Followe කරන අය

Bruce Almighty (ඔබත් දෙවියෙක්ද)

න්න අද අරන් ආවේ අපේ ජිම් කැරියර් (Jim Carrey) කොල්ලගේ ෆිල්ම් එකක්.ෆිල්ම් එක නම් මැක්සා.ජිම් කැරියර්ගේ එකක් කිව්වම අනිවා ඉතින් ෆට්ට නේ.ෆිල්ම් එක නම් ටිකක් විතර පරණයි ඒත් ඉතින් එළ.මේ බයිස්කෝප් එක බැලුව කස්ටියත් ඇති. නොබලපු කස්ටිය වෙනුවෙන් තමා මේ දාන්නේ.බයිස්කෝප් එක නිකුත් උනේ 2003 මැයි වල.ජිම් කැරියර්ට අමතරව මේකේ රගපාන්නේ
Aniston ,Philip Baker Hall කියන නළු නිළි 
පිරිස.IMDb රේටින්ස් 6.6 යි.ධාවන කාලය 
ලෙස සටහන් වෙන්නේ විනාඩි 101 යි.
ස්ටෝරි ලයින් අප් එක මෙහෙමයි.



"Bruce Nolan කියන්නේ රූපවාහිනී ආයතනයක වැඩ කරන 
මාධ්‍යවේදියෙක්.ඔහු කරන වාර්තා එතරම් සාර්ථක වන්නේ නෑ. 
මොහුට වඩා හොදින් වැඩ කරන පුද්ගලයෙක් මේ ආයතනයේ 
ඉන්නවා. ඒ Evan Baxter.ඉතින් ඔහු සමග බොහෝ තරහින් 
තමා බෘස් ඉන්නේ. ඔහුව රස්සාවෙනුත් අස් කරනවා. ඔහුට මේ 
අවස්ථාවේ අපූරු පුද්ගලයෙක් හම්බ වෙනවා.මොහු දෙවියෙක්. 
ඉතින් මොහු බෘස්ට තමාගේ දේවත්වය දීලා පොඩි නිවාඩුවකට යනවා."

ඉතින් මේ දේවත්වය ලැබුණට පස්සේ බෘස් කරන්නේ හරි හරි වැඩ. 
ඒ මොනවද කියල බලන්න ඕනේ නම් අනිවා මේ බයිස්කෝප් එක බලන්න.
මිස් කරගන්න එපා. හිනා කාලා මැරෙනවා. මැක්සා!!!

700MB පිටපත මෙතනින් බාගන්න !

300MB පිටපත මෙතනින් බාගන්න !
-password-
mediafire4u.com



......කෝ අප්පා කමෙන්ටු......


Big Stan (යමුද හිරේට)

තකද The Hot Chick බයිස්කෝප් එක. එහෙනම් අනිවාර්යෙන්ම මතකයි නේ Rob Schneider ව.පොරගේ ෆිල්ම් එකක් තමා මේක. ෆුල් ජෝක් ෆිල්ම් එකක්.මැක්සා..මේක නිකුත් උනේ 2008 ජූනි 6 වෙනිදා.IMDb රේටින්ස් 6.3 යි. Rob Schneider ට අමතරව මේකෙ රගපාන අනෙකුත් පිරිස තමා  David Carradine , Scott Wilson ,
Jennifer Morrison , Richard Kind ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 105 යි.බයිස්කෝප් එකේ ස්ටෝරිය මෙහෙමයි.

     "බිග් ස්ටෑන්(Rob Schneider) ඔහු අතින් සිදුවූ වරදක් හේතුවෙන් ඔහුට අවුරුදු තුනක සිරදඩුවමක් නියම වෙනවා. ඔහුට නියම වෙන සිර ගෙය තමා ඇමරිකාවේ වැඩියෙන්ම Rape සිදු වෙන සිර ගෙදර. ඉතින් ඔහු සිරගත වීමට පෙර හිරේ ජීවත් වීමට පෙර සූදානමක් ඇති කරගන්නවා.ඔහු විසින් සටන් කළාව ඇතුළු බොහෝ දේ ඉගෙන ගන්නවා. ඉතින් මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඔහු හිරේට යාමට පෙර සූදානම් වන ආකාරයත්, හිරේට ගොස් ජීවත් වෙන ආකාරයත්ය."

        තව කිව්වොත් කිසි ගතියක් නෑ. ඉතින් පොරට හිරේදී මොකද වෙන්නෙ කියලා බලන්න ඕනෙ නම් අනිවා මේ ෆිල්ම් එක බලන්න. මැක්සා..!!!!!!! බයක් නැතුව බාගෙන බලන්න.


720MB පිටපත මෙතනින් බාගන්න !


