අවුරුද්දේ අන්තිම දවසේ වෙච්ව සින් කෝන් එකක්

2010.12.31 ඒ කියන්නේ අද, අවුරුද්දේ අන්තිම දවසේ මට වෙච්ච සීන් එකක් මේක.. මේක blog එකේ දාන්න වටිනව කියලා හිතුනා.
  කොහොමහරි හවස් යාමේ මගේ පරණ දඩුමොණරගේ නැගලා මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. ගොහින් එන ගමන් ටවුන් එකේ කඩේකට ගොඩ උනා ෆෝන් එකට කාඩ් එකක් ගන්න.. සල්ලි ගන්න සාක්කුවට අත දාල බැලින්නම්.. හුටා!!! පර්ස් එක නෑ..කෙලියා නේද තාප්පෙට? පර්ස් එකේ රුපියල් 2750. මගේ හැදුනුම්පතයි..තව ලියකියවිලි වගයකුයි ඒකේ..හෙල්මට් එකත් කඩේ දාල සු‍ටුස් ගාලා මම පාර දිගේ හොයාගෙන යාළුවගේ ගෙදරත් ගියා..මගදිගටම බැලුවා.. කොහෙද ඒත් බඩු නෑ.. දැන් ඉතින් මොනවා කරන්නද, ආපහු ගෙදර ආවා. ගෙට ගොඩ උනා විතරයි,මෙන්න නාදුනන නම්බර් එකකින් කෝල් එකක්. ඉස්සුව බලන්න මොකාද මේ කියල. කොල්ලෙක් කතා කරල මගේ වාසගම කියල, ඒ මමද කියලා අහපි.
                                              ඒ ඉතින් මම නිසා මම ඔව් කියල කිව්ව. පොර කියනව මල්ලිගෙ පර්ස් එක නැති උනා නේද? ඒක මට හම්බ උනා ඇවිත් අරන් යන්න කියලා.. අප්ප්ට සිරි ඒක මගේ පෙර ආත්මේ වාසනාවක්ද කොහෙද, මම නම් හිතුවෙම ආයෙ හම්බ වෙන එකක් නෑ කියල. මටත් ඉතින් අදහගන්න බෑ.. ටකස් ගාල දඩුමොණරේ නැගල පොර එන්න කියපු තැනට ගියා... මෙන්න ඉන්නව පොර, මට දණගල වදින්න හිතුනා.. මොකද අද කාලේ මේ වගේ මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි. මම ඉතින් මගේ අනන්‍යතාව තහවුරු කරලා, මගේ පර්ස් එකත් අරගෙන පොරට අම්බානක තෑන්ක්ස් කරල එන්න ආවා.. කොහොමහරි අවුරුද්දේ අන්තිම දවසේ.. අවුරුද්දටම ඇති වෙන්න වෙච්ච සින් කෝන් එකක් තමා මේක.. 

3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. හරි හොද පොරක් අප්පා....මොකුත් අරන් දුන්නෙ නැද්ද පොරට මෙවැඩෙ මතක් වෙන්න....

    ReplyDelete
  2. මාර වැඩේ.. සිරාවටම මොනවත් අරන් දුන්නේ නැද්ද බං

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013