මම ගහ උඩ !! @ Tree

         මේ දවස් වල නම් නිවනක් නෑ. හැරෙන්නවත් වෙලාවක් නැති තරම්. මමවත් දන්නේ නැතුව මම බිසී වෙලා .මේ ළගදී ආයෙත් මට පොළේ යන්න කියලා ඉහළින් නියෝගයක් ආවා.හප්පේ මම නම් ගත් කටටම බෑ කිව්වා.මතකනේ එක පාරක් පොළේ ගිහින් වෙච්ච සීන් එක.මේ නම් පොළේ ගිය සීන් එකක් නෙමේ. යාළුවෙක් නිසා කාපු කස්ටක්.නිකන් කස්ටක් නෙමේ රජ කස්ටක්..

       මිනිහා හරි කුකුලා.මිනිහට අපි හුරතලේට කියන්නේ පැණියා කියලා. (ඇයි පැණි ගොඩක් නේ) සති දෙකෙන් දෙකට කෙල්ලෝ මාරු කරනවා. ඔක්කොම ඉතින් මූණුපොතේ කෙල්ලෝ.ඔක්කොම උන් මූට අහුවෙනවනේ, ඇයි යකෝ මෙච්චර මේ "අපි වගේ අහිංසක" උන් ඉන්නවා ලව් කරන්න.අපිට අහුවෙන්නේ නැති හැටි විතරක්.කොහොම හරි මූ සෙට් කරගන්න කෙල්ලො මීට් වෙන්නත් යනවා. යන්නේ ඉතින් තනියම නෙමේ අපි වගේ හැඩි දැඩි පොරවල් එක්ක තමා. මොකද ඔය යන ගමන් වල Risk එක වැඩී නොවැ.ඉතින් හදිසි අවස්ථාවලදී විදේශ ආධාර ඕන කරනවනේ.(ගැහුවොත් උස්සගෙන යන්න වගේ)කොහොමහරි මේ ළගදී දවසක උදේ පාන්දරම මූගෙන් කෝල් එකක් ආවා.ඒදා විතරයි ගෙදර ඉන්නේ.නිදාගන්නවත් දෙන්නෙ නෑ මුං.

මම : අලෝ! කවුද මේ උදේම ?
පැණියා : අඩෝ මේ මම පැණියා බං. මේ පොඩි ගමනක් තියෙනවා, යමුද?  
මම : ආ උඹද? උඹලටත් අපිව මතක් වෙන්නේ කොහෝ හරි යන්න ඕන උනාම තමා..
පැණියා : නෑ බං එහෙම කියන්න එපා. අඩෝ වරෙන්කො යන්න.ෆට්ට කෑල්ලක් බං සෙට් උනේ..
මම : හා හා ඉතින් යමන් යමන්. හැබැයි සියළුම පිරිවැය උඹ ගානේ..
පැණියා : හරි හරි .. එළස්. අට වෙද්දී අපේ ගෙදරට වරෙන්..


             මේ දවස් වල ඇදුම් හෝදන්නත් වෙලාවක් නෑ නොවැ. මහ වරුසාවනේ. ගිය සතියට එපිටින් සතියෙද කොහෙද හෝදපු ඇදුමක් තිබ්බා.අන්තිමට හේදුවේ කවද්ද කියලා හරියට මතක නෑ.ඊළග දවසේ ඉදලා ඩයිරි එකේවත් ලියන්න ඕනේ.හප්පේ එකේ පුසුඹ. තිබ්බ ඔක්කොම සුවද ගහන ඒවා ටික දාලා යන්තම් ඇදුම පොෂ් කරගත්තා..
දැන් ඉතින් අපි ගියා කෙල්ල එන්න කිව්ව පොට් එකට. සෑහෙන දිග ගමනක්. එතෙන්ට යන්න අපිට පැය දෙකක් විතර ගියා නොවැ. හප්පේ මරු පොට් එක. සෑ කියලා වැඩැක් නෑ. වැව ගාව හුළං පාර නම් මරු ඉතින්. පැණියාව ඉස්සරහට යවලා මම පස්සෙන් හිටියා. පැණියා දැන් මට ඉස්සරහ බංකුවක වාඩි වෙලා ඉන්නවා.තාම කෙල්ල නෑ. මම පොරට පස්සෙන් ගහකට හේත්තු වෙලා දැන්.හදිසි ආධාර ඕන උනොත් එහෙම ළග පාත ඉන්න එපැයෑ.කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට .පැණියා කිව්ව වගේ හැඩරුව  තියෙන පොෂ් කෙල්ලෙක් මගේ දර්ශණ පථයට අහුවෙන්න ගත්තා.


           කෙල්ල සීන් එකක් නැතුව ඇවිත් පැණියා ගාවින් ඇවිත් ඉද ගත්තා.හරියට කලින් දැනගෙන උන්න වගේ.කවුද ඉතින් දන්නේ මුං දෙන්න මට හොරෙන් කලින් යාළු වෙලා උන්නද කියලා.කොහොමහරි මුං දෙන්නා දැන් පැය දෙකක් විතර කදේ,මං මෙහේ වේලෙනවා.කෝකටත් මං පැණියගෙන් රු 200ක් කලින්ම ඉල්ල ගත්තා.නිකන් මොකටද මගේ ප්‍රතිපාදන ක්ෂය කරගන්නේ. මාත් ඉතින් කඩෙන් අයිස් පලමක් අරගෙන කකා ඉන්නවා. ඔහොම ඉන්නකොට කොල්ලෝ හතරක් පහක් ඇවිත් පැණියවයි, අර කෙල්ලවයි වට කරගත්තා.මාත් දැන ගත්තා දැං නම් බඩු හරි වගේ කියලා. එක පොරක් පැණියගේ බෙල්ලෙන් අල්ලගෙන උස්සලා බිම දැම්මා. මූ නැගිටලා "අඩෝ! සිහිනයෝ දුවපාන්..............කියලා මූ දිව්වා.මම කොහේ දුවන්නද, මම ගහ උඩනේ.....


6 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. මරු යාළුවෝ තමයි..කොහොම වුණත් පැණියත් මම වගේ එකෙක්නේ..මට පරිස්සම් වෙන්න වෙනවා වගේ

    ReplyDelete
  2. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර :
    පරිස්සම් වෙන එක හොදා කොල්ලෝ. නැත්තම් දුවන්න පාර ඉඩ මදි වෙයි..

    ReplyDelete
  3. අම්මපා ඔව්..මම පහුගිය දවසක ට්‍රයි එකක් දාපු කෙල්ලෙක්ට අයියලා තුන්දෙනෙක් ඉන්නවා. තුන් දෙනාම දඩාර් ගැන්සි කාරයෝ.මම එදා තමයි ආදරේ අකුරු ටික අමතක කරගෙන හිත හදාගන්න තීරණේ කරේ..මොකද බොලේ ගුටිකන්නවත් ඇඟක් නෑ නෙව මට

    ReplyDelete
  4. @ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර :
    ඒකනේ කියන්නේ...

    ReplyDelete
  5. ඊට පස්සේ මොකද වූනේ බං

    ReplyDelete
  6. @ගෝල්ඩ් ෆිෂ්:
    පැණි කොල්ලට කොන්දේ අමාරුවට සතියක් බෙහෙත් කොලා මිසක්..

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013