Followe කරන අය

දුරස්ථ පාලක පරිගණක (Remote Computer ඉගෙනගන්න)

පහුගිය ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසා බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා.හුග දවසකට පස්සේ තමා මේ පෝස්ට් එක දාන්නේ.අද දෙන්න යන්නේ එල සොෆ්ට් එකක් ගැන විස්තරයක්.කොහොමද ඉතින් ගෙදර ඉදලා වෙන කෙනෙක්ගේ පරිගනකයක සම්පූර්ණ පාලනය අපේ අතට ගන්න තිබ්බොත් එහෙම. එල නේද?ඔන්න එහෙම සොෆ්ට් එකක් ගැන තමා කියන්න යන්නේ.කරන හැටි පියවරෙන් පියවරට දාන්නම්.
Software එකේ නම Anyplace Control. මෙන්න මෙතනින් සොෆ්ට් එක බාගන්නකෝ. හැබැයි ඉතින් Trial   Setup එකක්.ඒ උනත් කමක් නෑ නේ අපේ වැඩේ වෙනවනම්. පස්සේ බැරියැ Full Setup එක download කරගන්න.

පළමු පියවර :
                            Software  එක Install  කරන්න ඕනේ මෙහෙමයි. ඔයාගේ පරිගණකයේ මේ Software එක Install කරද්දී කරන්න ඕනේ Admin Module විදිහට Install කරන එක. අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ මේක Install කරන්න ඕන Host Module විදිහට.

දෙවන පියවර :
               1. Install කරගත්තට පස්සේ මේ වගේ Window එකක් එයි. දැන් අපි කරන්න ඕනේ account එකක් හදාගන්න එක.
  
2. ඔයාලගේ E-mail address එකයි පාස්වර්ඩ් එකයි ගහලා account එක create කරගන්න.(ඔයාලගේ e-mail address පාස්වර්ඩ් එක නෙවෙයි. වෙන එකක්)

3. ඔයාලා හරියට account එක create කරගත්ත නම් ඊලග step එක මේ වගේ පෙන්වයි.

4.  ඔයාලගේ Host Module Connection ටික තමා මෙතන පෙන්වන්නේ.

තෙවෙනි පියවර :
                                     ඔන්න දැන් තමා වැදගත්ම හරිය. ඒ තමා Host Module එක Install කරන හැටි. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා IP Address එක හරහා Install කරන ක්‍රමය. අනික තමා අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයට මේ Soft එක අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම.
  
IP Address ක්‍රමය

                   
දැන් අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ IP Address  එක මෙතන Type කරන්න. IP Address එක හොයාගන්න හැටි කියල දෙන්න ඕනේ නෑනේ. ඕනෙ නම් පුංචි Tips එකක් දෙන්නම්.කෙල්ලොන්ට නම් මේ වැඩේ කරන්න හරි ලේසියි. ඉස්සෙල්ලම කෙල්ලට කියන්න google එකේ search කරන්න කියලා  what is my IP address කියලා. එතකොට එන ඕනේ  site එකක ඒ කෙල්ලගේ පරිගණකයට අදාල IP address එක තියනවා. ඉතින් ඊට පස්සේ ඒ IP නම්බර් එක ඉල්ලගන්න. (කෙල්ලෝ මෝඩයි කිව්වා නෙමේ. හොදද)

අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම



                   ඒ කිව්වේ මෙහෙමයි. මේ Soft එකේ Setup එක අරගෙන ගිහිල්ලා ඒ පරිගණකයේ 
Install කරන එක. නැත්තම් ඒ මැෂින් එකෙන්ම Setup එක බාගෙන Install කරන එක.හැබැයි Install කරද්දි වරද්දන්නේ නැතිව Host Module ක්‍රමයට Install කරන්න.Install කරද්දි මේ වගේ window
 එකක් එයි, ඒකේ Automatic කියන එකට ටික් එක දාලා Next කරන්න.

ඊළගට පාස්වර්ඩ් එකක් ගහන්න window එකක් එයි. එතෙන්ට අර කලින් ගහපු පාස්වර්ඩ් එකම ගහන්න.

 ඊලගට එන මේ window එකට අර ඔයාල කලින් ගහපු e-mail address එකයි. පාස්වර්ඩ් එකයි ගහන්න. ගහලා Next කරන්න.


ඔන්න Host Module එක Install කරගෙන ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ


ඔන්න ඉතින් වැඩේ ඉවරයි. වැඩේ 100% ෂුවර්. මම නම් මේක කරලත් බැලුවා. ආයේ ඉතින් මොන කතාද.(හැබැයි ඒ IP Address ක්‍රමේට නම් නෙවේ අනිත් ක්‍රමේට). වැඩේ කොහොමවත්ම තේරුණේ නැත්තම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මෙතනින් බලන්න.

