Followe කරන අය

බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල

                                         

                           දන්නවනේ ඉතින් බිල්බෝඩ් කියන්නේ මොකක්ද කියලා. ලෝකේ තියෙන හොදම මියුසික් චාට් එකක් නේ. ඒ ගැන නෙමේ මං මේ කියන්න හදන්නේ. බිල්බෝඩ් සංගීත සම්මාන උළෙල ගැන.

                                          පසුගිය සති අන්තයේ ඇමරිකාවේ ලාස් වේගාස් හිදී තමයි මෙය පැවැත්වුනේ. වර්තමානයේ ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ බොහේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල වෙනදා නොමැති ආකර්ෂනීය බවක් දක්නට ලැබුණ බව සදහන් වෙනවා.


වසරේ ජනප්‍රියතම කලාකරුවා

EMINEM 









Nomination
  • Justin Bieber
  • Lady Gaga
  • Taylor Swift
  • Rihanna

වසරේ නවක කලාකරුවා

Justin Bieber 








Nomination
  • Ke$ha
  • Nicki Minaj 
  • Taio Cruz
  • Bruno Mars

වසරේ හොදම ගායකයා  

 EMINEM 






  

Nomination 
  • Justin Bieber
  • Drake
  • Usher
  • Bruno Mars

වසරේ හොදම ගායිකාව
  
Rihanna








Nomination 
  • Katy Perry
  • Taylor Swift
  • Lady Gaga
  • Ke$ha

වසරේ හොදම පොප් කලාකරුවා

Lady Gaga 






Nomination 
  • Katy Perry
  • Ke$ha
  • Justin Bieber
  • The Black Eyed Peas

 
වසරේ හොදම ‍රැප් කලාකරුවා 

EMINEM
 





Nomination
  • Lil Wayne
  • Ludacris
  • Nicki Minaj
  • Drake 



                                වැඩි සම්මාන ප්‍රමාණයක් හිමි කර ගැනීමට EMINEM සමත් විය. මෙම සම්මන උළෙලේදී බ්‍රිට්නි ස්පයරස්, ලේඩි ගාගා, ජෙනට් ජැක්සන්, ජස්ටින් ටිම්බර්ලේක් නර්තන ඉදිරිපත් කරමින් ගීත ගැයූ අත්‍ර, බ්‍රිට්නි විසින් ඉදිරිපත් කළ රංගනය බොහෝ දෙනාගේ අවධානය දිනාගනු ලැබුවාය. 

.වැඩි දුර තොරතුරු ,ජායාරූප සහ වීඩියෝ සදහා පිවිසෙන්න.


Siruthai (2011) දමිළ සිනමාවෙන් [මැක්සා]

                             ඔන්න හුග කාලෙකට පස්සේ බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක දෙමළ බයිස්කෝප් එකක්.බයිස්කෝප් එකනම් මැක්සා. මේක නිකුත් උනේ 2011 ජනවාරි වල. මේකේ රගපාන්නේ අපි කවුරුත් දන්න දෙමළ සුපිරි නළු සූර්යාගේ සහෝදරයා කාර්තී. ඔහුට අමතරව Tamanna Bhatia , Rajiv Kanakala , Manobala , Meghna Naidu, Santhanam යන නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා. IMDb රේටින්ස් නම් 4.9 යි. පැය 2 විනාඩි 34ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.මෙම චිත්‍රපටයේ කාර්තීගේ රංගනය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සදහන් කල යුතුමය.විටෙක ත්‍රාසය, විටෙක හාස්‍ය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය තවත් එක්තරා ෆට්ට දමිළ සිනමා සිත්තමකි.මියුරු ගීත කීපයකින්ද මෙම දමිළ සිනමා සිත්තම හැඩ වී ඇත.
                            
                                                  බයිස්කෝප් එක ගැන විස්තරයක් දෙන්න මුලදි නම් මගේ අදහසක් තිබුණේ නෑ. ඒත් බයිස්කෝප් එක ගැන පුංචි පැහැදීමක් ඇතිවෙන්න ඕන නිසා විස්තරයක් දෙන්න හිතුවා. හැබැයි පොඩිම පොඩි විස්තරයක්.

                 "රත්නවේල් පාණ්ඩියන් නම් අභීත පොළිස් නිළධාරියත්, රොකට් රාජා නම් පල් හොරත් අතර දිවෙන කතාවකි මෙය. රත්නවේල් පාණ්ඩියන් ගම්මානයක් මැරයන්ගෙන් බේරා ගැනීමට දරණ දරුණු උත්සහයත්, ඔහුගේ මරණින් පසු රොකට් රාජාගේ පැමිණීමත්. කුමක්ද මේ කතාව, අවසානයේ කුමක් වේද?"

                                               ඔහොම කිව්වට මේලොකේ දෙයක් තේරුණේ නෑ නේද? බය වෙන්න එපා. බය නැතුව මේ බයිස්කෝප් එක බාගෙන බලන්න. කියනවට වැඩිය බාගෙනම බලන එකතමා හොද.




