු තවත් නළු නිළියන් පිරිසක්. IMDB රේටින්ස් ගැන කියනවනම් 4.9 යි. ඒ ගැන හිතන්නේ නැතුව ‍ෆිල්ම් එක බලන්නකෝ. ධාවන කාලය විනාඩි 98 යි. ‍ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක් මෙන්න.
               මෙහි ප්‍රධාන චරිතය වන්නේ වෑන් විල්ඩ නම් තරුණයායි. ඔහු තම වැඩිදුර අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙයි. මෙහිදී මෙම තරුණය විසින් සිදු කරන ක්‍රියාදාමයන් වටා මෙම කතාව ගොඩනැගී ඇත.(ක්‍රියාදාම කිව්වට මේ ගහගන්නවා එහෙම නෙමේ. වෙන වෙන ඒවා)ඉතින් ඔහු කරන ඒවා මාරය. මාරම මාරය. අනිවා බලන්න. එළම තමා. මතකනේ 18+ හොදේ....!! කමෙන්ට්ස් දාන්නෝ..

700MB පිටපත මෙතනින් බාගන්න!
300MB පිටපත මෙතනින් බාගන්න!

ජොබ් එකක් ඕනෙද? එහෙනම් එන්න



න්න ජොබ් එකක් හොය හොය ඉන්න කස්ටියට තමා මේ නිව්ස් එක. ජොබ් එක Airtel එකේ.Airtel Stores Negambo.ජොබ් එක තමා Backoffice Data Entry.


සුදුසුකම්:


MS Office( Excel-Word)
Photoshop
Data Entry
පිරිමි අයට විතරයි මේ ජොබ් එක විවෘත.


Hot Line Number(කතා කරන්න)
075-6511511


ඉක්මණ් කරන්න!!!
Closing Date 2011/02/26 

Justin Bieber ගේ මුල්ම චිත්‍රපටය

න්න අද කියන්න යන්නේ ඔයාලා ප්‍රියතම ගායකයකුගේ  බයිස්කෝප් එකක් ගැන. ඒ තමා ජස්ටින් බීබ කොලුවගේ මුල්ම බයිස්කෝප් එක. ‍ෆිල්ම් එකේ නම තමා Justin Bieber: Never Say Never.කණගා‍ටුවෙන් උනත් කියන්න ඕනේ ‍ෆිල්ම් එකේ ස්ටොරිය ගැන නම් මොකුත් දන්නෙ නෑ. ‍ෆිල්ම් එක නිකුත් උනෙත් අද.(2011 පෙබරවාරි 11). ‍ෆිල්ම් එකේ රගපාන්නෙත් ගායකයෝම තමා. මේ ඒ කස්ටිය Justin Bieber, Miley Cyrus, Sean Kingston, Usher Raymond, Jaden Smith. ‍ෆිල්ම් එක නම් හොද ඇති. ‍ෆිල්ම් එක නෙට් එකට දාපු ගමන් ඔයාලට දෙන්නම්.අනිවා. ‍ෆිල්ම් එකේ Trailer එකනම් දාන්නම්.ඒකෙන් හිතා ගන්නකෝ ‍ෆිල්ම් එක කොහොමද කියලා. දිගටම අපිත් එක්ක ‍රැදිලා ඉන්න. කොල්ලගේ මියුසික් වීඩියෝස් ටික ඕනෙ නම් බාගන්න.


මියුසික් වීඩියෝ මෙතනින් බාගන්න!
Click Here

Golmaal 3 (Hindi)

         ෆිල්ම් ගැන දාන එක නවත්වන්න එපා කියලා කස්ටිය කිව්ව නිසා ඔන්න ඉතින් මම ඒක නැවැත්තුවේ නෑ. අද දෙන්නේ හින්දි කොමඩි ‍ෆිල්ම් එකක්. මැක්සා ඉතින්. එලම තමා. මේ ‍ෆිල්ම් එකේ කොටස් තුනක් ආවා. හැබැයි ඉතින් කොටස් තුනම බලන්න ඕනේ නෑ. මොකද කොටස් තුනේම තියෙන්නේ වෙන වෙන ස්ටෝරි වගයක්. මම නම් මේකේ කොටස් තුනම බලලා නෑ. කොටස් දෙකයි බලලා තියෙන්නේ. දෙවන කොටස තමා Golmaal Returns. ඒක බලලා නැත්තම් මෙතනින් බලන්න. දැන් මම කියන්නේ මේකේ තුන්වන කොටස.(Golmaal 3).‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 නොවැම්බර් වල. ‍ෆිල්ම් එකේ රගපාන්නේ, Kareena Kapoor, Ajay Devgan, Mithun Chakraborty, Arshad Warsi, Johnny Lever ඇතුළු තවත් නළු නිළියන් පිරිසක්.IMDB රේටින්ස් ගැන කියනවනම්  5.3 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 140 යි. මෙන්න මේකයි ‍ෆිල්ම් එකේ ස්ටොරි ලයින් එක කෙටියෙන්.