Superhero (සුපිරි වීරයෙක්)

‍ෆිල්ම් එකේ නම "සුපිරි වීරයෙක්" උනාට ‍ෆිල්ම් එක නම් ෆුල් ජෝක් එකක්. ‍ෆිල්ම් එක තනිකර සුපිරි වීරයන්ට පහර ගහන්න හදපු ‍ෆිල්ම් එකක්. නියම කොමඩි ‍ෆිල්ම් එකක්.‍ෆිල්ම් එක නිකුත් උනේ 2008 මාර්තු 28 වනදා. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 75 යි. IMDB රේටින්ස් ගැන නම් පැහැදීමකට ලක් වෙන්න බෑ. මොකද IMDB රේටින්ස් 4.4 යි අරගෙන තියෙන්නේ. ඒ උනාට ‍ෆිල්ම් එක හොදා. ‍ෆිල්ම් එකේ රගපාන්නේ Drake Bell, Sara Paxton, Leslie Nielsen, Keith David සහ තවත් නළු නිළියන් පිරිසක්. ‍ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. 
   Rick කියන මේ තරුණ හාදයාට සතුන් පිළිබද පර්යේෂණ කරන ස්ථානයකට යන්න ලැබෙනවා. එහිදී මොහුට බත් කූරෙකු දෂ්ඨ කරනු ලබනවා. එයින් මොහුට සුපිරි බලයක් ලැබෙනවා. ඉතින් මොහු මේ සුපිරි බලය උපයෝගී කරගෙන කරන වීර වැඩ හාස්‍යයෙන් පිරුණු ඒවා. මේ ‍ෆිල්ම් එක පුරාම තියෙන්නේ ජෝක්. බාගෙනම බලන්නෝ. සුපිරි............
මතක ඇතුව කමෙන්‍ටුවක් දාලා යන්න හොදේ !

700MB පිටපත මෙතනින් බාගන්න!

චිත්‍රපට ඉතිහාසය

          කවුරු කවුරුත් ‍ෆිල්ම් බැලුවට හුග දෙනෙක් චිත්‍රපටි වල ඉතිහාසය දන්නේ නැති නිසා මේ පෝස්ට් එක දාන්න හිතුවා. මේකේ සදහන් වෙනවා ලෝකේ මුල්ම චිත්‍රපටය ගැනත්. ඔයාලා දන්නවද ඒ ‍ෆිල්ම් එක IMDB රේටින්ස් 8.0ක් අරන් තියනවා. මේ පෝස්ට් එක කියවලා බලන්නකෝ.    
                          චිත්‍රපට ඉතිහාසය, 19 වන සියවසේ අග භාගයේ සිට 21 වන සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කළාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙස වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් ඇති විය. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වන දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයරයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද දෙවන පරීක්ෂණාත්මක චිත්‍රපටය වන “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” (Roundhay Garden Scene,) දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමාණේක්ෂ කැමරා 12ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කළේය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11වන දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම අඟල් 21ක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක දී ඡායාරූප ගන්නා ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොළොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. එම දේශන මාලාව ප්‍රදර්ශනයේ “Midway Plaisance" ශාඛාවේ ඒ සඳහාම ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කරමින්, ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිතා ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශනය කළේය.

          රූප පේළියක් අඩංගු ප්‍රායෝගික ආකාරයක සෙලියුලොයිඩ් පටියක් නිර්මාණය කිරීමේ ගෞරවය, එඩ්සන් රසායනාගාරයන්හි ප්‍රධාන ඉංජිනේරු, විලියම් කෙනඩි ‍ලෝරි ඩික්සන් මහතාට හිමිවේ. මෙය චලන රූප කැමරාගත කිරීමේ සිහින්ව කපා ඉන්පසු රත් වූ පීඩන තහඩු මඟින් ඉවත් කෙරෙනු ලැබේ. ඉන් අනතුරුව ඒවා ඡායා සංවේදී ජෙලටීන් දිස්නමය ආලේපයකින් වසනු ලැබේ. 1893 දී චිකාගෝ ලෝක සැණකෙලියේ දී තෝමස් එඩිසන් විසින් මහජනාතාවට මෙම අලුත් නිමැවුම මත පදනම් වූ ප්‍රධාන නිමැවුම් 2ක් හඳුන්වා දුන්නෝය; එනම් ප්‍රථම ප්‍රායෝික චලන රූප කැමරාව වන “Kinetoscope” වේ. මෙහි පසුව සඳහන් කළ උපකරණය මඟින් චිත්‍රපටයේ සෙලියුලොයිඩ් අඛණ්ඩ ඡායාරූප තාපදීප්ත ලාම්පුවක් මඟින් පිටුපසෙහි ආලෝකමත් වූ අතර (මෙයට විදුලි මෝටරයක් මඟින් ශක්තිය සපයන ලදී) එය කු‍ඩාදේ විශාල කර බලන කාචයකින් දර්ශනය විය. නරඹන්නා විසින් උපනෙතක් තුළින් රූපය නරඹන ලදී. මෙම “Kinetoscope” හි ඇතුළත, ඩික්සන් විසින් එඩිසන්ගේ “Black Maria" චිත්‍රාගාරයේ දී ඡායාරූපගත කරන ලද අඩි 50 චිත්‍රපට කොටස්වලින් සමන්විත විය. මෙමඟින් සාමාන්‍ය රසවත් නොවන සිදුවීම් (1894 දී “ෆ්‍රෙඩ් ඔට්ගේ කිවිසුම” වැනි) මෙන්ම කරනම් වැනි විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියා, සංගීත ශාලා රැගුම් දක්වන්නන් සහ බොක්සිං නිරූපන ආදිය පටිගත කරනු ලැබුණි. “Kinetoscope” සාර්ථක ලෙස යුරෝපය කරා පැතිරිණි. කෙසේ නමුත්, ඔවුන් බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ පෙර පරීක්ෂණ සහ නව නිමැවුම් පිළිබඳ බොහෝ විශ්වාසය තබා සිටි බැවින්, එඩිසන් කිසිම දිනක අත්ලාන්තික්හි අනෙක් පැත්තට මෙම උපකරණවල පේටන්ට් බලය ලබා දුන්නේ නැත. මෙය බ්‍රිතාන්‍ය විදුලි ශිල්පී සහ විද්‍යාත්මක උපකරණ නිපැයුම්කරුවකු වන රොබට් ඩබ්. පෝල් සහ ඔහුගේ සහායක බර්ට් ඒකර්ස් විසින් අලු‍තින් නිපදවන ලද කැමරාව වැනි අනුකරණයන් සඳහා තුඩු දුන්නේය. පෝල්ගේ අදහස වූයේ චලන චිත්‍රයන් තනි නරඹන්නන්ට වඩා ප්‍රේක්ෂක කණ්ඩායම්වලට ප්‍රදර්ශනය කිරීමයි. එබැවින් ඔහු චිත්‍රපට ප්‍රක්ෂේපකයක් නිපද වූ අතර, 1895 දී එහි ප්‍රථම මහජන ප්‍රදර්ශනය පැවැත්විය.

