Followe කරන අය

Facebook Photo Comment මෙන්න ඇති තරම්

  
        Facebook Photo කමෙන්ට් කරන එක දැන් ‍රැල්ලට ගිහින් නේ..දැන් හැමෝම වගේ දාන්නේ මේවා.ඉතින් අතනින් මෙතනින් උස්සපු Photo කමෙන්ට් සෙට් එකක් තමා මේ දෙන්නේ..මේවා කවුරු හැදුවද කියන්න නම් දන්නේ නෑ.ඒ අයට මේක ප්‍රණාමය දෙන්ට ඕනේ..ඕන අය ඉන්නවා නම් මෙන්න බාගන්න..බාගෙන ඇති තරම් කොමෙන්ට් කොරහල්ලා.. :D :D

Download Here

Game ගහද්දි DirectX ලෙඩ දානවද?

     
        DirectX කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්.විශේෂයෙන්ම Games ගහන අයට.මේක Video වලටත් වැදගත් වෙනවා.ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ DirectX වල හටගන්නා දෝෂ නිරාකරණය ගන්නේ කියලා.

              ඉතින් හුගක් වෙලාවට අපි දත කාගෙන Install කරන Games වැඩ කරන්නේ නැතුව Error මැසේජ් එකක් ආවාම තද වෙනවනේ.හැබැයි මම මේ කියන්නේ DirectX වලින් හටගන්න Error මැසේජ් ගැන විතරයි.

d3dx9_37.dll
.dll is Missing or Not Found Errors

 ඉතින් ඔන්න ඔය වගේ අගට .dll කියන File Extension එක එන හැම Error මැසේජ් එකටම විසදුමක් දෙන්න තමා මේ Software එක ගෙනාවේ.මේක සල්ලි දීලා ගන්න ඕන එකක්.ඒත් බය වෙන්න එපා මම ඔයාලට දෙන්නේ Crack කරපු එකක් ඒ නිසා බය නැතුව Download කරගෙන Install කරගන්න.ඒකේ දාල තියෙන Screen Shot අනුව Install කරගන්න.දැන් ඉතින් Error මැසේජ් එකක් නිසා Game ගහන්න බැරි වුන කාලේ ඉවරයි.එහෙනම් ජය වේවා!!


මෙන්න මෙතනින් Software එක බාගන්න
(9 MB)

නැතුවම බැරි WinRAR 5.0 ජීවිත කාලෙටම

                     
     ඔන්න ඔයාලට ගොඩක් වැදගත් මෘදුකාංගයක් අරගෙන තමයි අද ආවේ..හැමෝටම නැතුවම බැරි මෘදුකාංගයක් නේ Winrar කියන්නේ.ඔන්න ඉතින් Winrar අලුත්ම සංස්කරණය v.5.0 තමා ඔයාලට දෙන්නේ.මේක Crack කරලා තියෙන්නේ නිකන්ම Install කරන්න තියෙන්නේ.වෛරස් ගැන බය වෙන්න එපා.ටෙස්ට් කරලා බලලා තමා ඔයාලට දෙන්නේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.




64-bit සංස්කරණය
32-bit සංස්කරණය
යන දෙකම අන්තර්ගත වේ
(3.7MB)


Aviary- Photo Edit කරන්න කියාපු බඩුව (Android App)

 හප්පේ ගොඩ කාලෙක විරාමයකින් පස්සේ දාන මුල්ම පෝස්ට් එක තමා මේ. හප්පේ ඒ කාලෙට හැම දේම වෙනස් වෙලා නේ.. 
     
ඔන්න ඉතින් අද මුලින්ම දෙන්න Android App එකක්.App එකේ නම Aviary.
මේක නම් Photo Edit කරන්න කියාපු බඩුව.මේකේ Effects සල්ලි දීල තමා බා ගන්න වෙන්නේ..ඒත් ඔයාලා බය වෙන්න එපා..සල්ලි දීල ගත්ත Effect Pack එක මම ඔයාලට නිකන් දෙනවා.ඉස්සෙල්ලම මේ App එක Android App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.


  
Click on Image



මෙන්න මෙතනින් Effects ටික ඩවුන්ලෝඩ් කරගන්න.

Windows 7 ඔරිජිනල් කරගන්න.


