Splice (එකතුව)


හුග දවසකින් මොනවත් දාන්න බැරි උන හින්දා මම හිතුවා අද ඔයාලට බලන්න හොද ඉංග්‍රීසි චිත්‍රපටයක් ගැන විස්තරයක් දෙන්න.

              මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි සහ එල්ශා කැස්ට් දෙදෙනාය.මාස කීපයක් තිස්සේ සිය පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු කරනු ලබන ඔවුන් දෙදෙනාට අවසන් පරීක්ෂණයෙදී නොසිතූ ඇබැද්දියකට මුහුන දීමට සිදුවේ. මෙම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට මිනිසෙකු මෙන් හැඩති,සත්වයෙකු මෙන් ක්‍රියාකාරකම් ඇති අපූර්වතම ජීවියෙක් සොයා ගැනීමට හැකියාව ලැබේ. ඉතා කෙටි කාලයක් තුලදී වැඩෙන මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත. මිනිසෙකුට වඩා වෙනස් හැඩැති මෙම ජීවියාට ඔවුන් ඩ්‍රෙන් ලෙස නම් තබයි. කිසිවෙකු හිංසා කරතැයි යන බියෙන් නිකොලි එම ජීවියා මරා දැමීමට සූදානම් වූවත් එල්ශා මැදිහත්ව ඔහු බේරා ගනී. කෙසේ වෙතත්...ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා කෙටි කාලයකින් වැඩෙන මෙම ජීවියා තමාට උදව් උපකාර කරන සියල්ලෝම සතුරන් යැයි සිතා ඔවුන්ට පීඩා කරන්නට සූදානම් වේ. අවසානයේ කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ ඉතා දුක්බර අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවේ.

 2010 ජූනි මස '' වෝනර්ස් බ්‍රදර්ස් පික්චර්ස්'' සමාගමේ 21720 වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ කල SPLICE  චිත්‍රපටයේ කතා තේමාව වන්නේ එයයි..
 
ෆිල්ම් එක බාගන්න මෙතනින්
 Download Here



ඔයාලත් මේ ‍ෆිල්ම් එක බලලා.. මගේ post එක හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

2 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. කලින් දෙන්න එපායැ බං.ආයෙ ඉතින් ලබන ඉරිදට තමයි.

    ReplyDelete
  2. අවුලක් ගන්න එපා බං.. කොහොමහරි බාගෙන බලහන් මචන්.. නියම ‍ෆිල්ම් එකක්
    තව ‍ෆිල්ම්ස් දෙන්නම්කෝ............

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013