මෙම වකවානුවේ දීම, ප්‍රංශයේ Auguste සහ Louis Lumière විසින්, කැමරාව, මුද්‍රණ යන්ත්‍රය සහ ප්‍රක්ෂේපකය යන 3ම එකම අඩංගු අතේ ගෙන යා හැකි උපකරණයක් වන “cinematograph” නිර්මාණය කළේය. 1895 අගභාගයේ පැරීසි නගරයේ Antoine Lumière පියතුමා විසින් මහජනයාගෙන් මුදල් අය කරමින් ප්‍රක්ෂේපිත චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කළේය. මෙමඟින් ප්‍රක්ෂේපනය සඳහා අවශ්‍ය මාධ්‍යය පිළිබඳ සංවාදයක් ආරම්භ විය. (1990 ,කුක්) “Workers Leaving the Lumière Factory” සහ “The Sprinkler Sprinkled” වැනි හාස්‍යජනක නාට්‍ය (1895) සමඟ ඔවුන් ඉතා ඉක්මනින් යුරෝපියෝ ප්‍රධාන නිෂ්පාදයන් බවට පත්විය. ආරම්භයේ දී ප්‍රක්ෂේපනය හෙලා දකිනු ලැබු එඩිසන් ද, මාස 6කට අඩු කාලයක දී “Vitascope” සමඟ මෙම රැල්ලට එකතු විය. යුරෝපයේ ප්‍රථම චලන රූප චිත්‍රපට හිමිකාරීත්වය ප්‍රදර්ශනය බර්ලින්හි මැක්ස් සහ එමිල් ස්ක්ලැඩනොවුස්කි සතු වන අතර ඔවුන් එය 1895 නොවැම්බර් 1 වන දින සිට 31 දින දක්වා "Bioscop" නැමැති චංචලන රහිත ද්විත්ව නිර්මාණ උපකරණය මඟින් ප්‍රක‍්ෂේපණය කළහ. එම වර්ෂයේදීම මැයි මාසයේ දී ඇමරිකාවේ ඉවුජීන් ඔග්ස්ටින් ‍ලෝස්ටේ විසින් Latham පවුල වෙනුවෙන් ඔහුගේ Eidoloscope උපකරණය නිර්මාණය කළේය. නමුත් ප්‍රථම මහජන චිත්‍රපට පෙර දැක්වීම කරනු ලැබුවේ ජීන් අයිමේ “ඇක්මේ” ලි රොයි නම් ප්‍රංශ ඡායාරූප ශිල්පියා විසිනි. ඔහු විසින් ඔහුගේ 40 වැනි උපන්දිනයේ දී තිබූ 1894 පෙ‍බරවාරි 5 වන දින ඔහුගේ “ආශ්චර්යමත් සිනමා රූප” නිව්යෝර්ක් නඟරයේ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමකට ප්‍රදර්ශනය කළේය. එකල චිත්‍රපට බොහොමයක් තාවකාලික වෙළඳසැල් ඉදිරිපිට අවකාශයෙහි සහ සංචාරක ප්‍රදර්ශකයන් හෝ විවිධ ප්‍රසංග වැඩසටහන් ආදිය හරහා දක්නට ලැබුණි. එක් චිත්‍රපටයක් මිනිත්තු එකක කාල සීමාවකට යටත් වූ අතර සාමාන්‍යයෙන් එක් ජවනිකාවක් ප්‍රදර්ශනය කෙරුණි. ඊට තාත්වික හෝ වේදිකාමය, එදිනෙදා ජීවිතය පිළිබඳ මහජන ක්‍රියාකාරකම් ක්‍රීඩා අංගයක්හෝ විනෝදජනක නාට්‍යයක් ඇතුළත් විය. මෙය තුළ සිනමා රූපී තාක්ෂණික ක්‍රම ඉතා අල්ප හෝ නැති තරම් විය. එමෙන්ම ඒවායෙහි සංස්කරණයක් නොමැති වූ අතර සාමාන්‍යයෙන් කැමරා චලන ද නොමැති නීරස නාට්‍යමය රචනා විය. නමුත් නවීන තාත්විකමය චලන ඡායාරූප, සියවස අවසාන වීමට පෙර ලෝකය පුරා රටවල චිත්‍රපට කර්මාන්තය වේගයෙන් පැතිර යාමට ප්‍රමාණවත් විය.


