Followe කරන අය

පහේ පන්තියට ගියා නොවැ.

         පහේ පන්තියට ගියා කිව්වට මේ මට මතක් වෙච්ච් සින් කෝන් එකක්.අද උදේ බස් එකේ යනකොට අතීතයට යන්න අවස්ථාවක් හම්බ උනා නොවැ.

               මගදි බස් එකට ගොඩ උනා අම්මා කෙනෙකුයි එයගේ පොඩි පුතයි.ඒ ළමයා නම් ඉස්කෝලේ හතර වසරේ නැත්තම් පහ වසරේ.පොඩි එකා බස් එකට නැග්ග වෙලේ ඉදලා මූණ බෙරි කරගෙන. "අනේ අම්මේ මට බෑ අද පංති යන්න" කියලා පොඩි එකා කුරු කුරු ගානවා.ළමයගේ අම්මා කියනවා "එහෙම කොහොමද, පංති නොගිහින් හරියනවැ.කට වහගෙන එනවා" කියලා ඒ අම්මා සැරෙන් කිව්වා.පොඩි එකා බයවෙලා කටවහ ගත්තා.ඕක දිහා බලාගෙන ඉන්නකොට තමා මට මගේ පොඩි කාලේ මතක් උනේ.හි හි.. ඒ කිව්වේ පොඩි කොළු ගැටයා කාලේ.ඒ කාලේ මේ වගේ මාත් ශිෂ්‍යත්වෙට කලැස් ගියානේ. ඒ ගියෙත් අවුරුද්දක් විතරයි.5 වසරෙදි.දැන් නම් මොන්ටිසෝරි කාලේ ඉදලා ළමයිව ශිෂ්‍යත්වෙට පන්ති අරන් යනවැ නොවැ.ඒ කාලේ හරි හොරයි නොවැ මං පන්ති යන්ට.මතක විදිහට සතියට දවස් දෙකක් විතර පන්ති යන්ට.පන්ති යන්ට තියෙන දවසට උදේම නැගිටලා කුස්සියට ගිහින් සුදු ළූණු ටිකකුත් අරගෙන යනවා වත්ත පල්ලෙහට.ඒ කාලේ වත්ත පල්ලෙහා අන්නාසි හිටෝලා තිබුණේ. ආයේ ඉතින් ඔය අන්නාසි ගොල්ලක් අස්සේ හංගුණාම හොයනවා බොරු..
දන්නවනේ ඉතින් කස්ටිය සුදු ළූණු ගෙනිච්චේ මොකටැයි කියලා. ඔන්න ටිකක් වෙලා ගියාම තමා සටන පටන් ගන්නේ. අම්මා එළියට බැහැල කෑ ගහනවා.කොල්ලෝ ඉන්න තැනකින් එළියට වරෙන් පන්ති යන්න පරක්කු වෙනවා කියලා. මං ඉතින් හ්ම්ම් නෑ.

          ඔන්න ඊට පස්සේ ඉතින් බැනුම් කොටියයි.. ඊට පස්සේ බනින එක නවත්තලා එනවා මාව හොයන්න. මං ඉතින් සු‍ටුස් ගාලා සුදු ළූණු ටික ගා ගන්නවා. දැන් ඉතින් කොල්ලට හොදටම උන.ඔන්න ඉතින් ෂේප් එකේ එනවා එළියට. "අනේ අම්මේ මට හොදටම" උන කියාගෙන.අම්මත් ඉතින් බලලා කියනවා " ආ උණ නේන්නම්" කියලා. ඉතින් මොකො හැංගුණේ කියලා අහනකොට තමා කියන්න ඒවා නැති වෙන්නේ.ඔය වෙලාවට ඉතින් මොකක් හරි කියලා ෂේප් වෙනවා.ඉතින් එදාට වැඩේ ගොඩ. නො කලැස්.

              ඔය වැඩෙත් දිගටම හරි ගියේ නෑ. හැංගිලා ඉන්න කොට කනින් උස්සගෙන ඇවිත් පන්ති එක්කන් ගියපු අවස්ථාත් නැතුවම නොවේ.කොහොම හරි අන්තිම මාස ටිකේ නම් දිගටම වගේ පන්ති ගියා. විභාගේ ළං වෙච්ච හින්දම නෙමේ. අපේ කලැස් එකේ එවුන් ඒ කාලේ අලුත් සෙල්ලමක් හොයාගෙන තිබ්බා K.I.N.G කින්ග්ස් කියලා.ඕක සෙල්ලම් කොරන්න තමා වැඩිපුර ගියේ.හොද ලොකු සපත්තු දෙකක් දාගෙන කෙල්ලෙක්ගේ කකුල් පාගෙන එක හරි ජොලි වැඩෙනේ. හි..හි..
හැබැයි ඉතින් මොනා වුණත් විභාගෙ නම් කොහොම හරි ගොඩදාගත්තා. හප්පච්චියේ ඉතින් ඒ කාලේ කොරපුවා. මතක් වෙච්ච වෙලාවක ඒවත් කියන්නම්කෝ....

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013