       දැන් කාලේ හැමෝම Windows7 නේ පාවිච්චි කරන්නේ.හැබැයි ඉතින් ඒ හැම එකක්ම ඔරිජිනල් නෙමේ නේ.හුගක් ඒවා හොර ඒවා.ඉතින් අද කියන්නේ කොහොමද Windows 7 ඔරිජිනල් කරගන්නේ කියලා.හැබැයි මේක අදාල වෙන්නේ Windows 7 Ultimate වලට විතරයි.කරන්න තියෙන්නේ මේ දීලා තියෙන පුංචි Software කෑල්ල ඩවුන්ලොඩ් කරගන්න විතරයි.කරන්නේ කොහොමද කියලා ඒකේ Screenshot එක්කම දාලා ඇති. වැඩේ හොදයි කියලා හිතෙනවනම් අපිව ෆලෝව් කරලා, කමෙන්ට් එකක් දාලා යන්න

(කිසිම බයක් ගන්න එපා මේකේ කිසිම වයිරස් එකක් නෑ.100 % ෂුවර්)

(5MB)




Tere Bin Laden (ඔබ බිල්ලාඩන්)

                             ගොඩ කාලෙකට පස්සේ ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බ උනා.මට මේ ළගකදී බලන්න හම්බ උන බයිස්කෝප් එකක් ගැනයි මේ විස්තරේ.

         මේක හින්දි බයිස්කොප් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි වල.මේකේ රගපාන්නේ Ali Zafar,  Masood Akhtar, Piyush Mishra, Sugandha Garg ඇතුළු නළු නිළියන් පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.2 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 95 යි.චිත්‍රපටය පුරාවටම හාස්‍ය ගැබ්ව තිබෙනවා.මොකද මේක කොමඩි බයිස්කෝප් එකක්.බයිස්කෝප් එක ගැන පුචි විස්තරයක් මෙන්න..

    
     "අලී හසන්" ඇමරිකන් සිහිනය පසුපස හඹා යන පකිස්ථානු තරුණයෙක්.ඔහු සේවය කරන්නේ රූපවාහිනී ආයතනයක නිවේදකයෙකු ලෙසයි.ඔහු ඇමරිකාවට යාමට දරන සෑම උත්සහයක්ම වරදිනවා.දවසක් රූපාවාහිනී වැඩසටහනකදී මොහුට බිල් ලාඩන්ගේ ස්වරූපය ගත් පුද්ගලයෙක් මුණ ගැසෙනවා.මොහු ඔහුව යොදා ගෙන ඉතා සාර්ථක ලෙස ව්‍යාජ වීඩියෝ පටයක් නිර්මාණය කරනවා.පසුව ඔහු එය මාධ්‍ය වෙත විකුණණවා.ඒ වීඩියෝ පටය හේතුවෙන් ඇමරිකාව යුද්ධයක් ආරම්භ කරනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න නම් මේ බයිස්කෝප් එක බලන්න වෙනවා.

      

                         බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න.නිකන්ම යන්නේ නැතුව අපිව ෆලොව් කරලා ෆෑන් පේජ් එකට ලයික් එකක් දීලා පොඩි සහයෝගයක් දෙන්න.

  
700MB පිටපත මෙතනින් බාගන්න !
 

පහේ පන්තියට ගියා නොවැ.

         පහේ පන්තියට ගියා කිව්වට මේ මට මතක් වෙච්ච් සින් කෝන් එකක්.අද උදේ බස් එකේ යනකොට අතීතයට යන්න අවස්ථාවක් හම්බ උනා නොවැ.

               මගදි බස් එකට ගොඩ උනා අම්මා කෙනෙකුයි එයගේ පොඩි පුතයි.ඒ ළමයා නම් ඉස්කෝලේ හතර වසරේ නැත්තම් පහ වසරේ.පොඩි එකා බස් එකට නැග්ග වෙලේ ඉදලා මූණ බෙරි කරගෙන. "අනේ අම්මේ මට බෑ අද පංති යන්න" කියලා පොඩි එකා කුරු කුරු ගානවා.ළමයගේ අම්මා කියනවා "එහෙම කොහොමද, පංති නොගිහින් හරියනවැ.කට වහගෙන එනවා" කියලා ඒ අම්මා සැරෙන් කිව්වා.පොඩි එකා බයවෙලා කටවහ ගත්තා.ඕක දිහා බලාගෙන ඉන්නකොට තමා මට මගේ පොඩි කාලේ මතක් උනේ.හි හි.. ඒ කිව්වේ පොඩි කොළු ගැටයා කාලේ.ඒ කාලේ මේ වගේ මාත් ශිෂ්‍යත්වෙට කලැස් ගියානේ. ඒ ගියෙත් අවුරුද්දක් විතරයි.5 වසරෙදි.දැන් නම් මොන්ටිසෝරි කාලේ ඉදලා ළමයිව ශිෂ්‍යත්වෙට පන්ති අරන් යනවැ නොවැ.ඒ කාලේ හරි හොරයි නොවැ මං පන්ති යන්ට.මතක විදිහට සතියට දවස් දෙකක් විතර පන්ති යන්ට.පන්ති යන්ට තියෙන දවසට උදේම නැගිටලා කුස්සියට ගිහින් සුදු ළූණු ටිකකුත් අරගෙන යනවා වත්ත පල්ලෙහට.ඒ කාලේ වත්ත පල්ලෙහා අන්නාසි හිටෝලා තිබුණේ. ආයේ ඉතින් ඔය අන්නාසි ගොල්ලක් අස්සේ හංගුණාම හොයනවා බොරු..
දන්නවනේ ඉතින් කස්ටිය සුදු ළූණු ගෙනිච්චේ මොකටැයි කියලා. ඔන්න ටිකක් වෙලා ගියාම තමා සටන පටන් ගන්නේ. අම්මා එළියට බැහැල කෑ ගහනවා.කොල්ලෝ ඉන්න තැනකින් එළියට වරෙන් පන්ති යන්න පරක්කු වෙනවා කියලා. මං ඉතින් හ්ම්ම් නෑ.

