කවද කාපු සැමන්ටින්ද කිව්වලු. අද ඉතින් නිදහසේ ගෙදර ඉන්න කියලා නිවාඩුවක් දැන්මා. උදේ පාන්දරම අපේ ගෙදරින් පුංචි ආරාධනාවක් ඇවිල්ලා මට. මොකක්ද කියලා බැලින්නම් පොලේ යන්න කියලා. මට මතක විදිහට මම පොළ පැත්තේ ගියේ මම ඉස්කෝලේ 6 - 7 ඉන්න කාලේදිද කොහෙද. බෑ කියලා කියන්නත් බෑ. බෑ කිව්වනම් අද වසලා හමාරයි. කොහොමත් අද මට ටවුම පැත්තේ යන්න උවමනාවකුත් තිබ්බා. අලුත් සපත්තු දෙකක් ගන්න. කොහොමහරි කිටත් ගහගෙන මල්ලකුත් අරගෙන මම ගියා බලන්න පොළ පැත්තේ. හප්පේ ඉන්න සෙනග. කොහොමහරි තටමලා තටමලා පොළ ඇතුළට රිංග ගත්තා. අඩිය තිබ්බ විතරයි දඩ මඩවලක්, මගේ හිතේ පොළේ බඩු විකුණන කට්ටියට නාන්න හදපු තැනැක්ද මන්දා. ලග තිබුණ ටැප් එකක් ගාවට ගිහින් කකුළ හෝද ගත්තා. නැත්තම් කෙල්ලෙක්වත් බලන එකක්යෑ. හෙන බඩු ලිස්ට් එකකුත් අතේ තියගෙන ඔන්න ඉතින් පොළ වටේ ඇවිදින්න ගත්තා. හප්පේ බඩු වල තියන අස්ප ගණන්. අමු මිරිස් 100g රුපියල් 50. 1kg රුපියල් 500. හම්මේ ඉතින් මිරිස් කාලා ඉවරයි.අද කාලේ කොහොම ජීවත් වෙන්නද මන්දා මේ බඩු වල ගනන් හැටියට. අල නම් ලාවයි.1kg රුපියල් 50. මම කිලෝ දෙක තුනක්ම ගත්තා. මොකද ලාවයි නේ. අල කාලා අලියෙක් වත් වෙන්න බැරියැ.
තව ඉතින් ගන්න තිබුණ බඩු ටිකත් අරගෙන ඔන්න ඉතින් පොළෙන් එළියට ආවා.හරියටම පොළෙන් එළියට එන තැන පොරක් කෑ ගහනවා පේතර කොළයක් දහයයි දහයයි කියාලා. මොකක්ද යකෝ මේ පේතර කොළ කියන්නේ. අලුත් කොළ ජාතියක්දවත්ද. මම පොරට ටිකක් කිට්‍ටු කරලා ඇහුවා " අන්කල්, මොනාද මේ පේතර කොළ කියන්නේ කියලා." පොර කියනවා." මහත්තයෝ පේතර කොළ නෙමේ මේසේට කොළයක් කියලා." හප්පේ වස ලැජ්ජාවයි. එක්කෝ මේ යකා වැරදියට කියනවා. නැත්තම් මගේ කන් වල දෝෂයක්ද මන්දා.පුරුද්දට වගේ ගත්තා කලවමේ රටකජු ගොට්ටක්. ඒකත් 100g රුපියල් 30ක්. හප්පේ ඒවා රටකජුද කියලත් හිතෙනවා. ඔක්කොම රටකජු ටික පොගලා. බාගයක් කාලා පාරේ ගිය බල්ලෙක්ට දැම්මා. යකෝ බල්ලවත් කෑවේ නෑ ඒ රටකජු එක. සපත්තු කුට්ටමකුත් ගන්න එපෑ. මේ දවස් වල අතේ එච්චර සල්ලිත් නෑ.Odesk එකේ ජොබ් එකක් කලා කියලවත් එච්චර වාසියක් නෑ.(ඒ ඉතින් මගේ කම්මැලිකම නිසා).බඩු මල්ලත් අරගෙන ගියා සපත්තු දෙකක් ගන්න. බැලුවා බැලුවා හැම කඩේකම සෙට් වෙන එකක් නෑ. අන් අන්තිමට ඉතුරු වෙලා තිබුණ අන්තිම කඩේටත් ගියා. අන්න ඒකේ නම් සෙට් වෙන එකක් තියනවා. ලෙදර් දෙකක්. ගාන නම් සැරයි. ඒත් බඩු ලෙදර් නේ. අවුරුදු ගානක් දාන්න පුළුවන් කිව්වා. ඇත්තද දන්නේ නෑ. ගත්තා ඉතින් මොනා කරන්නද.දැන් ඉතින් එක අතක බඩු මල්ලයි, අනිත් අතේ සපත්තු කුට්ටමයි එල්ල ගෙන බස් එකට නගින්න එනවා. කෙල්ලෝ මං දිහා බලන්නේ හරියට පවුල්කාරයක් දිහා බලන විදිහට. උන් හිතනවද දන්නේ නෑ මම ළමයි හත් අට දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලා. නයි කයිද පොළොස් කිව්වලු. විලිම විල ලැජ්ජාවයි.
