මා ඔබට පෙම් කරමි

                                  
                                 එතකොට මම උසස් පෙළ කරන්න ඉස්කෝලෙට ඇවිත් මාස 4 යි. ඔයාගේ පන්තිය තිබුණේ අපේ පන්තියට පහළින්. මම ඔයාව දැක්කේ අහම්බෙන් වගේ. ඔයාව දැක්කහම මට මුකුත් හිතා ගන්න බැරි උනා. ඔයා ඒ තරමටම ලස්සනයි.ඒ වගේම ආඩම්භරයි.ඔයා දැක්ක වෙලාවේ ඉදලා මගේ හදවත මොන මොනාදෝ ගොඩාක් දේවල් කියන්න ගත්තා.ඒ වෙලාවේ මට ඒ කිසි දෙයක් තේරුණේ නෑ.මට තේරුම් ගන්න වුවමානවකුත් තිබුණේ නෑ.මොකද මම ඔයා දිහාම බලාගෙන හිටිය නිසා.අන්න එහෙමයි මගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති උනේ. මම ඉස්කෝලේ ආවේ හරිම ආසාවෙන්.ඒ ඔයා හින්දා.ඉස්කොලෝ උගන්නනෙ නැති දවස් වලටත් මම ඉස්කොලේ ආවේ ඔයාව නොදැක ඉන්න බැරි නිසා.ඒ කිසි දෙයක් ඔයා දන්නේ නෑ.මගේ උදව්වට හිටියේ ඔයාගේ යාළුවෝ ටික. එයාලා ඇත්තටම මට උදව් කරාද නොකලද කියලා මම දන්නේ නෑ.මට හිස් පීරියඩ් එකක් තිබුණ හැම වෙලාවටම මම ඔයාව බලන්න එනවා.ඒත් ඒ එකවතාවක්වත් ඔයා මං දිහා බලලා හිනාවෙලා නෑ. මට එහෙම කරන්න තරම් ඔයා නපුරු උනේ ඇයි කියලා මම දන්නෑ. 




                                 අදට මම ඔයාට ආදරේ කරන්න පටන් අරගෙන මාස හතක් වෙනවා. මේ මාස හතටම මම ඔයත් එක්ක එක වචනයක් කතා කරලා නෑ. එක වචනයක් !! ඔයා එක දවසක්වත් මාත් එක්ක හිනාවෙලා නෑ. මම ඔයත් එක්ක කතා කරන්න උත්සහ කරත් ඒක කරන්න මට බෑ. අනෙක් හැම දෙයක් ගැනම ඕන කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්. ඒත් ආදරේ ගැන ඔයත් එක්ක කතා කරන්න තරම් ශක්තියක් මට නෑ රත්තරන්. ඔයාට කොහොමද දෙයියනේ මම මේ දේ තේරුම් කරන්නේ.ඔයාට මම කොච්චර ආදරේ කරනවද කියලා කියන්නේ.................................................






"මොර සූරන මහ වැස්සකට
කියන්නට හැකිවේද මේ හිත හඩන තරම්
මහ පොළව ඉරිතලා යන කාෂ්ටක අව්වට
හැකිවේද කියන්නට
මේ සිතේ නුඹට උපන් පෙම් හිත ගැන
දනිමි මං ගලක ඇදි ඉරක් සේ
නොවේ මෙලොව කිසිවෙකුදු
මා තරම් නුඹට පෙම් කරන"

3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. kolla school tama yanawa nam advice ekaka dennam hodata AL goda dapan.

    ReplyDelete
  2. :(
    experince ekin kiyanne.school yanawanam mulin AL's karanna.passe nethnam duk wei.anthimata api A/L goda giye nethnam kellath ne.karapu dekuth ne

    ReplyDelete
  3. මේක මට වෙච්ච සින් කෝන් එකක් නම් නෙමේ. මගේ මල්ලියගේ සීන් එකක්.මිනිහගේ පොතක තිබුණ ලියුමක තමා මේක තිබුණේ. මම එහෙමම කොපි පේස්ට් කොරා...

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013