Followe කරන අය

පහේ පන්තියට ගියා නොවැ.

         පහේ පන්තියට ගියා කිව්වට මේ මට මතක් වෙච්ච් සින් කෝන් එකක්.අද උදේ බස් එකේ යනකොට අතීතයට යන්න අවස්ථාවක් හම්බ උනා නොවැ.

               මගදි බස් එකට ගොඩ උනා අම්මා කෙනෙකුයි එයගේ පොඩි පුතයි.ඒ ළමයා නම් ඉස්කෝලේ හතර වසරේ නැත්තම් පහ වසරේ.පොඩි එකා බස් එකට නැග්ග වෙලේ ඉදලා මූණ බෙරි කරගෙන. "අනේ අම්මේ මට බෑ අද පංති යන්න" කියලා පොඩි එකා කුරු කුරු ගානවා.ළමයගේ අම්මා කියනවා "එහෙම කොහොමද, පංති නොගිහින් හරියනවැ.කට වහගෙන එනවා" කියලා ඒ අම්මා සැරෙන් කිව්වා.පොඩි එකා බයවෙලා කටවහ ගත්තා.ඕක දිහා බලාගෙන ඉන්නකොට තමා මට මගේ පොඩි කාලේ මතක් උනේ.හි හි.. ඒ කිව්වේ පොඩි කොළු ගැටයා කාලේ.ඒ කාලේ මේ වගේ මාත් ශිෂ්‍යත්වෙට කලැස් ගියානේ. ඒ ගියෙත් අවුරුද්දක් විතරයි.5 වසරෙදි.දැන් නම් මොන්ටිසෝරි කාලේ ඉදලා ළමයිව ශිෂ්‍යත්වෙට පන්ති අරන් යනවැ නොවැ.ඒ කාලේ හරි හොරයි නොවැ මං පන්ති යන්ට.මතක විදිහට සතියට දවස් දෙකක් විතර පන්ති යන්ට.පන්ති යන්ට තියෙන දවසට උදේම නැගිටලා කුස්සියට ගිහින් සුදු ළූණු ටිකකුත් අරගෙන යනවා වත්ත පල්ලෙහට.ඒ කාලේ වත්ත පල්ලෙහා අන්නාසි හිටෝලා තිබුණේ. ආයේ ඉතින් ඔය අන්නාසි ගොල්ලක් අස්සේ හංගුණාම හොයනවා බොරු..
දන්නවනේ ඉතින් කස්ටිය සුදු ළූණු ගෙනිච්චේ මොකටැයි කියලා. ඔන්න ටිකක් වෙලා ගියාම තමා සටන පටන් ගන්නේ. අම්මා එළියට බැහැල කෑ ගහනවා.කොල්ලෝ ඉන්න තැනකින් එළියට වරෙන් පන්ති යන්න පරක්කු වෙනවා කියලා. මං ඉතින් හ්ම්ම් නෑ.

          ඔන්න ඊට පස්සේ ඉතින් බැනුම් කොටියයි.. ඊට පස්සේ බනින එක නවත්තලා එනවා මාව හොයන්න. මං ඉතින් සු‍ටුස් ගාලා සුදු ළූණු ටික ගා ගන්නවා. දැන් ඉතින් කොල්ලට හොදටම උන.ඔන්න ඉතින් ෂේප් එකේ එනවා එළියට. "අනේ අම්මේ මට හොදටම" උන කියාගෙන.අම්මත් ඉතින් බලලා කියනවා " ආ උණ නේන්නම්" කියලා. ඉතින් මොකො හැංගුණේ කියලා අහනකොට තමා කියන්න ඒවා නැති වෙන්නේ.ඔය වෙලාවට ඉතින් මොකක් හරි කියලා ෂේප් වෙනවා.ඉතින් එදාට වැඩේ ගොඩ. නො කලැස්.

