Followe කරන අය

අවුරුද්දේ අන්තිම දවසේ වෙච්ව සින් කෝන් එකක්

2010.12.31 ඒ කියන්නේ අද, අවුරුද්දේ අන්තිම දවසේ මට වෙච්ච සීන් එකක් මේක.. මේක blog එකේ දාන්න වටිනව කියලා හිතුනා.
  කොහොමහරි හවස් යාමේ මගේ පරණ දඩුමොණරගේ නැගලා මගේ යාළුවෙක්ගේ ගෙදර ගියා. ගොහින් එන ගමන් ටවුන් එකේ කඩේකට ගොඩ උනා ෆෝන් එකට කාඩ් එකක් ගන්න.. සල්ලි ගන්න සාක්කුවට අත දාල බැලින්නම්.. හුටා!!! පර්ස් එක නෑ..කෙලියා නේද තාප්පෙට? පර්ස් එකේ රුපියල් 2750. මගේ හැදුනුම්පතයි..තව ලියකියවිලි වගයකුයි ඒකේ..හෙල්මට් එකත් කඩේ දාල සු‍ටුස් ගාලා මම පාර දිගේ හොයාගෙන යාළුවගේ ගෙදරත් ගියා..මගදිගටම බැලුවා.. කොහෙද ඒත් බඩු නෑ.. දැන් ඉතින් මොනවා කරන්නද, ආපහු ගෙදර ආවා. ගෙට ගොඩ උනා විතරයි,මෙන්න නාදුනන නම්බර් එකකින් කෝල් එකක්. ඉස්සුව බලන්න මොකාද මේ කියල. කොල්ලෙක් කතා කරල මගේ වාසගම කියල, ඒ මමද කියලා අහපි.
                                              ඒ ඉතින් මම නිසා මම ඔව් කියල කිව්ව. පොර කියනව මල්ලිගෙ පර්ස් එක නැති උනා නේද? ඒක මට හම්බ උනා ඇවිත් අරන් යන්න කියලා.. අප්ප්ට සිරි ඒක මගේ පෙර ආත්මේ වාසනාවක්ද කොහෙද, මම නම් හිතුවෙම ආයෙ හම්බ වෙන එකක් නෑ කියල. මටත් ඉතින් අදහගන්න බෑ.. ටකස් ගාල දඩුමොණරේ නැගල පොර එන්න කියපු තැනට ගියා... මෙන්න ඉන්නව පොර, මට දණගල වදින්න හිතුනා.. මොකද අද කාලේ මේ වගේ මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි. මම ඉතින් මගේ අනන්‍යතාව තහවුරු කරලා, මගේ පර්ස් එකත් අරගෙන පොරට අම්බානක තෑන්ක්ස් කරල එන්න ආවා.. කොහොමහරි අවුරුද්දේ අන්තිම දවසේ.. අවුරුද්දටම ඇති වෙන්න වෙච්ච සින් කෝන් එකක් තමා මේක.. 

We are Family (අපි පවුලක්)

        ‍ෆිල්ම්ම දුන්න හින්ද ඔන්න තව ‍ෆිල්ම් එකක් දෙන්න හිතුවා. සමහරවිට ඔයාල මේක බලලත් ඇති. බලපු නැති අය බාගෙන බලන්නකෝ.
                                              මේක පවුල් ස්ටෝරියක්.. පවුලේ සැමට එකට හිද නැරබිය හැකි කිව්වොත් හරි වෙන්න ඇති, ඕන කෙහෙල්මලක්.
   මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ සිද්දාර්ත් මල්හෝත්‍රා විසිනුයි. නිෂ්පාදනය කරන් ජොහාර්. කරීනා කපූර්, කාජල්,අර්ජුන් රාම්පාල් මෙහි ප්‍රධාන චරිත රගපානවා.තව කස්ටියකුත් මේකෙ රගපානවා. ධාවන කාලය විනාඩි 115. රූපගත කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල.ලස්සන සිංදු ටිකකුත් තියනව. මෙන්න ‍ෆිල්ම් ස්ටෝරිය,
                                                       "මායා නුවණැති මවකි. ඇයගේ ජීවිතයේ සියලු දෑ තම දරුවන් වෙනුවෙන් කැප කරයි. දරුවනුත් මවට බොහේ සෙයින් ආදරය කරයි. මායාගේ දරුවන් වන්නේ අලේයා,අන්කුෂ් සහ ඩීයා යන තිදෙනාය. මායා තම සැමියා වූ අමාන්ගෙන් නීත්‍යානුකූලව  වෙන් වී සිටියි.අමාන්ගෙන් වෙන් වී සිටියද මායා තම පවුලේ කටයුතු සාර්ථකව කරගෙන යයි. ඔවුන් දික්කසාද වී ඇත්තේ මායට සුව කළ නොහැකි පිළිකාවක් ඇති නිසාය. කාලයත් සමග අමාන් නැවත විවාහ වෙයි. ඒ කාලයක සිට අමාන්ගේ පෙම්වතිය වූ ශ්‍රියා සමගින්ය.ශ්‍රියා අමන්ගේ කලින් බිරිද වාසය කරන නිවසටම පැමිනෙන අතර. ඉන්පසුව එකිනෙකා අතර ප්‍රශ්න හට ගනී....නමුත් නුවණැති මායා ඒ සෑම ප්‍රශ්නයකටම නිර්භීතව මුහුණ දේ.ඒ තුලින් ශ්‍රියා මෙන්ම මායාද අමන්ගේ සිත දිනා ගැනීමට සමත් වේ.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්න.