          ඔන්න ඊට පස්සේ ඉතින් බැනුම් කොටියයි.. ඊට පස්සේ බනින එක නවත්තලා එනවා මාව හොයන්න. මං ඉතින් සු‍ටුස් ගාලා සුදු ළූණු ටික ගා ගන්නවා. දැන් ඉතින් කොල්ලට හොදටම උන.ඔන්න ඉතින් ෂේප් එකේ එනවා එළියට. "අනේ අම්මේ මට හොදටම" උන කියාගෙන.අම්මත් ඉතින් බලලා කියනවා " ආ උණ නේන්නම්" කියලා. ඉතින් මොකො හැංගුණේ කියලා අහනකොට තමා කියන්න ඒවා නැති වෙන්නේ.ඔය වෙලාවට ඉතින් මොකක් හරි කියලා ෂේප් වෙනවා.ඉතින් එදාට වැඩේ ගොඩ. නො කලැස්.

              ඔය වැඩෙත් දිගටම හරි ගියේ නෑ. හැංගිලා ඉන්න කොට කනින් උස්සගෙන ඇවිත් පන්ති එක්කන් ගියපු අවස්ථාත් නැතුවම නොවේ.කොහොම හරි අන්තිම මාස ටිකේ නම් දිගටම වගේ පන්ති ගියා. විභාගේ ළං වෙච්ච හින්දම නෙමේ. අපේ කලැස් එකේ එවුන් ඒ කාලේ අලුත් සෙල්ලමක් හොයාගෙන තිබ්බා K.I.N.G කින්ග්ස් කියලා.ඕක සෙල්ලම් කොරන්න තමා වැඩිපුර ගියේ.හොද ලොකු සපත්තු දෙකක් දාගෙන කෙල්ලෙක්ගේ කකුල් පාගෙන එක හරි ජොලි වැඩෙනේ. හි..හි..
හැබැයි ඉතින් මොනා වුණත් විභාගෙ නම් කොහොම හරි ගොඩදාගත්තා. හප්පච්චියේ ඉතින් ඒ කාලේ කොරපුවා. මතක් වෙච්ච වෙලාවක ඒවත් කියන්නම්කෝ....

අහිමි ඔබ


\මේ හිත ඔබ වෙනුවෙන්/
හඩන තරම නොදන්නා
නිසාද මේ තරම් 
ඔබ මට නපුරු උනේ



Windows 7හි සැගවී ගත් Wallpapers හා Themes

                   වින්ඩෝස් සෙවන් දානකොට එහි භෂාව ලෙස සාමන්‍යයෙන් අපි තොරන්නේ English (US). ඉතින් අපිට ලැබෙන්නේ ඇමෙරිකාවට අදාල තීම්ස් සහ වොල්පේපර්ස්.ඉතින් වින්ඩෝස් සෙවන් වල තව වෙන රටවල් වලට අදාල තීම්ස් එනවා.අවාසනාවකට අපේ රටේ තීම් එකක් නැහැ.හරි දැන් අපි බලමු මේ හැංගිලා තියෙන තීම්ස් හා වෝල්පේපර්ස් හොයගන්නේ කොහොමද කියලා.

1.මුලින්ම Run වලට ගිහින් මේ විදානය ටයිප් කරන්න.
 

