Windows Media Player එක වෙනස් කිරීම

 හප්පේ මේ පෝස්ට් එක දාන්න පැය කීයක් තැටමුවද. New Post ටැබ් එක ඕපන් කරගෙන පැය ගාණක් කල්පනා කලා දාන්නේ මොකක්ද කියලා. දාන්න දේවල් නැතුව නෙමේ. මොකක්ද දාන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. මොනා උනත් කමක් නෑ දැන් මම කියන්නේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක වෙනස් කරන හැටි. ඒ කියන්නේ Windows Media Player වෙනුවට ඔයාලගේ නම දාන හැටි.ඒක කරන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රිය තුළින්.මෙන්න මෙහෙමයි කරන්නෙ. Start > Run > එතන regedit ලෙස ටයිප් කරලා OK කරන්න. ඊට පස්සේ ඔයාලට වින්ඩෝස් රෙජිස්ට්‍රියට පිවිසෙන්න පුළුවන්.එහිදී මුලින්ම කළ යුත්තේ HKEY_CURRENT_USER ලැයිස්තුව වෙත පිවිසීමයි.(01 රූපය).ඊට පස්සේ මේ විදිහට කරන්න.Software (02 රූපය) > Policies (03 රූපය) > Microsoft (04 රූපය) යන කී එක සිලෙක්ට් කරන්න. ඊළගට කරන්න ඕනේ වින්ඩෝස් මීඩියා ප්ලේයරය සදහා අලුත් කී එකක් හදාගන්න එක.ඒකට රෙජිස්ට්‍රි එඩිටර් වින්ඩෝව් එකේ දකුණු පැත්තේ හිස් තැනක් තුළ රයිට් ක්ලික් කරලා, ලැබෙන මෙනු එකෙන් New යන්නත්, දෙවනුව Key යන්නත් තෝරා ගැනීමයි. එතකොට Microsoft කී එකට පහළින් ඔයාලට දකින්න ලැබෙයි New Key # 1 කියල අලුත් කී එකක්.(05 රූපය).දැන් ඒක උඩ රයිට් ක්ලික් කරලා Rename යන්න තෝරලා WindowsMediaPlayer යන්න හිස් තැන් තියන්නේ නැතුව ටයිප් කරන්න.(06 රූපය)ඊට පස්සේ ආයෙත් දකුණු පැත්තේ හිස් තැනක් තුළ රයිට් ක්ලික් කරලා, ලැබෙන මෙනු එකෙන් New යන්නත්, දෙවනුව String Value යන්නත් තෝරා ගැනීමයි.ඊට පස්සේ ඔයාලට New Value # 1 කියලා එකක් එයි.(07 රූපය) ඒක Rename කරන්න මේ විදිහට.TitleBar (08 රූපය)  ඊට පස්සේ ඔයාලා Rename කරපු එක ඕපන් කරගෙන Value Data කියන තැනට ඔයාලගේ නම හරි ඕන දෙයක් ටයිප් කරන්න.(09 රූපය)ඊට පස්සේ OK කරල මැෂින් එක රීස්ටාට් කරන්න. අවසානයේ ඔයාලට ප්‍රතිඵලය බලාගන්න පුළුවන් වෙයි.








01 රූපය


02 රූපය


03 රූපය


04 රූපය


05 රූපය


06 රූපය


07 රූපය


08 රූපය


09 රූපය


අවසන් ප්‍රතිඵලය මේ වගේ වෙයි






මොකද හිතන්නේ මේ වැඩේ ගැන, හොදද නරකද නැත්තම් මේ ලෝකේ වැඩක් නැද්ද. ඒ ගැන දැනගන්න කමෙන්ටුවක් දාලා යන්නකෝ.

3 ඔබේ අදහස් මෙතන කොටන්න:

  1. hik...එල ..ෆලෝ ගැජට්ටුව වැඩ කොරන්නේ නෑ...පොඩ්ඩක් බැලුව නම්

    ReplyDelete
  2. මමත් වැඩේ කොරා.හරිගියොත් ඇවිල්ලා කියලා යන්නම්
    (කැප්චා අයින් කරන්නකෝ)

    ReplyDelete
  3. @රත්ගමයා :
    මෙන්න බොලේ රත්ගමයා මගේ බොලොක්කය පැත්තෙ ඇවිල්ලා. අඩ්.. ඩඩ්.. ඩා... හරි හැපි ආ... මට.ෆලෝ ගැජට්ටුව වැඩ බංබලහංකෝ...

    @ක්‍රිකටර් :
    එල එල හරි ගියොත් ඇවිල්ලා කියන්නකෝ.. ඔන්න කැප්චා අයින් කළා...

    ReplyDelete

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013