700MB පිටපත මෙතනින් බාගන්න !
(ඉංග්‍රීසි උපසිරස අන්තර්ගතය)
 
නිකන්ම යන්නෙ නැතුව කමෙන්‍ටුවකුත් දාගෙන යන්න. අකමැත්තක් නැත්තම් බ්ලොග් එක ෆලෝව් කරලා පොඩි සහයෝගයක් දෙන්න.ජය වේවා !

සිංහලෙන් Convert කරමු

    
            ඔන්න හුග කාලෙකට පස්සේ දෙන්න හදන්නේ එළකිරි සොෆ්ට් එකක්.  මේක Converter එකක් කිව්වට Converter එකක් විතරක්ම නෙවෙයි. වීඩියෝ කපන්න , කොටන්නත් පුළුවන්. මේක සිංහලෙනුත් තියනවා. බාගෙනම බලන්නකෝ.

මෙතනින් බාගන්න !






Screen Shots

දිලුම් අයියේ ඔබට නිවන් සුව !!



*  කිසිදා හමු නොවූ, *


            *    කිසිදාක වචනයකින් හෝ දොඩමළු නොවූ, *


      *       එහෙත් සයිබර් අවකාශයේ සයිබර් සගයෙකු වූ  *


* දිලුම් අයියේ ඔබට නිවන් සුව !! *




මා ඔබට පෙම් කරමි

                                  
                                 එතකොට මම උසස් පෙළ කරන්න ඉස්කෝලෙට ඇවිත් මාස 4 යි. ඔයාගේ පන්තිය තිබුණේ අපේ පන්තියට පහළින්. මම ඔයාව දැක්කේ අහම්බෙන් වගේ. ඔයාව දැක්කහම මට මුකුත් හිතා ගන්න බැරි උනා. ඔයා ඒ තරමටම ලස්සනයි.ඒ වගේම ආඩම්භරයි.ඔයා දැක්ක වෙලාවේ ඉදලා මගේ හදවත මොන මොනාදෝ ගොඩාක් දේවල් කියන්න ගත්තා.ඒ වෙලාවේ මට ඒ කිසි දෙයක් තේරුණේ නෑ.මට තේරුම් ගන්න වුවමානවකුත් තිබුණේ නෑ.මොකද මම ඔයා දිහාම බලාගෙන හිටිය නිසා.අන්න එහෙමයි මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති උනේ. මම ඉස්කෝලේ ආවේ හරිම ආසාවෙන්.ඒ ඔයා හින්දා.ඉස්කොලෝ උගන්නනෙ නැති දවස් වලටත් මම ඉස්කොලේ ආවේ ඔයාව නොදැක ඉන්න බැරි නිසා.ඒ කිසි දෙයක් ඔයා දන්නේ නෑ.මගේ උදව්වට හිටියේ ඔයාගේ යාළුවෝ ටික. එයාලා ඇත්තටම මට උදව් කරාද නොකලද කියලා මම දන්නේ නෑ.මට හිස් පීරියඩ් එකක් තිබුණ හැම වෙලාවටම මම ඔයාව බලන්න එනවා.ඒත් ඒ එකවතාවක්වත් ඔයා මං දිහා බලලා හිනාවෙලා නෑ. මට එහෙම කරන්න තරම් ඔයා නපුරු උනේ ඇයි කියලා මම දන්නෑ. 




                                 අදට මම ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන මාස හතක් වෙනවා. මේ මාස හතටම මම ඔයත් එක්ක එක වචනයක් කතා කරලා නෑ. එක වචනයක් !! ඔයා එක දවසක්වත් මාත් එක්ක හිනාවෙලා නෑ. මම ඔයත් එක්ක කතා කරන්න උත්සහ කරත් ඒක කරන්න මට බෑ. අනෙක් හැම දෙයක් ගැනම ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඒත් ආදරේ ගැන ඔයත් එක්ක කතා කරන්න තරම් ශක්තියක් මට නෑ රත්තරන්. ඔයාට කොහොමද දෙයියනේ මම මේ දේ තේරුම් කරන්නේ.ඔයාට මම කොච්චර ආදරේ කරනවද කියලා කියන්නේ.................................................






"මොර සූරන මහ වැස්සකට
කියන්නට හැකිවේද මේ හිත හඩන තරම්
මහ පොළව ඉරිතලා යන කාෂ්ටක අව්වට
හැකිවේද කියන්නට
මේ සිතේ නුඹට උපන් පෙම් හිත ගැන
දනිමි මං ගලක ඇදි ඉරක් සේ
නොවේ මෙලොව කිසිවෙකුදු
මා තරම් නුඹට පෙම් කරන"

The Mechanic (2011)

   සුපිරි නළු Jason Statham ගේ බයිස්කෝප් එකක් 
තමා අද අරගෙන ආවේ.පොරගේ බයිස්කෝප් ඉතින් 
කොහොමත් ෆට්ට නේ.වැඩිපුර කතා ඕනේ නෑ.මේ 
බයිස්කෝප් එක නිකුත් උනේ 2011 ජනවාරි මාසයේ.
Jason Stathamට අමතරව මේකේ රගපාන අනෙකුත් 
නළු පිරිස තමයි Ben Foster , Tony Goldwyn ,Donald  
Sutherland , Jeff Chase , Mini Anden. IMDb රේටින්ස් 
නම් 6.5 යි.මෙම බයිස්කෝප් එක විනාඩි 93ක් දක්වා
දිවෙනවා.බයිස්කෝප් එකේ කතාව මෙහෙමයි.