මෙන්න මෙතනින් බාගන්න
           Download Here 

No Problem (කිසි ප්‍රශ්ණයක් නෑ)

 ඔන්න ඕන කෙහෙල්මලක් කියලා තව ‍ෆිල්ම් එකක් දෙන්න මම හිතුවා. මේක හින්දි චිත්‍රපටි වලට කැමති කස්ටිය වෙනුවෙන්..
                                     මේක කොමඩි ‍ෆිල්ම් එකක්. තිරගත වීම ආරම්භ උනේ පසුගිය දෙසැම්බර් 10 වෙනිදා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු අනිල් කපූර් විසිනුයි.
මේ චිත්‍රපටය තිරගතවූ මුල් දිනයේම ඉන්දීය ‍රැපියල් කෝටි 4.5ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ‍ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා..මේ ‍ෆිල්ම් එකේ ප්‍රධන චරිත රගපාන්නේ අනිල් කපූර්, සංජය දත්, සුස්මිතා සෙන් සහ ආක්ෂය ඛන්නා,සෙසු චරිත සදහා සුනිල් ෂෙට්ටි,ශක්ති කපූර් වැනි නළු නිළියන් සහභාගිවී තියෙනවා.වැඩි කතා ඕනෙ නෑ, මෙන්න මේකයි ‍ෆිල්ම් එකේ ස්ටෝරිය.
              
                    "චිත්‍රපටයේ එන යශ් සහ රාජ් සොරුන් දෙදෙනෙකි.යහපත් පවුල් ජීවිතයක් ගත කරන අර්ජුන් සිං සහ කාජල් අතරට නොසිතූ අවස්ථාවක මෙම  සොරුන්ගේ පැමිණීම සිදුවේ. එය වැටලීම සදහා පොලිස් නිලධාරියකුගේ සහය ලැබේ. නමුත්...සෙන්දුලාල් සහ මාර්කෝ, රාජ් සහ යශ්ට සැමවිටම සහය ලබාදේ. අවසානයේ අර්ජුන් සහ කාජල්ගේ දියණිය සොරා ගැනීමට මොවුන් සියලු දෙනා සැලසුම් කරන අතර එය හාස්‍යයෙන් පිරුණු මෙහෙයුමක් බවට පත්වේ" 

තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ ‍ෆිල්ම් නියම සින්දු ටිකකුත් තියනවා.. චිත්‍රපටයේ එන "නෝ ප්‍රොබ්ලම්" කියන ගීතය මේ වෙනවිට බොලිවුඩ් ගීත දර්ශකයේද ඉහළ ස්ථානයක පසු වෙනවා..
බාගෙනම බලන්නකෝ.. ‍ෆිල්ම් එක හොද නම් කමෙන්ට් පාරක් දාගෙනම යන්න හොදේ....
මෙන්න මෙතනින් බාගන්න 
                  Download Here                     

Splice (එකතුව)


හුග දවසකින් මොනවත් දාන්න බැරි උන හින්දා මම හිතුවා අද ඔයාලට බලන්න හොද ඉංග්‍රීසි චිත්‍රපටයක් ගැන විස්තරයක් දෙන්න.

              මිනිස් ජාන 75% සහ සත්ව ජාන 25% යොදා ගනිමින් ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් නවීන තාක්ෂණය යොදා අලුත්ම පරීක්ෂණයක් සිදු කරන්නට සැරසේ.මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ වෛද්‍ය වෘත්තියේ ප්‍රවීණයන් දෙදෙනෙක් වූ නිකොලි සහ එල්ශා කැස්ට් දෙදෙනාය.මාස කීපයක් තිස්සේ සිය පරීක්ෂණ කටයුතු රහසිගතව සිදු කරනු ලබන ඔවුන් දෙදෙනාට අවසන් පරීක්ෂණයෙදී නොසිතූ ඇබැද්දියකට මුහුන දීමට සිදුවේ. මෙම පරීක්ෂණ කටයුතුවල ප්‍රතිඵලයක් ලෙසින් ඔවුන්ට මිනිසෙකු මෙන් හැඩති,සත්වයෙකු මෙන් ක්‍රියාකාරකම් ඇති අපූර්වතම ජීවියෙක් සොයා ගැනීමට හැකියාව ලැබේ. ඉතා කෙටි කාලයක් තුලදී වැඩෙන මෙම අපූර්වතම ජීවියාට දිගු වලිගයක්, ඉතා වේගයෙන් පැනීමට හා දිවයාමට හැකි පාද යුගලක් මෙන්ම අත්තටු සහිත ශක්තිමත් සිරුරක්ද පිහිටා ඇත. මිනිසෙකුට වඩා වෙනස් හැඩැති මෙම ජීවියාට ඔවුන් ඩ්‍රෙන් ලෙස නම් තබයි. කිසිවෙකු හිංසා කරතැයි යන බියෙන් නිකොලි එම ජීවියා මරා දැමීමට සූදානම් වූවත් එල්ශා මැදිහත්ව ඔහු බේරා ගනී. කෙසේ වෙතත්...ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා කෙටි කාලයකින් වැඩෙන මෙම ජීවියා තමාට උදව් උපකාර කරන සියල්ලෝම සතුරන් යැයි සිතා ඔවුන්ට පීඩා කරන්නට සූදානම් වේ. අවසානයේ කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ ඉතා දුක්බර අවස්ථාවකට මුහුණ දෙන්නට සිදුවේ.

 2010 ජූනි මස '' වෝනර්ස් බ්‍රදර්ස් පික්චර්ස්'' සමාගමේ 21720 වැනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය ආරම්භ කල SPLICE  චිත්‍රපටයේ කතා තේමාව වන්නේ එයයි..
 
ෆිල්ම් එක බාගන්න මෙතනින්
 Download Here



ඔයාලත් මේ ‍ෆිල්ම් එක බලලා.. මගේ post එක හොදනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 
ඕන දෙයක් ඕන වෙලාවක © 2010-2013