 උපුටා ගැනීම : විකිපීඩියා නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍. 

‍ෆිල්ම්ස් වල සින්දු කපන්න ඕනෙද!

හෙනම් ඉතින් මෙන්න Soft එක. පටස් ගාලා සින්දු කපන්න පුළුවන්. හරිම ලේසියි. පුන්චි Soft එකක්. ‍ෆිල්ම් එකේ කොලිටියටම වීඩියෝ එක කපන්න පුළුවන්. වීඩියෝ ෆෝමැට් දෙකයි තියෙන්නේ. AVI සහ MP4. හැබැයි ඉතින් AVI ‍ෆිල්ම්ස් වල විතරයි වීඩියෝ කපන්න පුළුවන්. ඒ උනාට අවුලක් නෑ. මොකද හුගක් ‍ෆිල්ම් AVI ෆෝමැට් එකෙන්නේ එන්නේ. දාගෙනම බලන්න. මේක XP වල නම් එකෙන්ම Install කරන්න පුළුවන්.Windows 7 වල Install කරද්දි නම් Run as Administrator විදිහට Install කරගන්න. ලින්ක් දෙකක් දාලා ඇති කැමති ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.
 මෙතනින් බාගන්න !
මෙතනින් බාගන්න !  
දිගටම ‍ෆිල්ම්ස් දැන්ම නිසා Softwere වලට කැමති කස්ටිය වෙනුවෙන් මේ පෝස්ට් එක දාන්න හිතුවා. ඒත් බය වෙන්න එපා ‍ෆිල්ම් ගැන දාන එකනම් නවත්තන්නේ නෑ. ඔයගොල්ලෝ බලන්න කැමති මොන වගේ චිත්‍රපටිද කියලා කිව්වොත් මට මගේ පොස්ට් එක දාන්න තවත් ලේසි වෙනවා.(etc. Engilsh, Hindi, Graphic, Action, Comedy, 18+)
මේ Soft එක ගැන මොකක් හරි Help එකක් ඕනේ නම් කමෙන්‍ටුවක් දාන්න.
 

ඔබේ රසාස්වාදය උදෙසා චිත්‍රපට ත්‍රිත්වයක්ම

The Sorcerer's Apprentice (2010)
 ද්භූත, මායාකාර චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ෆට්ටම ෆට්ට ‍ෆිල්ම් එකක්.මේක නිකුත් උනේ 2010 ජූලි 14 වනදා.IMDB  රේටින්ස් 6.3ක් මේ ‍ෆිල්ම් එක අරන් තියනවා. මේ ‍ෆිල්ම් එකේ රගපාන්නේ නිකලස් කේජ්, Jay Baruchel ,Alfred Molina, Jay Baruchel, Teresa Palmer, Monica Bellucci කියන කස්ටිය. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 109 යි. මෙම චිත්‍රපටය ක්‍රියාදාම, වික්‍රමාන්විත ස්වරූපයක් ගන්නවා. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් මෙන්න.

"අතීතයේ සිදුවූ ගැ‍ටුමක් හෙතුවෙන් බැල්තසාර්ගේ ප්‍රේමවන්තිය සතුරන් විසින් බෝතලයක සිරකරනු ලබනවා. ඇයව බේරා ගැනීමට නම් අනාගතයේ බිහිවන මායාකාරයෙක් සොයා යාමට ඔහුට සිදුවෙනවා. බැල්තසාර්ට ඔහුව සොයා ගැනීමට හැකි වෙනවා. නමුත් ඔහු සාමාන්‍ය පාසල් සිසුවෙක් පමණයි. බැල්තසාර් විසින් ඔහුට මායාවන් උගන්වනු ලබනවා."
                        ඔහුගේ ඉගැන්වීම් සාර්ථක වේද? ඔහුගේ ප්‍රේමවන්තිය බේරා ගැනීමට හැකි වේද? මේ ගමන ඉතා ලේසි පහසු ගමනක් නෙමේ. සටන් වලින් ත්‍රාසයෙන් පිරිච්ච එකක්. බාලම බලන්න.


700MB පිටපත මෙතනින් බාගන්න!
350MB පිටපත මෙතනින් බාගන්න!
 