C:\Windows\Globalization\mct
 

ඊට පස්සේ Enter  කරන්න
 

2.එතකොට ඔයාලට මේ වගේ වින්ඩොව් එකක් එයි.ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමන්‍ය තීම් එකක් ඇඩ් කරගන්න විදිහට ඇඩ් කරගන්න.


AU - ඕස්ට්‍රේලියාව
CA - කැනඩාව
GB - බ්‍රිතාන්‍යය
US - ඇමරිකාව
ZA - දකුණු අප්‍රිකාව


 3.ඊට පස්සේ ඔයාලගේ Personalize වල ඔයාලා දාගත්තු තීම් ටික මේ විදිහට දැක ගන්න පුළුවන් වෙයි.

ප්‍රයෝජනයක් උනා නම් ප්‍රතිචාරයක් දක්වලා යන්න අමතක කරන්න එපා.

කැමතිනම් අහන්න,බලන්න ලස්සන සිංදු ටිකක්

මම ගහ උඩ !! @ Tree

         මේ දවස් වල නම් නිවනක් නෑ. හැරෙන්නවත් වෙලාවක් නැති තරම්. මමවත් දන්නේ නැතුව මම බිසී වෙලා .මේ ළගදී ආයෙත් මට පොළේ යන්න කියලා ඉහළින් නියෝගයක් ආවා.හප්පේ මම නම් ගත් කටටම බෑ කිව්වා.මතකනේ එක පාරක් පොළේ ගිහින් වෙච්ච සීන් එක.මේ නම් පොළේ ගිය සීන් එකක් නෙමේ. යාළුවෙක් නිසා කාපු කස්ටක්.නිකන් කස්ටක් නෙමේ රජ කස්ටක්..

       මිනිහා හරි කුකුලා.මිනිහට අපි හුරතලේට කියන්නේ පැණියා කියලා. (ඇයි පැණි ගොඩක් නේ) සති දෙකෙන් දෙකට කෙල්ලෝ මාරු කරනවා. ඔක්කොම ඉතින් මූණුපොතේ කෙල්ලෝ.ඔක්කොම උන් මූට අහුවෙනවනේ, ඇයි යකෝ මෙච්චර මේ "අපි වගේ අහිංසක" උන් ඉන්නවා ලව් කරන්න.අපිට අහුවෙන්නේ නැති හැටි විතරක්.කොහොම හරි මූ සෙට් කරගන්න කෙල්ලො මීට් වෙන්නත් යනවා. යන්නේ ඉතින් තනියම නෙමේ අපි වගේ හැඩි දැඩි පොරවල් එක්ක තමා. මොකද ඔය යන ගමන් වල Risk එක වැඩී නොවැ.ඉතින් හදිසි අවස්ථාවලදී විදේශ ආධාර ඕන කරනවනේ.(ගැහුවොත් උස්සගෙන යන්න වගේ)කොහොමහරි මේ ළගදී දවසක උදේ පාන්දරම මූගෙන් කෝල් එකක් ආවා.ඒදා විතරයි ගෙදර ඉන්නේ.නිදාගන්නවත් දෙන්නෙ නෑ මුං.

මම : අලෝ! කවුද මේ උදේම ?
පැණියා : අඩෝ මේ මම පැණියා බං. මේ පොඩි ගමනක් තියෙනවා, යමුද?  
මම : ආ උඹද? උඹලටත් අපිව මතක් වෙන්නේ කොහෝ හරි යන්න ඕන උනාම තමා..
පැණියා : නෑ බං එහෙම කියන්න එපා. අඩෝ වරෙන්කො යන්න.ෆට්ට කෑල්ලක් බං සෙට් උනේ..
මම : හා හා ඉතින් යමන් යමන්. හැබැයි සියළුම පිරිවැය උඹ ගානේ..
පැණියා : හරි හරි .. එළස්. අට වෙද්දී අපේ ගෙදරට වරෙන්..