        "ඔයාලට මතකද Bangkok Dangerous බයිස්කෝප්
 එක අන්න ඒකට සමාන කතාවක් තමයි මේ බයිස්කෝප් 
එකෙත් තියෙන්නේ. ආතර් බිෂෝප් (Jason Statham) 
කියන්නේ කුලියට මිනී මරන අතිදක්ෂ මිනීමරුවෙක්.
එක් දවසක ඔහුට කොන්ත්‍රාතුවක් එනවා ඔහුගේම ලොක්කා වන (Harry McKenna) 
ඝාතනය කිරීමට.ඔහු විසින් එයද සිදු කරනු ලබනවා. ඔහුගේ ඝාතනයෙන් පසු 
Harry McKennaගේ පුත් Steve McKenna ආතර් බිෂෝප්ගේ ආශ්‍රයට වැටෙනවා.
ආතර් බිෂොප් විසින් ඔහුව තමාගේ ඝාතන වලට හවුල් කරගන්නවා. ඒත් මේ තරුණයා 
දන්නේ නෑ තමාගේ පියා මැරුවේ මොහු විසින් කියලා. තමාගේ පියා මැරූ ඝාතකයා සොයා 
මරා දැමීමටයි මේ තැරුණයා සිතාගෙන ඉන්නේ. මොවුන් දෙදෙනා විසින් හොදින් තම ඝාතන 
කටයුතු සිදු කරගෙන යනවා. මේ අතරේ සිදුවූ එක් අහබු සිදුවීමක් හේතුවෙන් අර තරුණයාට 
තම පියා ඝාතනය කරනු ලැබුවේ ආතර් බිෂොප් බව දැන ගන්නවා. ඉන් පසු කුමක් සිදුවේද? 
ඒ ගැන දැනගන්න නම් ත්‍රාසය , කුතුහලය පිරි මේ සිනමාපටය ඔබත් නරඹන්න."


බයිස්කෝප් එක ෆට්ටය. මැක්සාය. අනිවා නරඹන්නය. අදහස් උදහස් දමන්නය. 
එය අපිව දිරි ගන්වනවාය. ඒ ගැනත් සිතන්නය. ඔබට ජයය.

සැළකිය යුතුයි : මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන් හා නැරඹීමට සුදුසු නැත.

700MB පිටපත මෙතනින් බාගන්න !

550MB පිටපත මෙතනින් බාගන්න !

Kismat Konnection (වාසනාවන්ත සම්බන්ධය)

න්න කාලෙකට පස්සේ හින්දි බයිස්කෝප් එකක් අරගෙන ආවා.මේක ආදර කතාවක්. කතාව නම් ලස්සනයි.බයිස්කෝප් එකනම් ටිකක් පරණයි.මේක නිකුත් උනේ 2008 ජූලි මාසයේ.මේකේ රගපාන්නේ Shahid Kapoor,Vidya Balan,Om Puri,Juhi Chawla ඇතුළු නළු නිළියන් පිරිස.IMDb රේටින්ස් නම් 5.5 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 153 යි.මේක ලස්සන ආදර කතාවක් කියන්න පුළුවන්.ලව් ස්ටෝරි බලන අයට එළ.මෙන්න මේකයි ස්ටෝරිය..


                       " රාජ් මල්හෝත්‍රා නම් තරුණයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.ඔහු රැකියා සොයා සෑම තැනකටම යනවා.ඒත් ඔහුට රැකියාවක් සොයා ගැනීමට හැකිවෙන්නේ නෑ. ඔහු එ නිසා සාස්තරකාරියක් සොයා යනවා.ඇය පවසන පරිදු ඔහුට වාසනාව ගෙන ඒමට හැකි වෙන්නේ පුද්ගලයකුට පමණයි. ඉතින් මේ රාජ් මල්හෝත්‍රා නම් තරුණයාට ඔහුව අහම්බෙන් හමුවෙනවා. හැබැයි ඇය ඉතාමත් ලස්සන තරුණියක්.ඉතින් මොහු ක්‍රම ක්‍රමයෙන් මේ තරුණිය වෙත සමීප වෙනවා. ඇය ඔහු ලග සිටින විට මොහුගේ හැම කාර්යයක්ම පාහේ හරියනවා.ටිකෙන් ටික මේ තරුණයා ඇයට පෙම් කිරීමට පටන් ගන්නවා.නමුත් ඇයට පෙම්වතෙක් සිටිනවා." අවසානයේ කුමක්වේද? ඒක දැනගන්න ඉතින් මේ බයිස්කෝප් එක අනිවා බලන්න. ෆිල්ම් එක සුපිරි. ලස්සන සිංදු වගයකුත් තියනවා.


700MB පිටපත මෙතනින් බාගන්න !

450MB පිටපත මෙතනින් බාගන්න !

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013