Drag Me to Hell (2009) 
හොල්මන් ‍ෆිල්ම් වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ආයේ ඉතින් ෆට්ට හොල්මන් ‍ෆිල්ම් එකක්. මේක නිකුත් උනේ  2009 මැයි 29 වනදා. IMDB රේටින්ස් 7.0 මේ ‍ෆිල්ම් එක අරන් තියනවා.මේකේ රගපාන්නේ Alison Lohman, Justin Long, Lorna Raver, Dileep Rao කියන නළු නිළියෝ සෙට් එක. ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ විනාඩි 99 යි. පොළව පැළිලා අපායට ඔබව අරන් ගියොත් කොහොමට හිටීද? ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරක් මෙන්න.
 
‍"ෆිල්ම් එක පටන් ගන්නේ පොඩි ළමයෙක් පොළව ඇතුලට අරන් යන සීන් එකකින්.Christine Brown නම් තරුණිය පසුපස ගෙතුණ කතාවක් මේක. ඇය පසුපස හොල්මන් කාන්තාවක් හඹා ඒමට පටන් ගන්නවා. ඒ කුමක් නිසාදැයි සොයා ගැනීමට මේ තරුණිය උත්සහ දරනවා. එම කාර්යය ඉතා පහසු කාර්යයක් නොවේ. හොල්මන් සමග ඇයට සිදු වෙනවා. අවසානයේ හොල්මන් පරදා ඇය ජය ගනීද?" එහෙනම් ඉතින් මේකත් බලන්න. 
 
700MB පිටපත මෙතනින් බාගන්න!

Wake Up Sid (2009)
හින්දි චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන් මේක. ආදරණීය කොමඩි කතාවක් කිව්වොත් හරි. මේක නිකුත් උනේ 2009 ඔක්තොම්බර් 2 වනදා.IMDB රේටින්ස් 7.4 අරන් තියනවා. මේ ‍ෆිල්ම් එකේ රගපාන්නේ Ranbir Kapoor, Konkona Sen Sharma, Rahul Khanna, Kashmira Shah කියන නළු නිළියෝ සෙට් එක. ධාවන කාලය විනාඩි 140 යි. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. 
 
 "මේ කතාව ගෙතෙන්නේ හරිම කම්මැලි තරුණයෙක් වටා. මේ තරුණයා සිඩ් මෙහෙරා. ඔහු තාමගේ කාමරයවත්, ඔහුගේ කෑම පිගානවත් පිරිසිදු නොකරන තරම් කම්මැලියෙක්. දවසක් ඔහු මිතුරෙකුගේ සාදයකට යනවා. එහිදී හමුවන තරුණියක් සමග ඔහු  මිතුරු වෙනවා. මොවුන් ඉතා හොද මිතුරන් වෙනවා. සිඩ් ගේ මේ කම්මැලි ජීවිතය නැති කරන්න මේ තරුණිය උත්සහ ගන්නවා. ඇයට එය කළ හැකි වේද?" එහෙනම් ඒක ‍ෆිල්ම් එක බලලම බලන්නකෝ.
700MB පිටපත මෙතනින් බාගන්න!

**<ඔයාලගේ ප්‍රතිචාර බොහොම වැදගත්>**

Bangkok Dangerous (බැංකොක් භයානකයි) -සිංහල උපසිරස සමග-

න්න අද සිංහල සබ්ස් එක්කම ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේ ‍ෆිල්ම් එක තිරගත උනේ 2008. ‍ෆිල්ම් එකේ නම Bangkok Dangerous. රගපාන්නේ සුපිරි නළු නිකලස් කේජ්. ධාවන කාලය විනාඩි 99 යි. මරු ‍ෆිල්ම් එක. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

නිකලස් කේජ් මුදලට මිනී මරන්නෙක්. ඔහු ඉතා සූක්ෂමව එම වැඩ කිරීමට හපනෙක්. ඔහුගේ අවසාන රාජකාරිය කිරීමට ඔහු බැංකොක් නගරයට පැමිනේ. එහිදී ඔහුට හිමි වන්නේ ඉලක්ක හතරක්. ඔහු එහිදී කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවක්ද සාදා ගනී.
ඔහු මෙම ඉලක්ක හතරෙන් තුනක් සාර්ථකව සපුරා ගනී. ඔහුගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමට ඔහුට හැකිවේද? ඔහුගේ ප්‍රේම සම්බන්ධයට කුමක් වේද? අවසනයේ ඔහුට කුමක් වේද? ඉතිංඔය ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න නම් මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනවා."



700 පිටපත මෙතනින් බාගන්න
සිංහල උපසිරස මෙතනින් බාගන්න
ඉංග්‍රීසි උපසිරස මෙතනින් බාගන්න
සිංහල උපසිරස වල කිසියම් දෝෂයක් ඇත්නම් ඒ පිළිබදව සමාවෙන මෙන් ඉල්ලා සිටිමි. 

Action Repaly බැලුවද?