             මේ දවස් වල ඇදුම් හෝදන්නත් වෙලාවක් නෑ නොවැ. මහ වරුසාවනේ. ගිය සතියට එපිටින් සතියෙද කොහෙද හෝදපු ඇදුමක් තිබ්බා.අන්තිමට හේදුවේ කවද්ද කියලා හරියට මතක නෑ.ඊළග දවසේ ඉදලා ඩයිරි එකේවත් ලියන්න ඕනේ.හප්පේ එකේ පුසුඹ. තිබ්බ ඔක්කොම සුවද ගහන ඒවා ටික දාලා යන්තම් ඇදුම පොෂ් කරගත්තා..
දැන් ඉතින් අපි ගියා කෙල්ල එන්න කිව්ව පොට් එකට. සෑහෙන දිග ගමනක්. එතෙන්ට යන්න අපිට පැය දෙකක් විතර ගියා නොවැ. හප්පේ මරු පොට් එක. සෑ කියලා වැඩැක් නෑ. වැව ගාව හුළං පාර නම් මරු ඉතින්. පැණියාව ඉස්සරහට යවලා මම පස්සෙන් හිටියා. පැණියා දැන් මට ඉස්සරහ බංකුවක වාඩි වෙලා ඉන්නවා.තාම කෙල්ල නෑ. මම පොරට පස්සෙන් ගහකට හේත්තු වෙලා දැන්.හදිසි ආධාර ඕන උනොත් එහෙම ළග පාත ඉන්න එපැයෑ.කොහොම හරි විනාඩි 15ක් විතර යනකොට .පැණියා කිව්ව වගේ හැඩරුව  තියෙන පොෂ් කෙල්ලෙක් මගේ දර්ශණ පථයට අහුවෙන්න ගත්තා.


           කෙල්ල සීන් එකක් නැතුව ඇවිත් පැණියා ගාවින් ඇවිත් ඉද ගත්තා.හරියට කලින් දැනගෙන උන්න වගේ.කවුද ඉතින් දන්නේ මුං දෙන්න මට හොරෙන් කලින් යාළු වෙලා උන්නද කියලා.කොහොමහරි මුං දෙන්නා දැන් පැය දෙකක් විතර කදේ,මං මෙහේ වේලෙනවා.කෝකටත් මං පැණියගෙන් රු 200ක් කලින්ම ඉල්ල ගත්තා.නිකන් මොකටද මගේ ප්‍රතිපාදන ක්ෂය කරගන්නේ. මාත් ඉතින් කඩෙන් අයිස් පලමක් අරගෙන කකා ඉන්නවා. ඔහොම ඉන්නකොට කොල්ලෝ හතරක් පහක් ඇවිත් පැණියවයි, අර කෙල්ලවයි වට කරගත්තා.මාත් දැන ගත්තා දැං නම් බඩු හරි වගේ කියලා. එක පොරක් පැණියගේ බෙල්ලෙන් අල්ලගෙන උස්සලා බිම දැම්මා. මූ නැගිටලා "අඩෝ! සිහිනයෝ දුවපාන්..............කියලා මූ දිව්වා.මම කොහේ දුවන්නද, මම ගහ උඩනේ.....


පාරේ බස් එකේ ඇහෙන කතා

                                අපිත් ඉතින් ඔය පොදු ප්‍රවාහන සේවය භාවිතා කොරන කස්ටිය නොවැ.ඉතින් ඕකේ යනකොට ඇහෙන කතා නම් අනන්තයි.රස කතා,විහිළු කතා,කැත කතා,ලව් කතා,ඇඩෙන කතා එක එක කතා. ඔන්න දැන් ඉතින් කස්ටිය කියන්න එපා මම අනුන්ගේ කතා හොරෙන් අහනවා කියලා. ඇහෙන්න කියනවනම් අහන්නේ නැතුව ඉන්නේ කොහොමෙයි. ඔයාලත් අහලම බලන්නකෝ..

                මේ කතාව ඉස්කෝලේ යන පොඩි ළමයි දෙන්නෙක් කිව්ව කතාවක්.මයෙ හිතේ අටේ හරි නවයේ හරිද කොහෙද,
         "සල්ලි මත්තෙම නැහිලා හරියන්නේ නෑ බං. සල්ලි නෙමේ හම්බ කරන්න ඕනේ මිනිස්සු"


මේවා නම් කිව්වේ කවුද කියලා නම් මතක නෑ. කවුද කිව්වේ කියලා ඔයාලම හිතා ගන්නකෝ...

 "අම්මට සිරි.. අර බලහල්ලකෝ, ෆට්ට කෑල්ල බොලව්" 

 "කෑ නොගහා ඉන්නවා... නැත්තම් දෙනවා දෙකක් "

 " ඊයේ පොඩ්ඩක් වැඩි උනා නේ, ඒකයි උදේ එන්න පරක්කු උනේ.."

"සුදූ අද මම එනකොට රෑ වෙනවා,, දොරවල් වහගෙන නිදාගන්න.."

  " අරූ මහ ෆල් ටෝක් එකක් දුන්නේ.. හරියන්නේ නෑ, පොරට දෙන්න ඕන ගේමක්.."

 "අනේ පැටියො.. කවුරුහරි දැක්කොත් එහෙම.."

 "දොර ගාවින් ඉස්සරහට යන්න.. ඔය දොර තනිවෙන්නේ නෑ..."

