අපිත් ඉතින් ඔය පොදු ප්රවාහන සේවය භාවිතා කොරන කස්ටිය නොවැ.ඉතින් ඕකේ යනකොට ඇහෙන කතා නම් අනන්තයි.රස කතා,විහිළු කතා,කැත කතා,ලව් කතා,ඇඩෙන කතා එක එක කතා. ඔන්න දැන් ඉතින් කස්ටිය කියන්න එපා මම අනුන්ගේ කතා හොරෙන් අහනවා කියලා. ඇහෙන්න කියනවනම් අහන්නේ නැතුව ඉන්නේ කොහොමෙයි. ඔයාලත් අහලම බලන්නකෝ..
මේ කතාව ඉස්කෝලේ යන පොඩි ළමයි දෙන්නෙක් කිව්ව කතාවක්.මයෙ හිතේ අටේ හරි නවයේ හරිද කොහෙද,
"සල්ලි මත්තෙම නැහිලා හරියන්නේ නෑ බං. සල්ලි නෙමේ හම්බ කරන්න ඕනේ මිනිස්සු"
මේවා නම් කිව්වේ කවුද කියලා නම් මතක නෑ. කවුද කිව්වේ කියලා ඔයාලම හිතා ගන්නකෝ...
"අම්මට සිරි.. අර බලහල්ලකෝ, ෆට්ට කෑල්ල බොලව්"
"කෑ නොගහා ඉන්නවා... නැත්තම් දෙනවා දෙකක් "
" ඊයේ පොඩ්ඩක් වැඩි උනා නේ, ඒකයි උදේ එන්න පරක්කු උනේ.."
"සුදූ අද මම එනකොට රෑ වෙනවා,, දොරවල් වහගෙන නිදාගන්න.."
" අරූ මහ ෆල් ටෝක් එකක් දුන්නේ.. හරියන්නේ නෑ, පොරට දෙන්න ඕන ගේමක්.."
"අනේ පැටියො.. කවුරුහරි දැක්කොත් එහෙම.."
"දොර ගාවින් ඉස්සරහට යන්න.. ඔය දොර තනිවෙන්නේ නෑ..."
කොටුව... කොටුව... 138 මම හිටිය.....
ෆට්ට.. ෆට්ට ..
ReplyDelete