බැලුවේ නැත්තම් ටක් ගාලා බලන්න. පට්ටම ෆට්ට ‍ෆිල්ම් එකක්. මේක හාස්‍ය පිරුණු ලව් ස්ටෝරී එකක්. මේ ‍ෆිල්ම් එකේ රගපාන්නේ Akshay Kumara , Aishwarya Rai , Neha Dhupia , Randhir Kapoor , Om Puri , Rajpal Yadav කියන සුපිරි නළුවේ සෙට් එක. දන්නවනේ ඉතින් අක්ෂේගේ ‍ෆිල්ම් එකක් කිව්වොත්. මේ ‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 නොවැම්බර් 5. මේ ‍ෆිල්ම් එකේ ධාවන කාලය ලෙස සටහන් වෙන්නේ පැය 2 විනාඩි 9 යි. නියම සින්දු සෙට් එකකුත් තියනවා. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

"බන්ටි විවාහ වීමට අකමැති තරුණයෙක්. මොකද ඔහුගේ දෙමාව්පියන් නිතරම රණ්ඩු කරන නිසා. ඔවුන් කිසි විටකත් සතුටින් සිටින්නේ නැත. මේ නිසා බන්ටි විවාහ වීමට බය වෙයි. ඔහු යාළු වී සිටින පෙම්වතියගේ සීයා මහාචාර්යවරයෙකි. ඔහු විසින් කාලයේ ආපස්සට ගමන් කර හැකි අති නවීන යන්ත්‍රයක් නිපදවා තිබේ. බන්ටි එය උපයෝගී කරගෙන කාලයේ ආපස්සට ගමන් කර තම දෙමව්පියන්ගේ විවාහ ජීවිතය ප්‍රීතිමත් එකක් කිරීමට උත්සහ දරයි. ඔහුට එය කිරීමට හැකි වේද? එහෙනම් ඉතින් මේ ‍ෆිල්ම් එක බලන්නම් වෙනවා."

700MB පිටපත මෙතනින් බාගන්න
 
අක්ෂේ කුමාර් රගපාපු ඔය වගේම තව ‍ෆිල්ම් සෙට් එකක් තියනවා. බලලා නැත්තම් බලන්න..ආයේ ඉතින් කියලා වැඩක් නෑ... එල
Bhagam Bhag [2006]
Chandni.Chowk.to.China[2009]
De Dana Dan 2009
Heyy Baby
House Full 2010
Singh Is Kinng
Kambakkth Ishq
Khatta Meetha 2010

මගේ පොස්ට් එක හොදනම් කමෙන්ට් පාරක් දෙන්නො.
 

Audio ටැග් කරන්න නියම Soft එකක්

                     න්න ඉතින් අද කියන්න හදන්නේ Audio ලේසියෙන් Tag & Rename කරන්න පුළුවන් සොෆ්ට් එකක් ගැන. කස්ටිය මේ ගැන දන්නවත් ඇති. දන්නේ නැති කට්ටිය අහගන්නකෝ.ඔයාලා දන්නවනේ Tag කියන්නේ මොකක්ද කියලා. Mp3 Song වල Artist ගේ Name එකටයි Album එකේ Name එකටයි. ඔය එක එක්කෙනා Presentz කළා කියලා නම් දාන්නේ.
උදා:-Music.lk
        Elakiri.com
        Samma Presentz  වගේ. තව Audio  එකට ඔයාලගේ ෆොටෝ එකක් දාන්න උනත් පුළුවන්. මොනා කරන්නත් කලින් මෙන්න මේ  සොෆ්ට්වෙයා එක Downlaod කරගෙන ඉන්න.
                            Click Here

ඔය ලින්ක් එක වැඩ කරන්නේ නැත්තම් මේ ලින්ක් එක පාවිච්චි කරන්න. 

සොෆ්ට්වෙයා එක Install කරලා Open කරද්දි Serial  එකක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න.

Name  : Peter Zuma
Serial: TR-CMTkNjsbPV-XFLTQGnYpm-FKNvLmSfrn




1.මුලින්ම ඔයාලට Tag කරන්න ඕන Mp3 Song එක උඩ Right Click කරලා Tag and Rename සොෆ්ට්වෙයා එක Open කරගන්න.

2.ඊට පස්සේ මෙන්න මේ වගේ Window එකක් එයි.  

3.ඊට පස්සේ මේ වගේ Window එකක් Open වෙයි.

4.ඊට පස්සේ තමන්ට කැමති විදිහකට Audio එක Edit කරගන්න.

මේ සොෆ්ට්වෙයා එකේ අලුත් Version ඇවිත් තියනවා. මේක ටිකක් පරණ Version එකක්. අලුත් Version එක මීට වඩා ටිකක් වෙනස්. මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා බලන්න. උත්සහ කරන්න මේකේ තියන අනිත් වැඩ කෑලි ඉගෙන ගන්න. මොකක් හරි උදව්වක් ඕනේ නම් කමෙන්‍ටුවක් දාන්න.