  කො‍ටුව... කො‍ටුව... 138 මම හිටිය.....

Powered by mp3skull.com

Robot (2010) - හින්දි සිනමාවෙන්

  හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. බ්ලොග් එක පාලුවට ගිහිල්ලා කියලා දැනුනාම හිතට ලොකු දුකක් ආවේ. කොහෙද මේ ප්‍රශ්ණ එනකොට එන්නේ වැල් පිටින්නේ.ඒ ගැන වැඩක් නෑ අපි බයිස්කෝප් එක ගැන කතා කරමු.

           මේක හින්දි බයිස්කෝප් එකක්.සමහර විට මේක බලපු කට්ටියත් ඇති.බලපු නැති කට්ටිය වෙනුවෙන් මේ ලියන්නේ.මේක නිකුත් උනේ 2010 ඔක්තොම්බර් වල.මේකේ රගපාන්නේ දෙමළ චිත්‍රපට රජු වන රැජින කාන්ත්. ඔහුට අමතරව Aishwarya Rai , Danny Denzongpa , Santhanam , Karunas ඇතුළු නළු නිළියන් පිරිස මෙහි රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් නම් 6.6 යි. පැය 2 විනාඩි 35ක කාලයක් පුරා මෙම චිත්‍රපටය දිවෙනවා.විටෙක ත්‍රාසය, තවත් විටෙක හාස්‍ය ගෙන මෙම චිත්‍රපටය හොද හින්දි සිනමා සිත්තමකි. බයිස්කොප් එක ගැන හීනියට විස්තරයක් පහළින්..

                 "ඩොක්ටර් වසීගරන් විසින් කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාට බොහෝ සෙයින් සමාන රොබෝවෙක් නිර්මාණය කරනවා.මේ රොබෝට මිනිසාට කළ හැකි සියල්ලම පාහේ කළ හැකියි. ඩොක්ටර් වසීගරන් විසින් මේ රොබෝට හැගීම් දැනීම් ලබාදෙනවා. ඒ සමගම මේ රොබෝ මිනිසාට එරෙහිව නැගී සිටීද? කවුද ඉතින් දන්නේ, ඒකට ඉතින් මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා. තව දෙයක් කියන්න ඕනේ බයිස්කෝප් එක ඇතුළේ ලව් ස්ටෝරියකුත් යනවා."

එහෙනම් ඉතින් බාගෙනම බලන්න. ජය වේවා!! 


 700MB පිටපත මෙතනින් බාගන්න !
400MB පිටපත මෙතනින් බාගන්න !

නිව් Funny Msg (Part 2)

Eda ree, gedara kawuruwath hitiyeth naha. Mama thaniyama paluwen andata wela nindath,adanindath athara innakota oya awilla mata karapu hariya balannako. Eda oyatanam sonduru reyak wenna athi. Hebai matanam ehema naha. Mama baya una. Nidagaththeth naha. Ude mata wamaneth giya. Mata kema kannath beha. Amma mawa docter kenek gawata ekkan giya. Dan mama jeewath wela mokatada? Docter thamai kiwwe mata DENGU kiyala.Ai maduruwo eda ree awith matama widde?

***********************************************************************

Sir: siripala, api danatamath parakkui.api hariyatama 8 o' clock weddi simionge gedara inna ona. neththam e man apiwa dala yai. harida? 
Siripala: o...ok! sir 
Sir: badu serama lesthida kollo? 
Siripala: yes.. sir 
Sir: karaththe harida siripala? 
Siri: ekanam hari sir.ethme gona? 
Sir: ei, u thama bende nedda? 
Siri; kohoma badinnada sir? 
Sir: ei e ? 
Siri: u thama sms eka balanawa sir !

************************************************************************
Man godak ahinsaka kenek,eth man thamuselata karana udaw thamusela ekekwath danne ne.
Kochchara dewal thibunath thamuseta one mawama kanna neda?
ithin kapan..
mawa huragenama kapan...
-Murunga-

***********************************************************************
Udeta wagema dawalatath,
a wagema ratath,
mata turulu wela hitiya neda oya.
nindedi turulu wela hina dakka.
adaren hadu dunna.
Oyage adum galawala pirisidu karala anduwa.
Mage pana wage hitiya oya ada mage laga na...
kawda yako mage KOTTE gaththa eka...