                   "සම්පූර්ණ කතාව ගෙතෙන්නේ පුද්ගලයන් හය දෙනෙක් වටා. ගෝපාල් මෙහි සුවිශේෂි තැනක් ගනී. ගෝපාල්ගේ කණ්ඩායමේ තුන් දෙනෙකි. මාධව්ගේ කණ්ඩායමේද තුන් දෙනෙකි. මොවුන් විසින් ආරම්භ කරන ව්‍යාපාර එකම වේ. මේ හේතුකොට ගෙන මේ කල්ලි දෙක අතර සිදුවන ගැ‍ටුම් මේ චිත්‍රපටය පුරා දැකිය හැකිය. මුළු චිත්‍රපටය පුරාම දැකිය හැක්කේ කොමඩිමය. නමුත් චිත්‍රපටයේ අවසානභාගය තරමක් සංවේදී ස්වරූපයක් ගනී."


                Johnny Lever ගේ සහ Ajay Devgan ගේ අතිවිශිෂ්ඨ රංගනයක් මෙම චිත්‍රපටයේ දැකිය හැක. මියුරු ගීත කීපයකින් හැඩ ගැන්වුණු මෙම චිත්‍රපටය ඔබත් අනිවාර්යෙන්ම බලන්න. ‍ෆිල්ම් එක ෆට්ට. එකෙන්ම!!
700MB පිටපත මෙතනින් බාගන්න!
400MB පිටපත මෙතනින් බාගන්න! 

"කමෙන්‍ටු තමා ඉතින් අපිව දිරි ගන්වන්නේ"

The Hot Chick (කෙල්ලෙක් කොල්ලෙක් උනොත් කොහොමට හිටීද)

 ඔන්න අද දෙන්න යන්නේ ෆට්ටම පට්ට කොමඩි ඉංග්‍රීසි ‍ෆිල්ම් එකක්. ආයේ ඉතින් ‍ෆිල්ම් එක නම් ෆට්ට. කියලා වැඩක් නෑ. ‍ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒත් මරු. බලපු නැති කසිටියට නම් එල. මාත් මේක බැලුවේ අවුරුදු දෙකකට කලින් විතර.මේක නිකුත් උනේ 2002 දෙසැම්බර් වල. මේ ‍ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Rob Schneider. දන්නවනේ ඉතින් පොරගේ ‍ෆිල්ම් එකක් කිව්වම. නියම පොරක්. පොරගේ තව එළ ‍ෆිල්ම් වගයකුත් තියනවා. ඒවා පස්සේ දෙන්නම්කෝ..අවාසනාවකට වගේ මේ ‍ෆිල්ම් එක IMDB රේටින්ස්  5.6යි අරගෙන තියෙන්නේ. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 104යි. කෙල්ලෙක් කොල්ලෙක් උනොත් කොහොමට හිටීද, මෙන්න මේකයි ‍ෆිල්ම් එකේ ස්ටෝරිය,


           "මේක සිද්ධ වෙන්නේ අතීතයේ තිබූ කරාබු ජෝඩුවක් හේතු කොටගෙනයි. ජෙසිකා හට මේ කරාබු ජොඩුව පරණ බඩු කඩයකින් හම්බ වෙනවා. මෙයින් එක් කරාබුවක් නැති වෙනවා. ඒක හම්බ වෙන්නේ හොරෙක්ට. එක කරාබුවක් ජෙසිකා පැළදගන්නවා, අනෙක අර සොරා විසින් පැළදගන්නවා. පසුවදා උදේ තමයි සීන් එක පත්තු වෙන්නේ. ජෙසිකා හොරා වෙලා, හොරා ජෙසිකා වෙලා. මාර සීන් එක තමා. ඉතින් ජෙසිකා ආයේ තමන් හිටිය පුරුදු තත්වෙට එන්න ගන්න උත්සහය තමා මේ ‍ෆිල්ම් එකේ කියවෙන්නේ."
                                                                             ‍ෆිල්ම් එක පුරාම තියෙන්නේ ජෝක්. එළම තමා.