ඔන්න අද චිත්‍රපටි දෙකක්ම

13 (2010)

                 ඔන්න අද චිත්‍රපටි දෙකක්ම දෙන්න හිතුවා.මුල්ම චිත්‍රපටය තමයි. අංක 13. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

        වින්ස් නැමති තැනැත්තා නිවාස වයරින් කරන තරුණයෙකි. ඔහු වැඩ කරන නිවසේ පුද්ගලයා හදිසියේම දිවි නසාගනී. ඔහුට ලැබුණ එක් ලියුමක් හේතුවෙන් ඔය සිය දිවි නසාගත්තේය. මෙම ලියුම වින්ස් නැමති තරුණයාට දකින්නට ලැබේ. එහි සදහන් වෙන්නේ මුදල් සෙවීමට අවශ්‍යය නම් පැමිණෙන ලෙසය. එහි ලිපිනයක් සහ ඩොලර් කීපයක් දමා ඇත . මෙම තරුණයා එම ස්ථානය සොයා යයි. ඔහු සිතන්නේ එය කැසිනෝ ක්‍රීඩාවක් කියාය. නමුත් ඇත්තේ එවනි දෙයක් නොව.. තම ජීවිතයත් සමග කරන ක්‍රීඩාවක්ය. මේ ක්‍රීඩාව කුමක්ද? අවසානයේ එම තරුණයාට කුමක් සිදුවේද? ඒ ගැන දැන ගන්නම ඕනේ නම් මේ ‍ෆිල්ම් එක බලන්නම වෙනවා. ෆට්ට ‍ෆිල්ම් එකක්. 

          මේ ‍ෆිල්ම් එකේ සුප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක්ම රගපානවා. Jason Statham, Mickey Rourke, David Zayas, 50 Cent,  Michael Shannon.මේ ‍ෆිල්ම් එක නාට්‍යම, ත්‍රාසජනක ස්වරූපයක් ගන්නවා. IMDB රේටිං 6.6 මේ ‍ෆිල්ම් එක අරන් තියනවා. ධාවන කාලය විනාඩි 97. බාගෙනම බලන්නෝ!!!!!!

700MB පිටපත මෙතනින් බාගන්න.

*******************************************************

Takers (2010)

                           මේ ‍ෆිල්ම් එක නිකුත් උනේ 2010 අගෝස්තු 27 වෙනිදා. බෙදා හැරීම Sony Pictures සමාගම විසිනුයි.ධාවන කාලය විනාඩි 107. නියම ‍ෆිල්ම් එකක්. ‍ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්.
මේ ‍ෆිල්ම් එකෙන් කියවෙන්නේ ඉතාමත් දක්ෂ බැංකු මංකොල්ලකාර කණ්ඩායමක් ගැන.මොවුන් ඉතාමත් සූක්ෂම ලෙස බැංකු මංකොල්ලකෑම් සිදු කරනවා. ඔවුන්ගේ කණ්ඩායමට අලුත් සගයෙක් එකතු වෙනවා. මොහුත් සමග ඔවුන් විසින් සිදු කරන මංකොල්ලය සාර්ථක වෙනවා. මොවුන් පසුපස හඹා එන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු විසින් මේ මංකොල්ලයේ සුල මුල සොයා ගනු ලබනවා.  මේ කණ්ඩායමේ සගයන් එකින් එක මිය යාමට පටන් ගන්නවා. එය සිදුවන්නේ අලුත් සගයා නිසාද නැත්තම් පොලිසිය නිසාද? අවසානයේ මේ කණ්ඩායමට කුමක් වේද? මේ ගැන දැන ගන්න නම් මේ ‍ෆිල්ම් ඒකත් බලන්නම වෙනවා.
       මේ ‍ෆිල්ම් එකෙත් ප්‍රසිද්ධ නළු නිළියන් කීප දෙනෙක්ම රගපානවා. Chris Brown,Matt Dillon,Michael Ealy, T.I., Paul Walker. IMDB රේටිංස් 5.6 .මේ ‍ෆිල්ම් එක ක්‍රියාදාම,අපරාධ,ත්‍රාසජනක වර්ගයට අයත් වෙනවා..බාගෙන බලන්නෝ!!!!!!!!!

400MB පිටපත මෙතනින් බාගන්න.

700MB පිටපත මෙතනින් බාගන්න.

‍.ෆිල්ම් ටික හොද නම් කමෙන්‍ටුවක් දාල යන්න අමතක කරන්න එපා.

අන්තර්ජාල ආරක්ෂාව නොමිලේ

පි හැමෝටම තියන ප්‍රධාන ප්‍රශ්ණයක් තමා අන්තර්ජාලය හරහා ඉබේම අපේ පරිගණකයට වෛරස්,ඇඩ්වේයා,මැල්වෙයා වැනි හානිකර දෑ  ඩවුන්ලෝඩ් වීම. මේකට පුන්චි පිළියමක් හොයා ගත්තා. ඒ තමයි වෙබ් ‍ෆිල්ටරිං (Web Filtering)  වැඩසටහන්. මේවා ඉන්ටනෙට් හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.

 ස්කෑන්ඩු (Scandoo) හා සයිට් ඇඩ්වයිසර් (Site Adviser) යනු ඒ වගේ වැඩසටහන් දෙකක්.ඉතින් ඒකෙන් මම කියන්න හදන්නේ සයිට් ඇඩ්වයිසර් ගැන.


සයිට් ඇඩ්වයිසර්

මෙය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සර් දෙකටම ගැලපෙන ප්ලග්-ඉන්(Plug In) එකක්. මේ වැඩසටහන මගින් සෑම වෙබ් අඩවියක්ම පෙන්වන්නේ සංඥා වර්ණ උපයෝගි කරගෙනයි.මෙන්න මෙතනින් ගිහින් මේ ප්ලග්-ඉන් එක ඉන්ස්ටෝල් කරගන්න.
Download Here
           ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේක නරක වෙබ් අඩවියක්ද හොද වෙබ් අඩවියක්ද කියලා හොයා ගන්නේ මෙන්න මෙහෙමයි.