**********************************************************************
Oya kawadawath hithanna nethuwa ethi mama mehema ahai kiyala oyagen meka ahanna hitiye mita hugak issara mama kawadawath oyagen mehema ahala ne mehema ahuwa kiyala man gena weradiyata hithanna epa eth,..eth meka mata thawa duratath hithe hangagena inna be.mama ahanne oya thamath dath madinne POLMUDDENDA?

**********************************************************************

Girl : ah! ah... himin himi..n! aiyoo!! ridenawa..
Boy : iwasanna patiyoo...
Girl : aa..i keduwa neda.. ara..! leth enawa
Boy : ohoma thamai ane.. issellamane..
Girl : mata nam thawath be..ridenawoooo....
Boy : thawa tikai...
Girl : aa..u oyanam kiyai. matane amaru.
Boy : aa.. onna hari. wade ewarai
Girl : shaaa...danne mata saneepa
Boy : ekane kiwwe..
Girl : oh! loku kattak neda kakule enila tibbe.



ඔබ ඒවිදෝ ආයේ .....

                   හස අද ගොඩක් කළු කරලා.හවසට වහියි වගේ.ගෙදරින් එළියට බැස්සේ කොහෙ යන්නද කියලා හිතා ගන්න බැරිව.ඉස්සරනම් යන්න තැන් ගොඩක් තිබ්බා.ඒ ඔයා හිටිය නිසා.ඒත් අද ඔයා මගේ ළග නෑ. මේ ජීවිතේදී අපේ දෛවය අපි ආසකරන ගොඩාක් දේවල් අපිට ලබාගන්න දෙන්නේ නෑ කියලා මම දැනගෙන හිටියේ නෑ.එදා මම නුවර පෙරහැර බලන්න ආවේ මගේ යාළුවොත් එක්ක.මගේ යාළුවොන්ට නම් ඉදගන්න තැන් හම්බ උනා.මට තැනැක් නැතිව එහාට මෙහෙට වේවී ඉන්න කොට තමයි ඔයා අඩගහලා මට ඉදගන්න තැනක් දුන්නේ.මම හිතුවේ නෑ එදා මම සදහටම ඔයා ගාව ඉදගෙන ඉන්න ප්‍රාර්ථනා කරයි කියලා.එදා ඇති වෙච්ච බැදීම අපි දෙන්නටම දිගටම අරගෙන යන්න ඕන උනා.ඒ නිසයි අපි හැමදාම හම්බ උනේ.අපි කොච්චර නම් දවසක් මේ නුවර වැව වටේ ඇවිදගෙන යන්න ඇත්ද..
         
                      " මම ඔයාට ගොඩාක් ආදරෙයි.මම ඔයාව කවදාවත්ම දාලා යන්නේ නෑ සිහින,කවදාවත්ම.. "
                                                
                                එහෙම කියපු ඔයා මගෙන් මෙහෙම ඈත් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ.ඔයා මගෙන් ඈත් වෙන්න මම කරපු වැ‍රැද්ද මොකක්ද කියලා මම තාමත් දන්නේ නෑ.මම කරපු එකම වැ‍රැද්ද මගේ පණටත් වැඩිය ඔයාට ආදරේ කරපු එකද?ඔයාව හම්බ වෙන්න එන්න මට සල්ලි නැති වුනාම, මගේ පරණ පොත් විකුණලා සල්ලි හොයාගෙන මම ආවේ. ඔයාගේ උපන්දිනේට තෑග්ගක් දෙන්න සල්ලි නැති වෙලේ මගේ සපත්තු දෙක විකුණලා ඔයාට තෑග්ගක් ගත්තේ.එදා ඉදලා මම දැම්මේ රබර් සෙරෙප්පු දෙකක්.මම ඔයා ගැන ගොඩක් හීන මැව්වා තරූ.අපේ අනාගතේ ගැන ගොඩක් හීන මැව්වා.එදා නුවර වැව ලගදී මට ඔයාව හම්බ උනේ අන්තිම වතාවට කියලා මම දැනගෙන උන්නේ නෑ තරූ.එහෙම දැනගෙන උන්න නම් ඔයාට යන්න දෙන්නෙ නෑ තරූ.

