අපි හැමෝටම තියන ප්‍රධාන ප්‍රශ්ණයක් තමා අන්තර්ජාලය හරහා ඉබේම අපේ පරිගණකයට වෛරස්,ඇඩ්වේයා,මැල්වෙයා වැනි හානිකර දෑ ඩවුන්ලෝඩ් වීම. මේකට පුන්චි පිළියමක් හොයා ගත්තා. ඒ තමයි වෙබ් ෆිල්ටරිං (Web Filtering) වැඩසටහන්. මේවා ඉන්ටනෙට් හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.
ස්කෑන්ඩු (Scandoo) හා සයිට් ඇඩ්වයිසර් (Site Adviser) යනු ඒ වගේ වැඩසටහන් දෙකක්.ඉතින් ඒකෙන් මම කියන්න හදන්නේ සයිට් ඇඩ්වයිසර් ගැන.
සයිට් ඇඩ්වයිසර්
මෙය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සර් දෙකටම ගැලපෙන ප්ලග්-ඉන්(Plug In) එකක්. මේ වැඩසටහන මගින් සෑම වෙබ් අඩවියක්ම පෙන්වන්නේ සංඥා වර්ණ උපයෝගි කරගෙනයි.මෙන්න මෙතනින් ගිහින් මේ ප්ලග්-ඉන් එක ඉන්ස්ටෝල් කරගන්න.
Download Here
ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේක නරක වෙබ් අඩවියක්ද හොද වෙබ් අඩවියක්ද කියලා හොයා ගන්නේ මෙන්න මෙහෙමයි.
1) වෙබ් බ්‍රව්සරයෙන් අපි වෙබ් අඩවියකට පිවිසෙන්නට ඉල්ලා සිටින විට සයිට් ඇඩ්වයිසර් විසින් එය රතුපාටින් සලකුනු කරයි නම් තත්වය නරකය. ඒ වෙබ් අඩවිය ස්පෑම් කිරීමට,ඉබේම මැල්වෙයා ඩවුන්ලෝඩ් කරන හෝ වෙනත් අනතුරක් ඇති වෙබ් අඩවියකි.එහෙත් පරිශීලකයා කැමති නම් එයට යන්නට බාධාවක් නැත.
2) කහපාටින් සංඥා කරන වෙබ් අඩවි අඩමාන ඒවාය (50%) සමහරවිට එහි අනතුරක් තිබෙන්නටත් පුළුවන, නොතිබෙන්නත් පුළුවන.
3) කිසිම අනතුරක් නැති ඉතා පිරිසුදු වෙබ් අඩවි පෙන්වන්නේ කොළ පැහැති සළකුණකිනි. ඉතින් එම වෙබ් අඩවියට පිවිසීමට ඔබ බිය විය යුතු නැත.
පොස්ට් එක හොද නම් පොඩ් කමෙන්ට් පාරක් දාලා යන්න
නරකම නෑ.එල කිරි
ReplyDeleteම්.......දැනුවත් කලාට thanks.
ReplyDeleteමේක ඔපෙරා එකේ වෑඩ කරනවා නේද.firefox එකේ නම් වෑඩ
ReplyDeletecraabeysinghe:-
ReplyDeleteමම හිතන විදිහට සහෝ ඔය ප්ල්ග්-ඉන් එක හැම බ්‍රව්සර් එකක් එක්කම වැඩ.
ඕක ෆයර්ෆොක්ස් වලත් වැඩ.. ඒ උනාට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් වලදි විතරයි සහෝ ඉතාමත් නරක වෙබ් අඩවි වලට පිවිසිම වලක්වන්නේ..
dinesh සොයුරා:
ReplyDeleteඅප සමග දිගටම රැදී සිටි සහොදරයෙක්.. දිගටම අපත් සමග රැදී සිටින්න