              ඔය වැඩෙත් දිගටම හරි ගියේ නෑ. හැංගිලා ඉන්න කොට කනින් උස්සගෙන ඇවිත් පන්ති එක්කන් ගියපු අවස්ථාත් නැතුවම නොවේ.කොහොම හරි අන්තිම මාස ටිකේ නම් දිගටම වගේ පන්ති ගියා. විභාගේ ළං වෙච්ච හින්දම නෙමේ. අපේ කලැස් එකේ එවුන් ඒ කාලේ අලුත් සෙල්ලමක් හොයාගෙන තිබ්බා K.I.N.G කින්ග්ස් කියලා.ඕක සෙල්ලම් කොරන්න තමා වැඩිපුර ගියේ.හොද ලොකු සපත්තු දෙකක් දාගෙන කෙල්ලෙක්ගේ කකුල් පාගෙන එක හරි ජොලි වැඩෙනේ. හි..හි..
හැබැයි ඉතින් මොනා වුණත් විභාගෙ නම් කොහොම හරි ගොඩදාගත්තා. හප්පච්චියේ ඉතින් ඒ කාලේ කොරපුවා. මතක් වෙච්ච වෙලාවක ඒවත් කියන්නම්කෝ....

අහිමි ඔබ


\මේ හිත ඔබ වෙනුවෙන්/
හඩන තරම නොදන්නා
නිසාද මේ තරම් 
ඔබ මට නපුරු උනේ



Windows 7හි සැගවී ගත් Wallpapers හා Themes

                   වින්ඩෝස් සෙවන් දානකොට එහි භෂාව ලෙස සාමන්‍යයෙන් අපි තොරන්නේ English (US). ඉතින් අපිට ලැබෙන්නේ ඇමෙරිකාවට අදාල තීම්ස් සහ වොල්පේපර්ස්.ඉතින් වින්ඩෝස් සෙවන් වල තව වෙන රටවල් වලට අදාල තීම්ස් එනවා.අවාසනාවකට අපේ රටේ තීම් එකක් නැහැ.හරි දැන් අපි බලමු මේ හැංගිලා තියෙන තීම්ස් හා වෝල්පේපර්ස් හොයගන්නේ කොහොමද කියලා.

1.මුලින්ම Run වලට ගිහින් මේ විදානය ටයිප් කරන්න.
 

C:\Windows\Globalization\mct
 

ඊට පස්සේ Enter  කරන්න
 

2.එතකොට ඔයාලට මේ වගේ වින්ඩොව් එකක් එයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය තීම් එකක් ඇඩ් කරගන්න විදිහට ඇඩ් කරගන්න.


AU - ඕස්ට්‍රේලියාව
CA - කැනඩාව
GB - බ්‍රිතාන්‍යය
US - ඇමරිකාව
ZA - දකුණු අප්‍රිකාව


 3.ඊට පස්සේ ඔයාලගේ Personalize වල ඔයාලා දාගත්තු තීම් ටික මේ විදිහට දැක ගන්න පුළුවන් වෙයි.

ප්‍රයෝජනයක් උනා නම් ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා.

කැමතිනම් අහන්න,බලන්න ලස්සන සිංදු ටිකක්

මම ගහ උඩ !! @ Tree

         මේ දවස් වල නම් නිවනක් නෑ. හැරෙන්නවත් වෙලාවක් නැති තරම්. මමවත් දන්නේ නැතුව මම බිසී වෙලා .මේ ළගදී ආයෙත් මට පොළේ යන්න කියලා ඉහළින් නියෝගයක් ආවා.හප්පේ මම නම් ගත් කටටම බෑ කිව්වා.මතකනේ එක පාරක් පොළේ ගිහින් වෙච්ච සීන් එක.මේ නම් පොළේ ගිය සීන් එකක් නෙමේ. යාළුවෙක් නිසා කාපු කස්ටක්.නිකන් කස්ටක් නෙමේ රජ කස්ටක්..

       මිනිහා හරි කුකුලා.මිනිහට අපි හුරතලේට කියන්නේ පැණියා කියලා. (ඇයි පැණි ගොඩක් නේ) සති දෙකෙන් දෙකට කෙල්ලෝ මාරු කරනවා. ඔක්කොම ඉතින් මූණුපොතේ කෙල්ලෝ.ඔක්කොම උන් මූට අහුවෙනවනේ, ඇයි යකෝ මෙච්චර මේ "අපි වගේ අහිංසක" උන් ඉන්නවා ලව් කරන්න.අපිට අහුවෙන්නේ නැති හැටි විතරක්.කොහොම හරි මූ සෙට් කරගන්න කෙල්ලො මීට් වෙන්නත් යනවා. යන්නේ ඉතින් තනියම නෙමේ අපි වගේ හැඩි දැඩි පොරවල් එක්ක තමා. මොකද ඔය යන ගමන් වල Risk එක වැඩී නොවැ.ඉතින් හදිසි අවස්ථාවලදී විදේශ ආධාර ඕන කරනවනේ.(ගැහුවොත් උස්සගෙන යන්න වගේ)කොහොමහරි මේ ළගදී දවසක උදේ පාන්දරම මූගෙන් කෝල් එකක් ආවා.ඒදා විතරයි ගෙදර ඉන්නේ.නිදාගන්නවත් දෙන්නෙ නෑ මුං.