700MB පිටපත මෙතනින් බාගන්න.

බයිස්කෝප් වලට ලැබෙන ප්‍රතිචාර නම් බොහොම අඩුයි. මේ බයිස්කෝප් එකටත් ප්‍රතිචාර නැති උනොත් බයිස්කොප් ගැන විස්තර දාන එක නවත්වන්න තමා මගේ  අදහස.

අනේ මෙහෙමත් වෙනවනේ

                                                කවද කාපු සැමන්ටින්ද කිව්වලු. අද ඉතින් නිදහසේ ගෙදර ඉන්න කියලා නිවාඩුවක් දැන්මා. උදේ පාන්දරම අපේ ගෙදරින් පුංචි ආරාධනාවක් ඇවිල්ලා මට.  මොකක්ද කියලා බැලින්නම් පොලේ යන්න කියලා. මට මතක විදිහට මම පොළ පැත්තේ ගියේ මම ඉස්කෝලේ 6 - 7 ඉන්න කාලේදිද කොහෙද. බෑ කියලා කියන්නත් බෑ. බෑ කිව්වනම් අද වසලා හමාරයි. කොහොමත් අද මට ටවුම පැත්තේ යන්න උවමනාවකුත් තිබ්බා. අලුත් සපත්තු දෙකක් ගන්න. කොහොමහරි කිටත් ගහගෙන මල්ලකුත් අරගෙන මම ගියා බලන්න පොළ පැත්තේ. හප්පේ ඉන්න සෙනග. කොහොමහරි තටමලා තටමලා පොළ ඇතුළට රිංග ගත්තා. අඩිය තිබ්බ විතරයි දඩ මඩවලක්, මගේ හිතේ පොළේ බඩු විකුණන කට්ටියට නාන්න හදපු තැනැක්ද මන්දා. ලග තිබුණ ටැප් එකක් ගාවට ගිහින් කකුළ හෝද ගත්තා. නැත්තම් කෙල්ලෙක්වත් බලන එකක්යෑ. හෙන බඩු ලිස්ට් එකකුත් අතේ තියගෙන ඔන්න ඉතින් පොළ වටේ ඇවිදින්න ගත්තා. හප්පේ බඩු වල තියන අස්ප ගණන්. අමු මිරිස් 100g රුපියල් 50. 1kg රුපියල් 500.  හම්මේ ඉතින් මිරිස් කාලා ඉවරයි.අද කාලේ කොහොම ජීවත් වෙන්නද මන්දා මේ බඩු වල ගනන් හැටියට. අල නම් ලාවයි.1kg රුපියල් 50. මම කිලෝ දෙක තුනක්ම ගත්තා. මොකද ලාවයි නේ. අල කාලා අලියෙක් වත් වෙන්න බැරියැ. 
                                                 තව ඉතින් ගන්න තිබුණ බඩු ටිකත් අරගෙන ඔන්න  ඉතින් පොළෙන් එළියට ආවා.හරියටම පොළෙන් එළියට එන තැන පොරක් කෑ ගහනවා පේතර කොළයක් දහයයි දහයයි කියාලා. මොකක්ද යකෝ මේ පේතර කොළ කියන්නේ. අලුත් කොළ ජාතියක්දවත්ද. මම පොරට ටිකක් කිට්‍ටු කරලා ඇහුවා " අන්කල්, මොනාද මේ පේතර කොළ කියන්නේ කියලා." පොර කියනවා." මහත්තයෝ පේතර කොළ නෙමේ මේසේට කොළයක් කියලා." හප්පේ වස ලැජ්ජාවයි. එක්කෝ මේ යකා වැරදියට කියනවා. නැත්තම් මගේ කන් වල දෝෂයක්ද මන්දා.පුරුද්දට වගේ ගත්තා කලවමේ රටකජු ගොට්ටක්. ඒකත් 100g රුපියල් 30ක්. හප්පේ ඒවා රටකජුද කියලත් හිතෙනවා. ඔක්කොම රටකජු ටික පොගලා. බාගයක් කාලා පාරේ ගිය බල්ලෙක්ට දැම්මා. යකෝ බල්ලවත් කෑවේ නෑ ඒ රටකජු එක. සපත්තු කුට්ටමකුත් ගන්න එපෑ. මේ දවස් වල අතේ එච්චර සල්ලිත් නෑ.Odesk එකේ ජොබ් එකක් කලා කියලවත් එච්චර වාසියක් නෑ.(ඒ ඉතින් මගේ කම්මැලිකම නිසා).බඩු මල්ලත් අරගෙන ගියා සපත්තු දෙකක් ගන්න. බැලුවා බැලුවා හැම කඩේකම සෙට් වෙන එකක් නෑ. අන් අන්තිමට ඉතුරු වෙලා තිබුණ අන්තිම කඩේටත් ගියා. අන්න ඒකේ නම් සෙට් වෙන එකක් තියනවා. ලෙදර් දෙකක්. ගාන නම් සැරයි. ඒත් බඩු ලෙදර් නේ. අවුරුදු ගානක් දාන්න පුළුවන් කිව්වා. ඇත්තද දන්නේ නෑ. ගත්තා ඉතින් මොනා කරන්නද.දැන් ඉතින් එක අතක බඩු මල්ලයි, අනිත් අතේ සපත්තු කුට්ටමයි එල්ල ගෙන බස් එකට නගින්න එනවා. කෙල්ලෝ මං දිහා බලන්නේ හරියට පවුල්කාරයක් දිහා බලන විදිහට. උන් හිතනවද දන්නේ නෑ මම ළමයි හත් අට දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලා. නයි කයිද පොළොස් කිව්වලු. විලිම විල ලැජ්ජාවයි. 