          " මට සමාවෙන්න සිහින..මට තවත් ඔයාට බොරු කරන්න බෑ..ඔයාගේ බලාපොරොත්තු නැති කළාට මට සමාවෙන්න,අනේ හේතුව මොකක්ද කියල නම් මගෙන් අහන්න එපා.ප්ලීස් මාව අමතක කරන්න "

                                     ඔයා මට එක වචනයක්වත් කියන්න දුන්නේ නෑ.ඔයා කියාගෙන කියාගෙන ගියා.මම කතා කරන්න හැදුවත් මට වචන ආවේ නෑ.මගේ ඇස්වලින් පුංචි කදුලු කැට වැ‍ටුනේ ඇයි කියන්න මම දන්නේ නෑ තරූ.මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරපු ඔයා මට කවදාවත් මෙහෙම කියයි කියලා මම හිතුවේ නෑ.මම යන්නම් සිහින කියලා යන්න හදපු ඔයාව නවත්තන්න තරම් ශක්තියක් මට තිබුණේ නෑ.මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරිව මම හිටියේ. ඔයා ඈතින් ඈතට යනවා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මට තිබුණේ නෑ.මම එතෙන්ට වෙලා ගොඩක් ඇඩුවා තරූ. ඔයා දන්නේ නෑ තරූ. ඈතින් බැහැලා යන ඉර වගේ මටත් නුවර වැවේ ඇතුළටම බැහැල යන්න හිතුණත් මට ඒක කරන්න බෑ තරූ.අපේ නංගිගෙයි අම්මගෙයි ජීවිත තියෙන්නේ මගේ අතේ
එයාලව තනි කරලා මට යන්න බෑ තරූ.
එදයින් පස්සේ අද වෙනකන් මම ඔයාව දැක්කේ නෑ තරූ.මම තාමත් නුවර වැව ඉස්මත්තට යනවා.කවදා හරි ඔයා එයි කියලා බලාපොරොත්තුවෙන්. 



හිත වාවන්නේම නෑ..
ඔබ ආයෙත් එන්නේ නෑ...
මම තාම දන්නේ ඔබ මගේ කියා...


ජායාරූපකරණයේ වෙසෙස්වූ පළමු පියවර



















මේ ජායාරූපය ගැන මොකද හිතෙන්නේ?
 


       මුලින්ම කියන්න ඕන මේවා මේ ෆට්ට ඩිජිටල් කැමරාස් වලින් ගහපු ෆොටෝස් නම් නෙමේ. මගේ ජංගම දුරකතනයෙන් ගත්ත ෆොටෝස්. මේ  ජායාරූප ගැන මොකද හිතෙන්නේ..

The 300 (තුන්සීයේ සටන)

                          
                      දිගු නිහැඩියාවකට පසු ඔන්න සුපුරුදු පරිදි ගෙන ආවේ බයිස්කෝප් එකක්.හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනේ මම ලොකු ප්‍රශ්ණයක හිර වෙලා හිටිය නිසා. තාමත් ඒක විසදිලා නෑ.ඒත් බ්ලොග් එක පාලුවට යවන්න බැරි නිසයි ලිපියක් දාන්නේ. ඒ ගැන කතා ඇති.බයිස්කෝප් එක ගැන කතා කරමු.


                                                        මේ බයිස්කෝප් එක ටිකක් විතර පරණ ඇති.බලපු නැති කස්ටිය වෙනුවෙන් තමා මේ දෙන්නේ.බයිස්කෝප් එක මැක්සා.එළ කිරි.මේක නිකුත් උනේ 2007  මාර්තු වල. මෙහි Gerard Butler, Lena Headey, Dominic West. ඇතුළු බොහෝ රංගන ශිල්පීන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා.IMDb රේටින්ස් 7.8 ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 117 යි.මෙහි සියලුම රූපගත් කිරීම් පාහේ රූගත කර ඇත්තේ චිත්‍රාගාර තුලයි.නවීන තාක්ෂණය ඉතා සියුම් ආකාරයකට මෙම චිත්‍රපටයට යොදා ගැනීමට Warner Bros සමාගම සමත් වී තිබෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස මෙය හැදින්විය හැකිය.බයිස්කෝප් එක ගැන හීනියට විස්තරයක් මෙන්න.

             "කින්ග් ලෙනොයිඩස්, ස්පාටන්වරු 300ක් සමග 170,000 සමන්විත පර්සියන් හමුදාව හා සටනට ගමන් කරනවා.ස්පාටන්වාරු යනු අභීත රණ ශූරයන්ය.මොවුන් සටනට යන්නේ ඉතා විශාල පර්සියන් හමුදාවක් සමගය. මොවුන් සමග සටන් කරන ස්පාටන්වරුන්ට ජයග්‍රහණය කළ හැකිවේද? නැතිනම් ස්පාටන්වරු සමූල ඝාතනය විය හැකිද? ඔබ සිතූදේ සිදු නොවිය හැක.සිදුවන්නේ කුමක්ද යැයි දැන ගැනීමට නම් මෙම සිනමාපටය නරඹන්න."

700MB පිටපත මෙතනින් බාගන්න!






 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013