මම : අලෝ! කවුද මේ උදේම ?
පැණියා : අඩෝ මේ මම පැණියා බං. මේ පොඩි ගමනක් තියෙනවා, යමුද?  
මම : ආ උඹද? උඹලටත් අපිව මතක් වෙන්නේ කොහෝ හරි යන්න ඕන උනාම තමා..
පැණියා : නෑ බං එහෙම කියන්න එපා. අඩෝ වරෙන්කො යන්න.ෆට්ට කෑල්ලක් බං සෙට් උනේ..
මම : හා හා ඉතින් යමන් යමන්. හැබැයි සියළුම පිරිවැය උඹ ගානේ..
පැණියා : හරි හරි .. එළස්. අට වෙද්දී අපේ ගෙදරට වරෙන්..


             මේ දවස් වල ඇදුම් හෝදන්නත් වෙලාවක් නෑ නොවැ. මහ වරුසාවනේ. ගිය සතියට එපිටින් සතියෙද කොහෙද හෝදපු ඇදුමක් තිබ්බා.අන්තිමට හේදුවේ කවද්ද කියලා හරියට මතක නෑ.ඊළග දවසේ ඉදලා ඩයිරි එකේවත් ලියන්න ඕනේ.හප්පේ එකේ පුසුඹ. තිබ්බ ඔක්කොම සුවද ගහන ඒවා ටික දාලා යන්තම් ඇදුම පොෂ් කරගත්තා..
දැන් ඉතින් අපි ගියා කෙල්ල එන්න කිව්ව පොට් එකට. සෑහෙන දිග ගමනක්. එතෙන්ට යන්න අපිට පැය දෙකක් විතර ගියා නොවැ. හප්පේ මරු පොට් එක. සෑ කියලා වැඩැක් නෑ. වැව ගාව හුළං පාර නම් මරු ඉතින්. පැණියාව ඉස්සරහට යවලා මම පස්සෙන් හිටියා. පැණියා දැන් මට ඉස්සරහ බංකුවක වාඩි වෙලා ඉන්නවා.තාම කෙල්ල නෑ. මම පොරට පස්සෙන් ගහකට හේත්තු වෙලා දැන්.හදිසි ආධාර ඕන උනොත් එහෙම ළග පාත ඉන්න එපැයෑ.කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට .පැණියා කිව්ව වගේ හැඩරුව  තියෙන පොෂ් කෙල්ලෙක් මගේ දර්ශණ පථයට අහුවෙන්න ගත්තා.


           කෙල්ල සීන් එකක් නැතුව ඇවිත් පැණියා ගාවින් ඇවිත් ඉද ගත්තා.හරියට කලින් දැනගෙන උන්න වගේ.කවුද ඉතින් දන්නේ මුං දෙන්න මට හොරෙන් කලින් යාළු වෙලා උන්නද කියලා.කොහොමහරි මුං දෙන්නා දැන් පැය දෙකක් විතර කදේ,මං මෙහේ වේලෙනවා.කෝකටත් මං පැණියගෙන් රු 200ක් කලින්ම ඉල්ල ගත්තා.නිකන් මොකටද මගේ ප්‍රතිපාදන ක්ෂය කරගන්නේ. මාත් ඉතින් කඩෙන් අයිස් පලමක් අරගෙන කකා ඉන්නවා. ඔහොම ඉන්නකොට කොල්ලෝ හතරක් පහක් ඇවිත් පැණියවයි, අර කෙල්ලවයි වට කරගත්තා.මාත් දැන ගත්තා දැං නම් බඩු හරි වගේ කියලා. එක පොරක් පැණියගේ බෙල්ලෙන් අල්ලගෙන උස්සලා බිම දැම්මා. මූ නැගිටලා "අඩෝ! සිහිනයෝ දුවපාන්..............කියලා මූ දිව්වා.මම කොහේ දුවන්නද, මම ගහ උඩනේ.....