කොහොමින් කොහොම හරි බස් එකට නැග්ගා. බස් එකෙත් පොල් පටවලා වගේ හරියට වෙන බස් නෑ වගේ. මටත් ඉතින් ගෙදර එන්න හදිස්සිය. දැම්මා බඩු මල්ල සීට් එකක් අස්සට. සපත්තු කුට්ටම අතේ, පර්ස් එක කටේ. දැන් ඉතින් බස් එකේ පැද්දි පැද්දි එනවා. බස් එකේ මම දන්න බල්ලෙක්වත් නෑ. මාත් ඉතින් ඔහේ කරබාගෙන ආවා. මම බහින පොට්ටෙකටත් ආවා. බැලුවා බස් එකේ බෙල් එක කොහෙද කියලා. මොන බෙල්ද බෙල් ලොවෙත් නෑ.ගැහුවා කෑ "බහිනවෝ බහිනවෝ කියලා" කොන්දා අහපි " කවුද? කවුද? කියලා" හත්දෙයියනේ මම නැතිව වෙන මොකා බහින්නද,හෙන ගේමක් දීලා බස් එකෙන් එළියට පැන ගත්තා. බස් හෝල්ට් එකේ ඉදලා අඩි දෙකක් විතර එනකොට අමුත්තක් දැනුණා. හුටා සපත්තු කුට්ටම විතරයි අතේ. බඩු මල්ල බස් එකේ. මටත් පාත්වෙන්නෙම තොප්පි තමා. හොද වෙලාවට මං අදුරන පොරක් හිටියා එතන. පොරගේ මෝටසයිකලෙත් තිබුණා. නැග්ගා ඒකට. ඔන්න දැන් අපි දෙන්නා පන්නනවා බස් එක පිටිපස්සේ. හරියට S.F එකෙන් වගේ. හෝන් එක ගහනවා එක කෙලියයි. බස් කාරයා බය වෙලාද මන්දා පොර බස් එකේ වේගේ වැඩි කළා.
හත්දෙයියනේ මගෙ අසරණ බඩු මල්ල.කොච්චර කට්ටක් කාලද ඕක අරගෙන අවේ. අපිත් ඇරියේ නෑ පස්සෙන්ම පැන්නුවා. බස් කාරයා එක පාරටම නැවැත්තුවා. පොර අහපි "මල්ලී ඇයි ගේමද කියලා" මේකා ඒ අස්සේ ගේම් ගහන්නත් එනවා. "මොන ගේම්ද අයියා, මගේ බඩු මල්ල බස් එකේ" ආ එහෙමද මල්ලී, ගන්න ගන්න බඩු මල්ල කිව්වා. මාත් ඉතින් ටකස් ගාලා බස් එකට නැගලා බඩු මල්ල ගත්තා.අඩුවක් නැතුව බඩු ටික ඔක්කොම තියනවා. කොහොමහරි බස් මෙහෙයුම ඉවර කරළා ගෙදර එනකොට හොද පණ ගිහින්. සිරි සිරි මල් කිව්වලු.
හි හී, නියම පොලේ යාම
ReplyDeleteමල මගුලයි, අයිත් පොළේ යයිද මන්දා...........
ReplyDeleteහම්මේ!! ආයේ නම් පොළේ යන්න අදහසක් නම් නෑ.....
ReplyDelete