Followe කරන අය

The Mechanic (2011)

   සුපිරි නළු Jason Statham ගේ බයිස්කෝප් එකක් 
තමා අද අරගෙන ආවේ.පොරගේ බයිස්කෝප් ඉතින් 
කොහොමත් ෆට්ට නේ.වැඩිපුර කතා ඕනේ නෑ.මේ 
බයිස්කෝප් එක නිකුත් උනේ 2011 ජනවාරි මාසයේ.
Jason Stathamට අමතරව මේකේ රගපාන අනෙකුත් 
නළු පිරිස තමයි Ben Foster , Tony Goldwyn ,Donald  
Sutherland , Jeff Chase , Mini Anden. IMDb රේටින්ස් 
නම් 6.5 යි.මෙම බයිස්කෝප් එක විනාඩි 93ක් දක්වා
දිවෙනවා.බයිස්කෝප් එකේ කතාව මෙහෙමයි.


        "ඔයාලට මතකද Bangkok Dangerous බයිස්කෝප්
 එක අන්න ඒකට සමාන කතාවක් තමයි මේ බයිස්කෝප් 
එකෙත් තියෙන්නේ. ආතර් බිෂෝප් (Jason Statham) 
කියන්නේ කුලියට මිනී මරන අතිදක්ෂ මිනීමරුවෙක්.
එක් දවසක ඔහුට කොන්ත්‍රාතුවක් එනවා ඔහුගේම ලොක්කා වන (Harry McKenna) 
ඝාතනය කිරීමට.ඔහු විසින් එයද සිදු කරනු ලබනවා. ඔහුගේ ඝාතනයෙන් පසු 
Harry McKennaගේ පුත් Steve McKenna ආතර් බිෂෝප්ගේ ආශ්‍රයට වැටෙනවා.
ආතර් බිෂොප් විසින් ඔහුව තමාගේ ඝාතන වලට හවුල් කරගන්නවා. ඒත් මේ තරුණයා 
දන්නේ නෑ තමාගේ පියා මැරුවේ මොහු විසින් කියලා. තමාගේ පියා මැරූ ඝාතකයා සොයා 
මරා දැමීමටයි මේ තැරුණයා සිතාගෙන ඉන්නේ. මොවුන් දෙදෙනා විසින් හොදින් තම ඝාතන 
කටයුතු සිදු කරගෙන යනවා. මේ අතරේ සිදුවූ එක් අහබු සිදුවීමක් හේතුවෙන් අර තරුණයාට 
තම පියා ඝාතනය කරනු ලැබුවේ ආතර් බිෂොප් බව දැන ගන්නවා. ඉන් පසු කුමක් සිදුවේද? 
ඒ ගැන දැනගන්න නම් ත්‍රාසය , කුතුහලය පිරි මේ සිනමාපටය ඔබත් නරඹන්න."


බයිස්කෝප් එක ෆට්ටය. මැක්සාය. අනිවා නරඹන්නය. අදහස් උදහස් දමන්නය. 
එය අපිව දිරි ගන්වනවාය. ඒ ගැනත් සිතන්නය. ඔබට ජයය.

සැළකිය යුතුයි : මෙහි ඇතැම් දර්ශන කුඩා ළමුන් හා නැරඹීමට සුදුසු නැත.

700MB පිටපත මෙතනින් බාගන්න !

550MB පිටපත මෙතනින් බාගන්න !

Kismat Konnection (වාසනාවන්ත සම්බන්ධය)

න්න කාලෙකට පස්සේ හින්දි බයිස්කෝප් එකක් අරගෙන ආවා.මේක ආදර කතාවක්. කතාව නම් ලස්සනයි.බයිස්කෝප් එකනම් ටිකක් පරණයි.මේක නිකුත් උනේ 2008 ජූලි මාසයේ.මේකේ රගපාන්නේ Shahid Kapoor,Vidya Balan,Om Puri,Juhi Chawla ඇතුළු නළු නිළියන් පිරිස.IMDb රේටින්ස් නම් 5.5 යි.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 153 යි.මේක ලස්සන ආදර කතාවක් කියන්න පුළුවන්.ලව් ස්ටෝරි බලන අයට එළ.මෙන්න මේකයි ස්ටෝරිය..


                       " රාජ් මල්හෝත්‍රා නම් තරුණයා වටා තමයි මේ කතාව ගෙතෙන්නේ.ඔහු රැකියා සොයා සෑම තැනකටම යනවා.ඒත් ඔහුට රැකියාවක් සොයා ගැනීමට හැකිවෙන්නේ නෑ. ඔහු එ නිසා සාස්තරකාරියක් සොයා යනවා.ඇය පවසන පරිදු ඔහුට වාසනාව ගෙන ඒමට හැකි වෙන්නේ පුද්ගලයකුට පමණයි. ඉතින් මේ රාජ් මල්හෝත්‍රා නම් තරුණයාට ඔහුව අහම්බෙන් හමුවෙනවා. හැබැයි ඇය ඉතාමත් ලස්සන තරුණියක්.ඉතින් මොහු ක්‍රම ක්‍රමයෙන් මේ තරුණිය වෙත සමීප වෙනවා. ඇය ඔහු ලග සිටින විට මොහුගේ හැම කාර්යයක්ම පාහේ හරියනවා.ටිකෙන් ටික මේ තරුණයා ඇයට පෙම් කිරීමට පටන් ගන්නවා.නමුත් ඇයට පෙම්වතෙක් සිටිනවා." අවසානයේ කුමක්වේද? ඒක දැනගන්න ඉතින් මේ බයිස්කෝප් එක අනිවා බලන්න. ෆිල්ම් එක සුපිරි. ලස්සන සිංදු වගයකුත් තියනවා.


700MB පිටපත මෙතනින් බාගන්න !

450MB පිටපත මෙතනින් බාගන්න !

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

තින් කස්ටිය කොහොමද මෙදා පොටේ අවුරුදු.. අපිට නම් මෙදා පාර ජයයි! ජයයි කිව්වට එහෙමමත් නෑ.නිකන් ලාවට වගේ ජයයි.කස්ටිය ඉතින් කැවුම් කොකිස් එහෙම හදන්න ඇතිනේ.වැඩිපුර කියන්න දෙයක් නෑ. ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල තමා කියන්න තියෙන්නේ. මේ කස්ටිය වැඩිපුර තෙල් කෑම එහෙම කන්න එපා හොදේ!! හි හි.....



 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013