පාරේ බස් එකේ ඇහෙන කතා

                                අපිත් ඉතින් ඔය පොදු ප්‍රවාහන සේවය භාවිතා කොරන කස්ටිය නොවැ.ඉතින් ඕකේ යනකොට ඇහෙන කතා නම් අනන්තයි.රස කතා,විහිළු කතා,කැත කතා,ලව් කතා,ඇඩෙන කතා එක එක කතා. ඔන්න දැන් ඉතින් කස්ටිය කියන්න එපා මම අනුන්ගේ කතා හොරෙන් අහනවා කියලා. ඇහෙන්න කියනවනම් අහන්නේ නැතුව ඉන්නේ කොහොමෙයි. ඔයාලත් අහලම බලන්නකෝ..

                මේ කතාව ඉස්කෝලේ යන පොඩි ළමයි දෙන්නෙක් කිව්ව කතාවක්.මයෙ හිතේ අටේ හරි නවයේ හරිද කොහෙද,
         "සල්ලි මත්තෙම නැහිලා හරියන්නේ නෑ බං. සල්ලි නෙමේ හම්බ කරන්න ඕනේ මිනිස්සු"


මේවා නම් කිව්වේ කවුද කියලා නම් මතක නෑ. කවුද කිව්වේ කියලා ඔයාලම හිතා ගන්නකෝ...

 "අම්මට සිරි.. අර බලහල්ලකෝ, ෆට්ට කෑල්ල බොලව්" 

 "කෑ නොගහා ඉන්නවා... නැත්තම් දෙනවා දෙකක් "

 " ඊයේ පොඩ්ඩක් වැඩි උනා නේ, ඒකයි උදේ එන්න පරක්කු උනේ.."

"සුදූ අද මම එනකොට රෑ වෙනවා,, දොරවල් වහගෙන නිදාගන්න.."

  " අරූ මහ ෆල් ටෝක් එකක් දුන්නේ.. හරියන්නේ නෑ, පොරට දෙන්න ඕන ගේමක්.."

 "අනේ පැටියො.. කවුරුහරි දැක්කොත් එහෙම.."

 "දොර ගාවින් ඉස්සරහට යන්න.. ඔය දොර තනිවෙන්නේ නෑ..."

  කො‍ටුව... කො‍ටුව... 138 මම හිටිය.....

Powered by mp3skull.com

Robot (2010) - හින්දි සිනමාවෙන්

  හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. බ්ලොග් එක පාලුවට ගිහිල්ලා කියලා දැනුනාම හිතට ලොකු දුකක් ආවේ. කොහෙද මේ ප්‍රශ්ණ එනකොට එන්නේ වැල් පිටින්නේ.ඒ ගැන වැඩක් නෑ අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.

           මේක හින්දි බයිස්කෝප් එකක්.සමහර විට මේක බලපු කට්ටියත් ඇති.බලපු නැති කට්ටිය වෙනුවෙන් මේ ලියන්නේ.මේක නිකුත් උනේ 2010 ඔක්තොම්බර් වල.මේකේ රගපාන්නේ දෙමළ චිත්‍රපට රජු වන රැජින කාන්ත්. ඔහුට අමතරව Aishwarya Rai , Danny Denzongpa , Santhanam , Karunas ඇතුළු නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් නම් 6.6 යි. පැය 2 විනාඩි 35ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.විටෙක ත්‍රාසය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය හොද හින්දි සිනමා සිත්තමකි. බයිස්කොප් එක ගැන හීනියට විස්තරයක් පහළින්..

                 "ඩොක්ටර් වසීගරන් විසින් කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට බොහෝ සෙයින් සමාන රොබෝවෙක් නිර්මාණය කරනවා.මේ රොබෝට මිනිසාට කළ හැකි සියල්ලම පාහේ කළ හැකියි. ඩොක්ටර් වසීගරන් විසින් මේ රොබෝට හැගීම් දැනීම් ලබාදෙනවා. ඒ සමගම මේ රොබෝ මිනිසාට එරෙහිව නැගී සිටීද? කවුද ඉතින් දන්නේ, ඒකට ඉතින් මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා. තව දෙයක් කියන්න ඕනේ බයිස්කෝප් එක ඇතුළේ ලව් ස්ටෝරියකුත් යනවා."

එහෙනම් ඉතින් බාගෙනම බලන්න. ජය වේවා!! 


 700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013