Windows Media Player එක වෙනස් කිරීම

 හප්පේ මේ පෝස්ට් එක දාන්න පැය කීයක් තැටමුවද. New Post ටැබ් එක ඕපන් කරගෙන පැය ගාණක් කල්පනා කලා දාන්නේ මොකක්ද කියලා. දාන්න දේවල් නැතුව නෙමේ. මොකක්ද දාන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ. මොනා උනත් කමක් නෑ දැන් මම කියන්නේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක වෙනස් කරන හැටි. ඒ කියන්නේ Windows Media Player වෙනුවට ඔයාලගේ නම දාන හැටි.ඒක කරන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රිය තුළින්.මෙන්න මෙහෙමයි කරන්නෙ. Start > Run > එතන regedit ලෙස ටයිප් කරලා OK කරන්න. ඊට පස්සේ ඔයාලට වින්ඩෝස් රෙජිස්ට්‍රියට පිවිසෙන්න පුළුවන්.එහිදී මුලින්ම කළ යුත්තේ HKEY_CURRENT_USER ලැයිස්තුව වෙත පිවිසීමයි.(01 රූපය).ඊට පස්සේ මේ විදිහට කරන්න.Software (02 රූපය) > Policies (03 රූපය) > Microsoft (04 රූපය) යන කී එක සිලෙක්ට් කරන්න. ඊළගට කරන්න ඕනේ වින්ඩෝස් මීඩියා ප්ලේයරය සදහා අලුත් කී එකක් හදාගන්න එක.ඒකට රෙජිස්ට්‍රි එඩිටර් වින්ඩෝව් එකේ දකුණු පැත්තේ හිස් තැනක් තුළ රයිට් ක්ලික් කරලා, ලැබෙන මෙනු එකෙන් New යන්නත්, දෙවනුව Key යන්නත් තෝරා ගැනීමයි. එතකොට Microsoft කී එකට පහළින් ඔයාලට දකින්න ලැබෙයි New Key # 1 කියල අලුත් කී එකක්.(05 රූපය).දැන් ඒක උඩ රයිට් ක්ලික් කරලා Rename යන්න තෝරලා WindowsMediaPlayer යන්න හිස් තැන් තියන්නේ නැතුව ටයිප් කරන්න.(06 රූපය)ඊට පස්සේ ආයෙත් දකුණු පැත්තේ හිස් තැනක් තුළ රයිට් ක්ලික් කරලා, ලැබෙන මෙනු එකෙන් New යන්නත්, දෙවනුව String Value යන්නත් තෝරා ගැනීමයි.ඊට පස්සේ ඔයාලට New Value # 1 කියලා එකක් එයි.(07 රූපය) ඒක Rename කරන්න මේ විදිහට.TitleBar (08 රූපය)  ඊට පස්සේ ඔයාලා Rename කරපු එක ඕපන් කරගෙන Value Data කියන තැනට ඔයාලගේ නම හරි ඕන දෙයක් ටයිප් කරන්න.(09 රූපය)ඊට පස්සේ OK කරල මැෂින් එක රීස්ටාට් කරන්න. අවසානයේ ඔයාලට ප්‍රතිඵලය බලාගන්න පුළුවන් වෙයි.








01 රූපය


02 රූපය


03 රූපය


04 රූපය


05 රූපය


06 රූපය


07 රූපය


08 රූපය


09 රූපය


අවසන් ප්‍රතිඵලය මේ වගේ වෙයි






මොකද හිතන්නේ මේ වැඩේ ගැන, හොදද නරකද නැත්තම් මේ ලෝකේ වැඩක් නැද්ද. ඒ ගැන දැනගන්න කමෙන්ටුවක් දාලා යන්නකෝ.

Gulliver's Travels (ගලිවර්ගේ චාරිකා)






සතියකට විතර පස්සෙ තමා මේ පෝස්ට් එක දාන්නේ.මතකද ඔයාලට ගලිවර්ගේ වීර චාරිකා. ගලිවර් සහ ලිලිපුට්ටෝ.අන්න ඒ ගැන තමා අද බයිස්කෝප් එක. මේ බයිස්කෝප් එක නිකුත් උනේ 2010 දෙසැම්බර් මස 25 වෙනිදා.මෙහි ප්‍රධාන චරිතය,ඒ කියන්නේ ගලිවර් ලෙස රගපාන්නේ ජැක් බ්ලැක්.ඊට අමතර Jason Segel , Emily Blunt , Amanda Peet Billy Connolly ඇතුළු තවත් නළි නිළියන්  පිරිසක් රගපානවා. IMDB රේටින්ස් නම් 4.5 යි. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 85 යි. ෆිල්ම් එක ගැන වෙනම  විස්තරයක් ඕනේ නෑ.මෙන්න මේකයි සීන් එක.ගලිවර් මුහුදේදී කුණාටුවකට අහුවෙලා ලිලිපුට්ටන්ගේ දේශයට ගහගෙන යනවා.සුපුරුදු විදිහටම වගේ ලිලිපුට්ටෝ ගලිවර්ව අල්ලගෙන යනවා.ඉතින් ගලිවර් මේ ලිලිපුට්ටන්ගේ දේශයට වෙලා කරන වික්‍රමයන් ගැන තමා මේ බයිස්කෝප් එකෙන් කියවෙන්නේ.නව තාලෙට ගැළපෙන විදිහට ෆිල්ම් එකේ ස්ටොරිය නම් ටිකක් වෙනස්.3D නම් හොද තත්වේ තියනවා කියලා කියන්න පුළුවන්.බාලම බලන්නකෝ.!


           .....තරහ නැතුව පොඩි කමෙන්ට් පාරකුත් දාගෙන යන්න හොදේ.....


700MB පිටපත මෙතනින් බාගන්න ! 

කෆීර් අනතුරේ ජායාරූප

      කෆීර් අනතුරක් උනා කිව්වනේ. මමත් ඉතින් අද ගියා බලන්න. හම්මේ ඉන්න සෙනග. පන්දාහක් විතර. තව අයිස් ක්‍රීම් කාරයොයි , සෙල්ලම් බඩු කාරයොයි එතන පිරිලා. හරියට එතන වගේ ගුවන් හමුදා 60 වන සංවස්තර උළෙළ. මාත් ගත්තා ජායාරූප ටිකක්. ඒ ටික තමා මේ දාලා තියෙන්නේ. මාරයාගේ හෝරාවත් ෆොටෝ ටිකක් දාලා තියෙන්නේ. වීඩියෝ එකකුත් තිබුණා. ඒකත් බලන්න. මිනිහා ඉන්නේ ඒ ළගමනේ. ජීවිතක්ෂයට පත් උන ගුවන් හමුදා සෙබළා වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කරමු.
















 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013