1) වෙබ් බ්‍රව්සරයෙන් අපි වෙබ් අඩවියකට පිවිසෙන්නට ඉල්ලා සිටින විට සයිට් ඇඩ්වයිසර් විසින් එය රතුපාටින් සලකුනු කරයි නම් තත්වය නරකය. ඒ වෙබ් අඩවිය ස්පෑම් කිරීමට,ඉබේම මැල්වෙයා ඩවුන්ලෝඩ් කරන හෝ වෙනත් අනතුරක් ඇති වෙබ් අඩවියකි.එහෙත් පරිශීලකයා කැමති නම් එයට යන්නට බාධාවක් නැත.

2)  කහපාටින් සංඥා කරන වෙබ් අඩවි අඩමාන ඒවාය (50%)  සමහරවිට එහි අනතුරක් තිබෙන්නටත් පුළුවන, නොතිබෙන්නත් පුළුවන.

3) කිසිම අනතුරක් නැති ඉතා පිරිසුදු වෙබ් අඩවි පෙන්වන්නේ කොළ පැහැති සළකුණකිනි. ඉතින් එම වෙබ් අඩවියට පිවිසීමට ඔබ බිය විය යුතු නැත.


මෙසේ නරක පෙන්වන වෙලාවක, ඒ මොන තාලයේ නරකක්දැයි සොයා ගැනීමට අවශ්‍ය නම් ඒ වර්ණ සළකුණ උඩට මවුසය ගෙන යා යුතුය. එවිට එන කුඩා බැලූන් සටහනක් තුළ ඒ විස්තර පෙන්වයි.
යම් හෙයකින් ඉතාමත් නරක වෙබ් අඩවියක් හමුවූවහොත් වර්ණ සංඥා දීම පැත්තක දමා "සයිට් ඇඩ්වයිසර්" වැඩසටහන මගින් ඒ වෙබ් අඩවියට පිවිසීම වලකයි. එහෙත් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හරහා මේ හපන්කම කරන්න බැරිය(බ්ලොක් කිරීම) පුළුවන් වන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තුළදී පමණය.

                     පොස්ට් එක හොද නම් පොඩ් කමෙන්ට් පාරක් දාලා යන්න

30 MB මෙහෙයුම් පද්ධතිය

      ඔන්න අද කියන්න යන්නේ 30 MB මෙහෙයුම් පද්ධතියක් ගැන..දන්න තරමින් මේක තමා ලෝකේ කුඩාම මෙහෙයුම් පද්ධතිය..මේක ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. මේකෙ නම තමා ස්ලිටාස්(SliTaz)
දෙනට මේකේ සංස්කරණ කීපයක් ඇවිත් තියනවා. මේක ක්‍රියාත්මක වෙන්න අපේ හාඩ් එකෙ තියෙන්න ඕනේ 100 MB ඉඩක් විතරයි.. අනිත් හැම මෙහෙයුම් පද්ධතියකම තියෙන පහසුකම් මේකේ තියනවා. වෙබ් බ්‍රව්සරයක්, මීඩියා ප්ලේයරයක්, ඇතුලු බොහෝ දේ. මේකත් එක්ක වැඩ කරන ඇප්ලිකේෂන් ඕන තරම් නෙට් එකෙන් හොයා ගන්න පුලුවන්.
 

         කැමති කස්ටිය ඉන්නවනම් මෙන්න මෙතනින් බාගන්නකෝ

                                                 CLICK

             ඔයාලට මේ ලිපිය වැදගත් උනා නම් පොඩි කමෙන්ට් පාරක් දාගෙන යන්න හොදේ

2011 එන ‍ෆිල්ම් සෙට් එක

                         
                    හැමෝටම සුභ අලුත් අවුරුදක් වේවා..!! ඉතින් මේ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරිලා ශ්‍රී සුභ අලුත් අවුරුද්දක්ම වෙන්න ඕනේ. 
                                  ඔන්න අලුත් අවුරුද්දේ මුලින්ම මම දෙන්න හිතුවේ මේ අවුරුද්දේ එන්න තියන ‍ෆිල්ම් සෙට් එක මොනවද කියලා. කලින් තියාම දැනගන්න එක හොදයි නේ.
         ආයේ ඉතින් එන්නේ පට්ටම ෆට්ට ‍ෆිල්ම් සෙට් එකක්. කලින් ආපු හැම ‍ෆිල්ම් එකකම තව අලුත් කොටසක් මේ  අවුරුද්දේ එනවා.

ඒ අතරින් මෙන්න මේ ‍ෆිල්ම්ස් ටික ප්‍රධාන තැනක් ගන්නවා,             

Pirates of The Caribbean 4
Kung Fu Panda 2
Hangover 2
Cars 2 
Transformers 3 Dark of the Moon 
Harry Potter 8
Piranha 3DD
Saw 8

Alvin and the Chipmunks 3


      ඉතුරු සෙට් එක ගැනත් දැන ගන්න ඕනෙ නම් මේ ලින්ක් එකට යන්න.

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013