                         කොහොමින් කොහොම හරි බස් එකට නැග්ගා. බස් එකෙත් පොල් පටවලා වගේ  හරියට වෙන බස් නෑ වගේ. මටත් ඉතින් ගෙදර එන්න හදිස්සිය. දැම්මා බඩු මල්ල සීට් එකක් අස්සට. සපත්තු කුට්ටම අතේ, පර්ස් එක කටේ. දැන් ඉතින් බස් එකේ පැද්දි පැද්දි එනවා. බස් එකේ මම දන්න බල්ලෙක්වත් නෑ. මාත් ඉතින් ඔහේ කරබාගෙන ආවා. මම බහින පොට්ටෙකටත් ආවා. බැලුවා බස් එකේ බෙල් එක කොහෙද කියලා. මොන බෙල්ද බෙල් ලොවෙත් නෑ.ගැහුවා කෑ  "බහිනවෝ බහිනවෝ කියලා" කොන්දා අහපි " කවුද? කවුද? කියලා" හත්දෙයියනේ මම නැතිව වෙන මොකා බහින්නද,හෙන ගේමක් දීලා බස් එකෙන් එළියට පැන ගත්තා. බස් හෝල්ට් එකේ ඉදලා අඩි දෙකක් විතර එනකොට අමුත්තක් දැනුණා. හුටා සපත්තු කුට්ටම විතරයි අතේ. බඩු මල්ල බස් එකේ. මටත් පාත්වෙන්නෙම තොප්පි තමා. හොද වෙලාවට මං අදුරන පොරක් හිටියා එතන. පොරගේ මෝටසයිකලෙත් තිබුණා. නැග්ගා ඒකට. ඔන්න දැන් අපි දෙන්නා පන්නනවා බස් එක පිටිපස්සේ. හරියට S.F එකෙන් වගේ. හෝන් එක ගහනවා එක කෙලියයි. බස්  කාරයා බය වෙලාද මන්දා පොර බස් එකේ වේගේ වැඩි කළා. 
                                                                                                       හත්දෙයියනේ මගෙ අසරණ බඩු මල්ල.කොච්චර කට්ටක් කාලද ඕක අරගෙන අවේ. අපිත් ඇරියේ නෑ පස්සෙන්ම පැන්නුවා. බස් කාරයා එක පාරටම නැවැත්තුවා. පොර අහපි "මල්ලී ඇයි ගේමද කියලා" මේකා ඒ අස්සේ ගේම් ගහන්නත් එනවා. "මොන ගේම්ද අයියා, මගේ බඩු මල්ල බස් එකේ" ආ එහෙමද මල්ලී, ගන්න ගන්න බඩු මල්ල කිව්වා. මාත් ඉතින් ටකස් ගාලා බස් එකට නැගලා බඩු මල්ල ගත්තා.අඩුවක් නැතුව බඩු ටික ඔක්කොම තියනවා. කොහොමහරි බස් මෙහෙයුම ඉවර කරළා ගෙදර එනකොට හොද පණ ගිහින්. සිරි සිරි මල් කිව්වලු.

