ඔබ ඒවිදෝ ආයේ .....

                   හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්බා.ඒ ඔයා හිටිය නිසා.ඒත් අද ඔයා මගේ ළග නෑ. මේ ජීවිතේදී අපේ දෛවය අපි ආසකරන ගොඩාක් දේවල් අපිට ලබාගන්න දෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියේ නෑ.එදා මම නුවර පෙරහැර බලන්න ආවේ මගේ යාළුවොත් එක්ක.මගේ යාළුවොන්ට නම් ඉදගන්න තැන් හම්බ උනා.මට තැනැක් නැතිව එහාට මෙහෙට වේවී ඉන්න කොට තමයි ඔයා අඩගහලා මට ඉදගන්න තැනක් දුන්නේ.මම හිතුවේ නෑ එදා මම සදහටම ඔයා ගාව ඉදගෙන ඉන්න ප්‍රාර්ථනා කරයි කියලා.එදා ඇති වෙච්ච බැදීම අපි දෙන්නටම දිගටම අරගෙන යන්න ඕන උනා.ඒ නිසයි අපි හැමදාම හම්බ උනේ.අපි කොච්චර නම් දවසක් මේ නුවර වැව වටේ ඇවිදගෙන යන්න ඇත්ද..
         
                      " මම ඔයාට ගොඩාක් ආදරෙයි.මම ඔයාව කවදාවත්ම දාලා යන්නේ නෑ සිහින,කවදාවත්ම.. "
                                                
                                එහෙම කියපු ඔයා මගෙන් මෙහෙම ඈත් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.ඔයා මගෙන් ඈත් වෙන්න මම කරපු වැ‍රැද්ද මොකක්ද කියලා මම තාමත් දන්නේ නෑ.මම කරපු එකම වැ‍රැද්ද මගේ පණටත් වැඩිය ඔයාට ආදරේ කරපු එකද?ඔයාව හම්බ වෙන්න එන්න මට සල්ලි නැති වුනාම, මගේ පරණ පොත් විකුණලා සල්ලි හොයාගෙන මම ආවේ. ඔයාගේ උපන්දිනේට තෑග්ගක් දෙන්න සල්ලි නැති වෙලේ මගේ සපත්තු දෙක විකුණලා ඔයාට තෑග්ගක් ගත්තේ.එදා ඉදලා මම දැම්මේ රබර් සෙරෙප්පු දෙකක්.මම ඔයා ගැන ගොඩක් හීන මැව්වා තරූ.අපේ අනාගතේ ගැන ගොඩක් හීන මැව්වා.එදා නුවර වැව ලගදී මට ඔයාව හම්බ උනේ අන්තිම වතාවට කියලා මම දැනගෙන උන්නේ නෑ තරූ.එහෙම දැනගෙන උන්න නම් ඔයාට යන්න දෙන්නෙ නෑ තරූ.

          " මට සමාවෙන්න සිහින..මට තවත් ඔයාට බොරු කරන්න බෑ..ඔයාගේ බලාපොරොත්තු නැති කළාට මට සමාවෙන්න,අනේ හේතුව මොකක්ද කියල නම් මගෙන් අහන්න එපා.ප්ලීස් මාව අමතක කරන්න "

                                     ඔයා මට එක වචනයක්වත් කියන්න දුන්නේ නෑ.ඔයා කියාගෙන කියාගෙන ගියා.මම කතා කරන්න හැදුවත් මට වචන ආවේ නෑ.මගේ ඇස්වලින් පුංචි කදුලු කැට වැ‍ටුනේ ඇයි කියන්න මම දන්නේ නෑ තරූ.මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරපු ඔයා මට කවදාවත් මෙහෙම කියයි කියලා මම හිතුවේ නෑ.මම යන්නම් සිහින කියලා යන්න හදපු ඔයාව නවත්තන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ.මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරිව මම හිටියේ. ඔයා ඈතින් ඈතට යනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුණේ නෑ.මම එතෙන්ට වෙලා ගොඩක් ඇඩුවා තරූ. ඔයා දන්නේ නෑ තරූ. ඈතින් බැහැලා යන ඉර වගේ මටත් නුවර වැවේ ඇතුළටම බැහැල යන්න හිතුණත් මට ඒක කරන්න බෑ තරූ.අපේ නංගිගෙයි අම්මගෙයි ජීවිත තියෙන්නේ මගේ අතේ
එයාලව තනි කරලා මට යන්න බෑ තරූ.
එදයින් පස්සේ අද වෙනකන් මම ඔයාව දැක්කේ නෑ තරූ.මම තාමත් නුවර වැව ඉස්මත්තට යනවා.කවදා හරි ඔයා එයි කියලා බලාපොරොත්තුවෙන්. 



හිත වාවන්නේම නෑ..
ඔබ ආයෙත් එන්නේ නෑ...
මම තාම දන්නේ ඔබ මගේ කියා...


5 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........

    ReplyDelete
  2. මොනවා කියන්නද කියල හිත ගන්න බැහැ......එයා යන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසානේ

    ReplyDelete
  3. අනේ මංදා සහෝ...මගේ නම් පැතුම නැවත කවදාහෝ ඔබ දෙදෙනාට එක්වෙන්න ලැබේවායි කියලයි... :) දුක් වෙන්න එපා ජීවිතේ අපි පතන සිතන හැම දේම අපිට ලැබෙන්නේ නෑ සහෝ....

    ReplyDelete
  4. අඩේ කස්ටියට කියන්න බැරි උනානේ..
    මේ සිරා සීන් එකක්නම් නෙමේ. මගේ හිතට ආපු අදසහකට ලියපු කතාවක්.
    සොරි වෙන්න ඕන කොල්ලනේ..

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013