Tere Bin Laden (ඔබ බිල්ලාඩන්)

                             ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ.

         මේක හින්දි බයිස්කොප් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි වල.මේකේ රගපාන්නේ Ali Zafar,  Masood Akhtar, Piyush Mishra, Sugandha Garg ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.2 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 95 යි.චිත්‍රපටය පුරාවටම හාස්‍ය ගැබ්ව තිබෙනවා.මොකද මේක කොමඩි බයිස්කෝප් එකක්.බයිස්කෝප් එක ගැන පුචි විස්තරයක් මෙන්න..

    
     "අලී හසන්" ඇමරිකන් සිහිනය පසුපස හඹා යන පකිස්ථානු තරුණයෙක්.ඔහු සේවය කරන්නේ රූපවාහිනී ආයතනයක නිවේදකයෙකු ලෙසයි.ඔහු ඇමරිකාවට යාමට දරන සෑම උත්සහයක්ම වරදිනවා.දවසක් රූපාවාහිනී වැඩසටහනකදී මොහුට බිල් ලාඩන්ගේ ස්වරූපය ගත් පුද්ගලයෙක් මුණ ගැසෙනවා.මොහු ඔහුව යොදා ගෙන ඉතා සාර්ථක ලෙස ව්‍යාජ වීඩියෝ පටයක් නිර්මාණය කරනවා.පසුව ඔහු එය මාධ්‍ය වෙත විකුණණවා.ඒ වීඩියෝ පටය හේතුවෙන් ඇමරිකාව යුද්ධයක් ආරම්භ කරනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් මේ බයිස්කෝප් එක බලන්න වෙනවා.

      

                         බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න.නිකන්ම යන්නේ නැතුව අපිව ෆලොව් කරලා ෆෑන් පේජ් එකට ලයික් එකක් දීලා පොඩි සහයෝගයක් දෙන්න.

  
700MB පිටපත මෙතනින් බාගන්න !
 

1 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. අනිවා බලන්න ඕනේ...බොහොමත් තුති යාලුවා...... :)

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013