The Green Hornet චිත්‍රපටය

   හොලිවුඩ් බොක්ස් ඔ‍ෆිස් දර්ශකයේ පළමු චිත්‍රපට දහය අතර ‍රැදී තියෙන මයිකල් ගොන්ඩ්‍රිගේ 'ද ග්‍රීන් හෝර්නට්' චිත්‍රපටය තමා අද ඔයාලට දෙන්න යන්නේ. හාස්‍ය, ත්‍රාසය,  භීතිය මෙන්ම කුතුහලය දනවන මෙම චිත්‍රපටය මෑත කාලයේ චිත්‍රපටලෝලීන් අමන්දානන්දයට පත්කළ දුර්ලභ ගණයේ කතා තේමාවක් ‍රැගත් චිත්‍රපටයක් ලෙස සැළකේ.දැනට ලොව පුරා තිරගත වන මෙම චිත්‍රපටය ලංකාවේද තිරගත වන්නකි.චිත්‍රපටය ගැන පොඩි විස්තරයක් මෙන්න.



                                 " බ්‍රිට් රේඩ් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටි 'The Daily Sentinel' නම් දිනපතා පළවන පුවත්පතේ අපරාධ සම්බන්ධ ලිපි ලේඛණ පළ කරන කතුවරයා වෙයි.ඔහු සිය පියා වූ ජේම්ස් රේඩ් අභිරහස් ලෙස මිය යනතුරු කිසිම ආකාරයකින් ජීවිතයේ අරමුණු කරා යෑම ගැන නොසිතූ පුද්ගලයෙකි.ජීවිතයේ යථාර්තය තේරුම් ගන්නා ඔහු හොද පුරවැසියෙකු ලෙස ලෝකයට පෙන්නුම් කරන්නට උත්සහ ගනී. ඒ අතරතුර ඔහු තම පියාගේ මිතුරකු වන කැටෝ නම් තරුණයෙකු සමගින් එකවන ඔහු අපරාධ මර්ධනය සදහා වැඩ පිළිවෙලක් දියත් කරයි.දිනෙන් දින ලොස් ඇන්ජලීස් නුවර අපරාධ වැඩි වන අතර, ඔහුට අපරාධ සම්බන්දවපුවත්පතේ පළකිරීමට ලිපි ලැබේ.නමුත්...චිත්‍රපටයේ අවසන් බාගය වනවිට බ්‍රිට් හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු ලෙස පෙනී සිටියි.එනම් ඔහු පාතාල කල්ලියක නායකයෙකු ලෙස අනපේක්ෂිත තත්වයකට පත්ව ක්‍රියා කරයි."


                      පසුගිය ජනවාරි 04 වනදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 78 කි. චිත්‍රපටයේ රගපාන්නේ මෙන්න මේ අය Seth Rogen, Jay Chou, Cameron Diaz, Tom Wilkinson, Christoph Waltz.දැනට මෙම චිත්‍රපටය රේටින්ස් IMDB 6.5 අරගෙන තියෙන්නේ.ධාවන කාලය විනාඩි 119.


 ඔයාලට දෙන මේ පිටපත නම් ඔර්ජිනල් පිටපත නම් නෙවේ. කැමරා කොපියක්( දැනට තියන හොදම එක). කැමති නම් බාගෙන බලන්න. නැත්තම් ඔර්ජිනල් පිටපත ආපු කාලෙක බාගෙන බලන්න. මොනා උනත් ෆට්ටම පට්ට ‍ෆිල්ම් එකක්. maxxa 


800MB පිටපත මෙතනින් බාගන්න !


 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013